Monday, April 6, 2020

'තෙත් භූමි' නිර්භීත ප්‍රකාශනයක්



නදීකාගෙ 'තෙත් භූමි' නාට්‍යය මා දැක්ක නිර්භීත ප්‍රකාශනයක්. 

-ප්‍රියන්ත කළුආරච්චි




Nadeeka Bandara good job!!!!

-Nadie Wasalamudaliarachchi

Sunday, March 22, 2020

Anyway superb event.


මම තෙත් භූමි බැලුවා.

නියමයි. 
මාතර ඉදන් ආවෙ තෙත් භූමි ගැන දැනගෙන.නියම රංගනයක් දැක්කා විශේෂයෙන් ඔබ තුලින්.


Anyway superb event.



තව තවත් මේ වැනි කලා වැඩසටහන් බිහිවන්නේ නම් ලාංකීය කලාව හිරවී ඇති සංස්කෘතිය නැමති කලලයෙන් එලියට පැමින ලෝකය සමග තරගකාරී ගමනක් යෑමට අපටත් හැකිවේ යැයි සිතමි.



Chameen Rashmika
2019- 12- 29





   
10 September  2018 at 12:43


This play "Wet lands" by Nadeeka Bandara 
is an awesome play...
it's so alive, energetic, violent and cruel. 
It will make you uncomfortable 
but it will also make you think...

Wednesday, February 5, 2020

‘තෙත්භූමි’ භාවමය විචල්‍යතාව හා උපස්ථිතිවාදය.


නදීකාගේ ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ එන තේමා පොකුර තාන්ත්‍රික වෛශ්‍යාවකගේ, දිව්‍යමය වෙසඟනකගේ මෙලෙස පිරිමින්ව කිසිදු වෙනසකින් තොරව පිරිසිඳ ගැනීම, සමසරාගික හා විෂම සරාගිකත්වය, ස්ත්‍රී උමතුව, ත්‍රෛපාර්ශ්වීය ලිංගික සබඳතා, රුහිරු ප්‍රඥාව, යුනික ප්‍රඥාව, ගර්භ ප්‍රඥාව- වෛශ්‍යාමය ප්‍රඥාව  කැටි වූ උමතු ප්‍රඥාවත්, බටහිර රැඩිකල් ස්ත්‍රීවාදයේ දේශපාලනික මෙන්ම අරාජික විරෝධයත්, සමාජ ස්ත්‍රීවාදී පිවිතුරුවාදයත් අතර ගැටුමින් හට ගන්නකි.

ඇගේ උපස්ථිතිවාදය පැන නගින්නේද ඒ තුළ ග්‍රහණය කළ පසු අතුරුදන් වන මායාමය යථාර්ථය තුළිනි. කේතනය කළ නොහැකි හෝ විකේතනය කළ නොහැකි උභයවේගී, ස්ථාවරකරණය නොවන, අනිච්ඡ- අනිත්‍ය සංවේදනා හෝ හැඟීම් දහරාවන් උපස්ථිතිවාදී වේ. එහි ස්ථිතිය හසුකොට  ගත නොහේ. ඇත්තේ උපස්ථිතීන්ය. යථාර්තය නොව ධාරණාවන්ය. උත්පාදය හා භංගය තිථිය තුළම ගැබ්වේ. ඒ වටහා ගත් පසු එන ප්‍රභාවශීලී මනස ඉන් ස්පර්ශ වේ. සංකල්ප රූපික නොවන හා භාවමය වශයෙන් නාමකරණය හෝ කේතනය කළ නොහැකි ස්ථාවරකරණය හෝ උච්ඡාවස්ථාව පත් නොවන, තිරසර නොවන හැඟීම් උපස්ථිතිවාදය තුළ දකිත හැකිවේ.


