Monday, October 9, 2017

Mr මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය පුහුණුවීම් ඇරඹේ

නාට්‍යවේදිනියක, සිනමාකාරිනියක, ළමා කතා රචිකාවියක මෙන් නවකතාකාරිනියක වන නදීකා බංඩාරගේ  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය නාට්‍යයේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි පිටපත ජෙනී තියටර් සහ ගැහැණුන්ගේ වේදිකාව ප්‍රකාශනයක් ලෙස එම නිෂ්පාදනය සඳහා අරමුදල් ගොඩ නැගීම සඳහා ප්‍රකාශනයට පත් කෙරී ඇත. 

චුල්ල ධනුද්ධර ජාතකය හා චාල්ස්ද සිල්වා ශූරීන්ගේ මනමේ නාඩගමත්, ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයත් තුළින් ගලා එන තුන්වෙනියාගේ ආගමනය හා ආශාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මනෝවිශ්ලේශණයක් මෙතුළ දකිත හැකිය. මෙම ජාතික සින්ඩ්‍රෝමය පොදුවේ සාර්වත්‍රික හා සර්වකාලීන මෙන්ම සර්ව භෞමික සින්ඩ්‍රෝමයක් ලෙස ස්ත්‍රී දැක්මකින් විස්තර කෙරෙන දීර්ඝ පෙරවදනක්ද මෙම පිටපතේ අඩංගුය.

“මනමේ කවි නාඩගම මනමේ කතාවේ සෑබෑ ඛේදවාචකයට මුහුණ දෙන්නෙ මනමේ කුමරිය නොව මනමේ කුමාරයා සහ මනමේ වැද්දාය. ඔවුන් එකිනෙකා හා දබර කර ගනු ලැබුවේ නොපවතින ආදර වස්තුවක් උදෙසාය. එහෙත් මනමේ කුමරියට පිරිමි අනුකම්පා කළේ සහ ඇය චපලයි කියා හිත හදා ගත් මනෝභ්‍රාන්තිය අප වැළඳ ගත්තේ ඇයි? 

මනමේ ජාතක කතාවේ කතා වින්‍යාසය ලෝකයේ බෙහෝ නවකථා, කවි, නාට්‍ය නිර්මාණවලට පසුබිම් වී ඇති ජනප්‍රිය කතා වින්‍යාසයක් ලෙස හඳුන්වා දිය හැක. උදාහරණයක් ලෙස රාම සීතා කතාව, ග්‍රීකයේ ඔරෙස්ටස් නාට්‍යයට පසුබිම් වූ කතා වස්තුව කතාව වැනි කතාවල ආකෘතිය ගොඩනැඟී ඇත්තේ තුන්වැනියෙකුගේ ආගමනයකින්. ඊට පස්සෙ වෙන දේ තමයි එතෙක් පැවති ව්‍යුහය අර්බුදයට යාම. (බොහෝ නාට්‍ය ආකෘතිද ගොඩ නැඟී ඇත්තේ එතෙක් පවතින ව්‍යුහය අර්බුදයට යාම ගොඩ නැගීම තුළිනි. විශේෂයෙන් පැරණි සංස්කෘත නාට්‍යද, ග්‍රීක ශෝකාන්ත බොහෝමයක්ද මෙකී ආකෘතිය ගනී. එය ජනප්‍රියම සහ පහසුම නාට්‍ය ආකෘතියකි.) ”

නදීකා ඩංඩාර, ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප් සහ කසුන් ජයරත්න  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය හි රංගනයෙන් දායක වෙති. රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙනි.  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.

No comments:

Post a Comment