Tuesday, August 21, 2018

නදීකා බණ්ඩාරගෙන් ‘අපේ නාට්‍යකරුවෝ’



නාට්‍යවේදිනී නදීකා බණ්ඩාරගේ ‘අපේ නාට්‍යකරුවෝ’ කෘතිය ග්‍රැෆිකෙයා ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී තිබේ.

1930 දශකයේ සිට මේ දක්වා නූතන ලාංකීය නාට්‍ය කලාව පෝෂණය කළ නාට්‍යකරුවන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව මෙම කෘතිය සම්පාදනය වී ඇත. මුද්‍රා නාට්‍යකරුවන්, සමකාලීන නර්තනවේදීන්, ගීත නාට්‍යකරුවන් පිළිබඳව සේම 1990න් පසු නව පරපුරේ නාට්‍යකරුවන් පිළිබඳවද මෙහි අඩංගු වේ.

ඉංග්‍රීසි හා දමිල නාට්‍යකරුවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහිතය.

අපොස සාමාන්‍ය පෙළ, උසස්පෙළ මෙන්ම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා නාට්‍ය හා රංග කලාව හදාරන සිසු සිසුවියන්ට ගුරුවරුන්ට මෙන්ම නාට්‍යලෝලී සැමට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සැකසී ඇත.   

Monday, August 13, 2018

නදීකා බංණ්ඩාරගෙන් ‘තෙත්භූමි’





නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ සැප්තැම්බර් 01 වනදා සවස 7.00ට නුගේගොඩ විජේරාම රෝයල් තැප්‍රොබේන් සංස්කෘතික අවකාශයේදී පැවැත්වේ.

  ප්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි. 

නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහ සහ පූර්ණිමා විජේසූරියගෙනි.

බුවනෙක කොශල්‍ය අංග රචනයෙන් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි. 

‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.