see more

https://solanasarchive.blogspot.com/2020/02/blog-post.html

දියෝනිස් දෙවොල පාමුල සිට



අනොලි තමන් රිසි වූ කලාවේ උසස් තලයට යාමට අබිසෙස් ලැබීමට වරම් යැදීමට කලාවට අධිපති දෙවි වූ දියෝනිස්ගේ දෙවොලට පා තබයි.
නමුදු ඇයගේ සිහිනය බිඳලමින් අපේක්ෂිත දෙවොලද ඇය මත බිඳ වැටේ.ඇය ප්‍රර්ථනා කල දෙවියන් එහි සිටියේ නැත. දෙවියන්ගේ වෙස් ගත් රුදු යක්ෂයින් සහ දෙවියන් වටා සිටි පිරිස් නැවත නැවතත් ඇය තලා පෙලා දුක් කටොලු වලින් පිරි ජීවිතයකට ඇයව ඇද දමයි.




අනොලි යනු නදීකා බණ්ඩාර විසින් රචනා කරනු ලැබූ දියෝනිස් දෙවොල පාමුල නව කතාවේ හි දකින්නට ලැබෙන කතා නායිකාවයි.
කුඩා කල සිට රංගන ජිවිතයේ පෙළහර පෑමට ආසා කල ඇය තරුවක් වීමේ අභිප්‍රායෙන් කටයුතු කළාය. ඒ බව හොදින්ම වැටහෙන්නේ

84 වැනි පිටුවෙහි ඇති
මා එම කාලය පුරාවට හැසිරුණේ සුරංගනා කතාවක චරිතයක් මෙනි. එකෝමත් එක කාලයක කුඩා ගෑණු ළමයෙක් ජීවත් විය. ඇය රැඟුම් පෑමට ආශා කළාය. ඒවා හදන මිනිසුන් ඇත්තේ ඇය ජීවත් වූ ගම්මානයෙන් බොහෝ දුර බැහැරකය. යන ජෙදයෙනි.

රංගන ජිවිතයට ඇතුලත් වන තරුණියක වූ ඇය ඇය තරුණියක
ආදරවන්තියක, විරහා දුක් දරන්නියක , නිළියක , අතින් අතට යන කෙළිලොල් ගැහැනියක සහ අනියම් බිරිඳක ආදී වූ ගැහැණු චරිතයක වූ විවිධ පැතිකඩවල් ඇය ගේ ජිවන මංපෙතේ දී රඟ දක්වනු ලබයි. ඇය අත්වින්දින්නා වූ දුක් ගැහැට කම්කටොලු පිලිබඳ රසිකයාට අත්විදින්නට ලබා දෙන්නේ 84 වැනි පිටුවේ ඇති

"ඇය ඇගේ දෙමාපියන් අතහැර ඔවුන් සොයා ගැනීමට තනිව ගියාය. ඔවුන් සිටියේ විශාල ගල්දොරවල්වලින් වසන ලද විශාල මාලිගාවල ය. ඔවුන් සිටින තැන දන්නා මිනිසුන් ඔවුන් සිටින තැන පෙන්නීමට ඇගෙන් විශාල මුදලක් ඉල්ලුවෝය. එක් අයෙක් ඇගේ ලේ ඉල්ලුවේය. ඇය එය දුන්නාය. තවත් අයෙක් ඇගේ පෙනහැල්ලක් ඉල්ලුවේය. තවත් අයෙක් ඇගේ වකුගඩුවක් ඉල්ලුවේය. දැන් ඇයට යා ගත නොහැකිය. ඇය ක්ලාන්තව ඇද වැටුණාය. එහෙත් නැවතත් ඇය නැගිට්ටාය. කතාව තවම නිමි නැත. ඒ ඇය තවමත් ගමනේ සිටින නිසාය. ඇගේ කතාවේ ඉතිරි ටික මම තවම කියවා අවසාන නැත. එහි අවසානය මා කියවූ අන් ඕනෑම සුරංගනා කතාවක මෙන් සුන්දර අවසානයකට ළඟා වෙනු නොඅනුමාන ය."

එම විවිධ භූමිකාවන් හිදී රඟනා විට ශ්‍රී ලන්කියා කාන්තාවන්ගේ ජිවිතයේ බොහෝ දෙනෙකු නොදැකපු කතාබහට ලක් නොකළ පැතිකඩක් මෙම කෘතිය ඔස්සේ රසිකයාට දකින්නට කතුවරිය විසින් ඉඩ ලබා දී ඇත.ඇය දුටු දෙව්රු කෙමෙන් බිඳ වැටේ.දෙවිවරුන්ගේ වෙස් ගත යක්ෂයින් ඇයව බිලි ගෙන රුහිරු උරා බෝයි. යක්ෂයින්ගේ උගුල් වලට අසුව ඇය දුක් විඳි.දෙවියන් ඉදිරියේ ඇති තිරය පිටුපස තිබෙනේ දේව රුප නොව , යක්ෂ සිත් ඇති මිනිස් රුපය.ඇය දෙවොලට ඇතුල් වන්නේ තිරය පිටුපස ඇති වස්තුන් පිළිබඳව අනවබෝධයෙන් බව මෙම නව කතාවෙන් පිළිඹිබු වේ.ඇය දකින්නේ තිරය ඉදිරියෙහි ඇති විවිධලංකාර වෙස් ගත් දේව දුතයින් , දුතිකාවන් මියුරු යාතිකා ,භාජන් වැනි ආකර්ශනීය නාද රටාය.ඇයට වැරදුනේ මෙතැනය.

දියෝනිස් යනු පැරණි ග්‍රීක සාහිත්‍යයේ සශ්‍රීකත්වයට කලාවට සහ කාමයට අධිපති දෙවිඳුන් ලෙස සැලකේ.මිදී අස්වනු නෙලන සමයේදී ග්‍රීක වැසියන් විසින් මෙම දෙවියන් වෙනුවෙන් යාගහෝම පවත්වන ලදී. මෙහිදී අනොලි වේදිකාව සමගින් ආත්මයෙන්ම බැඳී සිටින චරිතයකි.ඇයගේ ප්‍රේමය පවත්වාගෙන යාමට තැත දරද්දී ඇය ජිවන අරගලයට මැදි වේ.ඇය වේදිකා රංගනවේදිනියක් බවට පත්වන්නේ පාසල් වියෙදීමය.පසුකාලීනව ඇයගේ සිතීමට විඳීමට සතුටට හේතුව වන්නේ වේදිකාවේදී හමුවූ පුද්ගලයින්ය.

අනොලි යනු නිදහස සොයා යන තරුණියකි.එමෙන්ම ප්‍රේමයට බොහෝ සේ ලැදි තැනැත්තියකි. ඇය වේදිකාවට පෙම් කරන අතර ඒ ඔස්සේ තම සිහින පසුපස හඹා යන තැනැත්තියකි. නමුදු මුදල ඉදිරියේදී ඇය බොහෝ විට අසරණ වේ.දුප්පත්කම අබියසදී ආදරය පෑල දොරෙන් පැන යයි.ලිංගික ශ්‍රමිකයෙකු වී ඇය ට කිහිපවතාවක්ම සිය දරු ගැබද ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. මෙම සෑම සිදුවීමකටම හේතුව වන්නේ ආර්ථික අහේනියයි.එය මුළු සමාජයම වෙලා ගත අන්ධකාරයකි. වත්මන් සමාජයේ සෑමදෙනාම මුහුණ දෙන ගැටලුවකි.

ඒ බව 276 වැනි පිටුවෙහි අන්තර්ගත වේ.

"අහස ඕනෑ තරම් ඉඩ තිබෙන බව ඇත්තය. එහෙත් අපට පියාඹන්නට පියාපත් තිබුණේ නැත. අපි හිරවෙලා හිටියේ අපේම ශරීර කූඩුව ඇතුළෙ ගැළවෙන්න බැරිව වගේ. අන්තිම වෙනකොට මම හරියටම තේරුම් ගත්ත එක දෙයක් තිබිණි. ඒ ආර්ථික නිදහස නැතිව අපිට මිනිස්සු වෙන්ඩ බෑ කියන කාරණය. සමහරක් විට මනුෂ්‍යත්වය පානය කිරීමේ ආශාවෙන් අපව එළියට ඇද දමන්නේ දුප්පත්කමයි."

මෙම කෘතියේ අන්තර්ගත දුර්වල තාවය නම් සියලුම කරුණු ව්‍යන්ග්‍යර්තයකින් හෝ සාහිත්‍ය රසයකින් තොරව අමු අමුවේ එලියට දැමීමයි.ස්ත්‍රී පුර්ෂ සහසම්බන්ධතාවයන් කෙලින්ම පාඨකයා වෙත ලංකරවිමෙලා ගත් තැත මෙහිදී දකින දුර්වලතාවයක් ලෙස මට දැනුනු දෙයකි.එමෙන්ම මෙහිදී ඇතිවන සම්බන්ධතාවයන් වාර්තා ස්වරූපයකින් ගැබ්විම පිළිබඳව ද කතුවරිය විසින් මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව දැනුණි.සාර්ථක නවකතාවක හෝ කෙටිකතාවක අන්තර්ගත විය යුතු ව්‍යන්ගාර්ථ , උපමා රූපක, ඉඟි වැකි වැනි සාහිත්‍යාංග අන්තර්ගත වුනි නම් මෙම කතාව මීට වඩා සාර්ථකව ගලා යාමට ඉඩ තිබුණි.

කළා කෘතියක් යනු සමාජයට යහපත් පණිවිඩයක් දෙන උසස් නිර්මාණයක් විය යුතුය.එම පණිවිඩය යහපත්විය යුතු අතර කළා කෘතියෙහි නිර්මාණයට සම්බන්ධ වන අය තරුණියක් , ගැහැනියක් සහ මවකගේ භූමිකාව පිළිබඳව ගෞරවයෙන් බැලිය යුතු බවට ව්‍යන්ග්‍යර්තයක් මෙහි අවසානයෙහි ගැබ් වේ.මන්ද....අනොලි නිත්‍යානුකුල පියකු නොමැතිව උපදින දරුවා ප්‍රතික්ෂේප කරයි. ඇය සමාජයට දෙන මෙම සෝචනීය පණිවිඩය වීදි දරුවන්ට පමණක් සිමා මායිම් වූ දෙයක් නොවන බව මට හැඟේ.

"පහන මුල අඳුරුය"

පහනින් ලැබෙන ආලෝකය ලැබෙන්නේ අවට පරිසරයටය. මෙම යථාර්තයෙහි සත්‍යබව තහවුරු කිරීමට නදීකා බණ්ඩාර ලේඛිකාව මෙම නව කතාව රචනා කලෙ'දැයි මට සැකයක් උපදී.

කෙසේ වුවද වත්මන් සමාජයේ කාලින ගැටළුවක් වූ සුපිරි තරු සිහිනය හඹා යන ළමා , තරුණ පරපුරට, අධ්‍යාපනය පවා අතහැර ඔවුන්ව පොළඹවන , මුදල් පසුපස හඹා යන ,දෙමවුපියන්ට මෙම නවකතාව මගින් එල්ල කරන රතු එලිය පිළිබඳව නදීකා බණ්ඩාර ලේඛිකාවට ස්තුතිවන්ත විය යුතුය.

නිලක්ෂි බණ්ඩාර

May be you will have to apply painkiller ointment after the play


Sep 28, 2018, 8:34 PM
https://mail.google.com/mail/u/0/images/cleardot.gif
https://mail.google.com/mail/u/0/images/cleardot.gif
- I watched your “theth boom” today from the first row and enjoyed it very much.

Thanks.

Uber Riyaz 

sep 28, 2018, 8:34 pm 



- Keep up your good work. Your “theth boomi” was so impressive and made me think some different angles of life which a woman goes through.

Thanks and all the best

Uber Riyaz 

sep 29, 2018, 9:51 pm 


-I witnessed your stage play “Theth Boomi” today and it was fantastic. Normally I don’t see stage dramas in Sri Lanka. I have seen many in overseas countries and in the internet as well. For the first time I came to see your play at Punchi Theatre a few months ago but today’s one was better than that. I actually decided to see your play because it said “Kureeru Ranganaya” which is the kind of plays I like to see. Every second of your play kept on inducing my thought process. And the acting of you and your team on the cement floor was unbelievable. May be you will have to apply painkiller ointment after the play😀..... just joking.

I watched your movie Rathu Sapatthu recently by your invitation. I was a bit confused with the story, may be I have to see again to understand it well.....lol.  You were absent stating you were sick on that day. Please let me know whenever you have your production staged and I’ll be there. Also let me know if similar plays from your friends as well.

All the best with your creations

Riyaz.

Sat, Dec 28, 2019, 9:26 PM

Thursday, January 16, 2020

“අපි ජිවත් වෙන්නේ ලස්සන කියන එක කෘතිමව නිර්මාණය කරපු සමාජයක් ඇතුළේ”


නදීකා බණ්ඩාර “නදීකා” ඔබට ඔබ අතරේම මුණ ගැසිය හැකි ගැහැනියකි. ඔබ මම සමඟ ඇය ද, මහ මඟ ඔබ මම යෙදෙන, ජිවන අරගලයම අතින් ගෙන ඔබට විටෙක හමු වී තිබිය හැකිය. ඈ මහපොළොවේ හුස්ම ගන්නා ගැහැනියකි. ඒ නිසාම පොළොවේ පය ගසා සිටින ඈ පොළොවේ රස්නය ඇගේ රංග කාර්යයන් තුළ වඩා අමුවෙන්ම නොබියව ගෙනෙන්නට නිර්භිතය. සමාජ ප්‍රකෘතින් ලෙස ස්ථාපිතව  ඇති විකෘතීන් ඈ ප්‍රසිද්ධියේම සුනු විසුනු කරන්නේ ඇගේ  නොහික්මුණු, දඩබ්බර අව්‍යාජ නිර්මාණකරණයෙනි.
කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති ඇය ‘මරියාගේ රමණය’, රෝමියෝ ජුලියට්’ යන නාට්‍ය නිෂ්පාදන මෙන්ම ‘රතු සපත්තුව’ නමැති සිනමා කෘතියක්ද අධ්‍යක්ෂණය කොට තිබේ.
විශේෂයෙන්ම නවකතාකරණයේද , ළමා කතා  හා පර්යේෂණාත්මක කෘති රචනයේද යෙදෙන ඈ ‘මොනර බිත්තර’,’ස්ත්‍රියගේ පුර්ෂ ලිංගය’, ‘Mr.මනමේ’, ‘පුනරුදයේ ගැහැනු’, ‘දියෝනිස් දෙවොල පාමුල සිට’,‘රොසෙන්කාගේ සිතුවම’, ‘කතන්දර සාප්පුවට ගිය පුංචි ලිලී’, ‘සිංදු කියන මුහුදට ආ දියකිඳුරි’, ‘මකර රැජිනගේ මාළිගාව’, ‘ගෙඹි පැටිත්තියක වූ පුංචි දැරිය’, ‘සිනිඳු සළු වියූ කෙකිනි බිරිඳ’,  හා ‘සොරාගත් අත්තටු’ ආදී වූ කෘති ගණනාවක් ම  පළකොට තිබේ.


https://solanasarchive.blogspot.com/2019/10/nadeeka-bandara-art-of-feminine-wisdom.html


එසේම ස්ත්‍රියගේ අනතුරාසන්න බව ග්‍රහණය කරමින්, ස්ත්‍රියගේ අනන්‍යතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ ජීවිතයෙන්, සංස්කෘතික භාවිතයෙන් මෙන්ම ජීවිතයෙන් හරි අඩක් වන රාත්‍රී ජීවිතයෙන් ස්ත්‍රිය ඈත් කොට තැබීම ප්‍රශ්න කිරීම යන තේමාත්මක භාවිතාව ඇසුරෙහි ඈ ‘ගැහැණුන්ගේ වේදිකාව’ ( women Stage)  නම් නාට්‍ය කණ්ඩායමක් පවත්වා ගෙන යයි.
නදීකා බණ්ඩාර  සමඟ ‘විකල්ප’ කළ මෙම  සාකච්ජාවට ප්‍රස්තුත වුයේ, ‘ගැහැණුන්ගේ වේදිකාවේ ’ ( women Stage) නිෂ්පාදනයක් වන ඇගේ නවතම රංග කාර්යය වන ‘තෙත් භුමි’ ( WET LAND) පිළිබඳවත්, ඒ ඔස්සේ ඈ ආමන්ත්‍රණය කරන සමාජ යථාර්ථයන් මොනවාද යන්න පිළිබඳවත් විමසීමයි. ‘තෙත් භුමි’ කොළඹ නගරය කේන්ද්‍ර ගනිමින් අවස්ථා 5 කදී මේ වන විට ප්‍රදර්ශනය වී තිබේ.
තෙත් භුමි කියන්නේ මොකක්ද ?
තෙත් භුමි කියන්නේ මට දැනෙන හැගෙන හැඟීම, මට කියන්න ඕනි ප්‍රකාශ කරන්න ඕනි , හැබැයි ඒක කියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති වෙලාවක ඒ දේවල් කියන්න උත්සාහ කරපු අවස්ථාවක්. මම පාවිච්චි කරන ෆෝර්ම් එක නාට්‍ය නේ, එතකොට දැන් මම හිතනවා නාට්‍යක් ඇතුළේ තියෙන සීමාවන් කොහොමද මම අතික්‍රමණය කරන්නේ කියලා, අපි නාට්‍ය කියලා දැන ගෙන ඉන්න සිමාවේ නෙවෙයි මේක වැඩ කරන්නේ.හරියටම කිව්වොත් Drama සහ Performing Arts  කියන ඒ දෙක අතර මැද්දේ තමා මේ ප්‍රකාශනය  හැදිලා තියෙන්නේ.
මේ වගේ ප්‍රකාශන මිට කලින් ලංකාවේ කෙරිලා තියෙනවද ? මේ ප්‍රකාශනය සාමාන්‍ය සමාජය ඇතුළේ මොන වගේ තැනකද  ස්ථාන ගත කරන්න පුළුවන් ?
මම හිතන එකක් තමා Drama වලට වඩා  Performing Arts  වල ප්‍රකාශනය තියුණුයි කියන එක ඒක භාවිතා කරන විදිය අනුව. දැනට ලංකාවේ හැදිලා තියෙන විදිය අනුව Drama සහ  Performing Arts  අතර සම්බන්ධයක් ලොකුවට හැදිලා නෑ. ඒ කියන්නේ Performing Art එක වෙනම යනවා Drama එක වෙනම යන එකක් තියෙන්නේ. ලෝකේ හැමදේම දැන් කියලා ඉවරයිනේ. අර්ථකථනය කරලා ඉවරයි නේ. එතකොට ඒ අර්ථකථන වලට ආයේ අර්ථකථන තමයි එන්නේ. එතකොට වචන වලින් කියන්නත් පුළුවන්, වචන නැතුව කියන්නත් පුළුවන්.වචන නැතුව කියනවා කියන එකෙන් මන් කියන්නේ ඇයි අපිට වචන වලින් කියලා ඇති වෙන්නේ. වචන වලින් කිව්වට වැඩක් නැති වෙන වෙලාවල් තියෙනවා,අනිත් අතට සමහර දේවල්  අපිට වචන වලින් කියන්න බෑ. සිමා කම් නිසා. ඒ වගේ අදහසක් ඇතුළේ මම මේක පර්යේෂණාත්මක වැඩක් කියන තැනක ස්ථාන ගත කරන්න කැමතියි.
එතකොට  “ තෙත් භුමි”  සම්මත වශයෙන් තියෙන යම් ශානරයටක ද වැටෙනවද  ? එහෙම නැත්තන් මේ කෘතිය මොන වගේ අත්හදා බැලීමක් ද ?
මේක කුරිරු රංගයකට වඩා ආසන්නයි.කුරිරු රංගයක  දකින්න තියෙන ලක්ෂණ මේක ඇතුලේ තියෙනවා. හැබැයි මම තවම මේක experience කරමින් ඉන්නේ.  ඒ කියන්නේ මම හොයමින් යනවා. මනසේ තියෙන ක්‍රියාකාරිත්වය අපිට අහුවෙන්නේ නැති තරම් වේගවත්නේ . එතකොට ඔබ හිතන්න ඒක කොහොමද performance එකක් ඇතුළට ගේන්නේ. අන්න ඒ වගේ විවිධ දේවල්  ගේන්න පුළුවන් ආකාර මම මේ කෘතිය ඇතුළේ අත්හදා බලමින් ඉන්නවා.
“ තෙත් භුමි” වල ප්‍රස්තුතය වෙන්නේ මොකද්ද ?
මට ඉස්සෙල්ලම දැනෙන්නේ මාවනේ. එතකොට මට දැනෙන දේවල්, විදින දේවල් , මම කියන්නෙත් මේ සමාජය ඇතුලේම ජිවත් වෙන කෙනෙක්.දේවල් මම දකින විදිය. මගේ ඇතුළු ආත්මය කොහොමද වැඩ කරන්නේ. ඒ විදිහටද තව කෙනෙක්ගේ වැඩ කරනවා ඇත්තේ.එහෙම නැත්තන් ඒවායේ තියෙන වෙනස් කම් මොනවද? අපි හැමෝටම එකම විදියටද දේවල් දැනෙන්නේ?  සහ ඒ දේවල් එක්ක මට ගණුදෙනු කරන්න තියෙන වුවමනාව,අන්න එක තමයි මේකට පාදක වෙන්නේ.
එතකොට මේ ප්‍රස්තුතය සහ රංග කාර්ය ඇතුළේ ස්ත්‍රී භූමිකාව කොතනද තියෙන්නේ?
කෘතියක් ඇතුළට මට මේ මොහොතේ ගෙන්න ඕන බලයත් එක්ක ස්ත්‍රිය ඉන්න තැන. ගැහැනියගේ නිදහස හෝ විමුක්තිය හෝ ඒ මොකක් හෝ කියපු ගමන් හිතනවා මොකක් හරි භෞතික පිරීමියෙක්ගෙන් මොකක් හෝ වෙන නිදහසක් කියලා. මේක එහෙම එකක් නෙවේ. උදාහරණයක් විදියට ජාතික කොඩිය ගත්තොත් ඒක ඇතුළේ තියෙනවා ප්‍රකාශනයක්.ඒවා කියවන්න පුළුවන්, ඒත් ඒවා කියවන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ අපි ලෝකේ දිහා බලන බැල්මත් එක්කනේ. දැන් මේ කොඩිය ඇතුළේ සිංහලයෙක් ඉන්නවා.එයා කඩුව තියාගෙන ඉන්නවා. එතකොට මේ කඩුව වෙනුවට පෑනක් අපි අතට දීලා තිබ්බ නම් ? සිංහලයා අතේ තියෙන්නේ කඩුව, ඒ කියන්නේ අපි ප්‍රශ්න විසඳන්නෙම කඩුවෙන් කියන එක.ඒ කියන්නේ අපි යම් පිඩනයක් දීලා තමයි අන්තිම මොහොතේ ප්‍රශ්න විසඳන්නේ කියන එකනේ. ජාතික කොඩියේ අවසානේ අපේ “end feeling” එක මොකක්ද ? , මට තරහ ගියාම එකේ අන්තිමේදී මම හැසිරෙන්නේ කොහොමද? අන්තිමට අපි මොනාද කරන්නේ, එතකොට ජාතික කොඩියේ ප්‍රධාන තීරුව ඇතුළේ යම් කතාවක් තියෙනවා. අවශේෂ තිරූ අතරේ යම් කතාවක් තියෙනවා. මේක මුළු මහත් සමාජයේ ව්ඥානය පිළිබඳ ප්‍රකාශනයක් නේ,අපි කොහොමද හිතන්නේ කියන එක ගැන ප්‍රකාශනයක් තමයි ජාතික කොඩිය, ජාතික ගීය උනත් එහෙමයි.
එතකොට ස්ත්‍රිය උනත් අපි මොකක් හරි නිර්මාණයක් ඇතුලට ගේනකොට සමාජය ඇතුළේ තියෙන්නේ බල තුලනයක් නෙවෙයි නේ.අපි ගැහැනියකට සලකන විදිය, පුංචි දරුවෙක්ට අපි සලකන විදිය, වෙනත් ජාතිකයෙකුට සලකන විදිය ඒවා එකකට එකක් වෙනස් නේ. ඒක ඇත්තටම බලය මුලිකයි නේ,අපි පුංචි දරුවෙකුට තරවටු කරන්නේ ඇත්තටම, අපේ බලය පෙන්නන්නනේ , ඒ කෑල්ලත් ඒ තරවටුව ඇතුළේ තියෙනවා. එතකොට මේ සමාජය ඇතුළේ ස්ත්‍රියට බලය වැඩ කරන්නේ කොහොමද? අර ප්‍රධාන තීරුවේ ඉන්න කඩුව අතට ගත්ත සිංහයා නියෝජනය වෙන යමක් තියෙනවා නම් ඒ හා සමානව පුර්ෂයා මුලික වෙච්ච සමාජයක ස්ත්‍රිය කොහොමද ඉන්නේ, එතකොට අපි ප්‍රකාශනයකට ස්ත්‍රිය ගේනකොට අර ලක්ෂණ එන එක අපිට වළක්වන්න බෑ. ඕනෑම නිර්මාණයක අපි ගෑනියෙකුයි මිනිහෙකුයි ගෙනල්ල තිබ්බ ගමන් අපිට පේනවා ගෑනිය සහ මිනිහා කියන්නේ කවුද කියලා. හැසිරෙන විදියෙන්ම ඒක එහෙම වෙනවා. එතකොට කාට හරි කියන්න පුළුවන් මම මේ කතා කරන්නේ ස්ත්‍රිය ගැන මයි කියලා. ඇත්තමටම මම මේ ස්ත්‍රිය ගැනම නෙවෙයි කතා කරන්නේ, සමාජයේ කොහොමද බලය වැඩකරන්නේ කියලා මට දැනිච්ච් විදිය , ඊට පස්සේ ශරීරයක් විදියට අපි විඳින වේදනාවන් අතර එකකට එකක් තියෙන සම්බන්ධතා, එකම කතන්දරයක් නෙවෙයි මෙතන තියෙන්නේ, ස්ත්‍රිය වෙනුවෙන් පෙනී හිටින්න යනවා වගේ එක්ක නෙවෙයි මේකේ තියෙන්නේ.මම මගේ කණ්ඩායම එක්ක වැඩ කරේ ඒ අයගේ ඇතුළේ වැඩ කරන හැඟීම් නිර්මාණය ඇතුළට ගේන්න උත්සාහ කරමින් , එතකොට ඒ හැඟීම් ආයේ බලයත් එක්කත් සම්බන්ධයි,මතුපිට රූපය සහ යට ගැහැනුවත් පිරිමිවත් නොවන කෑල්ල සහ ඒ කෑල්ල බලයට යට වෙන කෑල්ල අන්න ඔය තුනත් එක්ක තමා මම වැඩ කළේ.
කුරිරු සමාජයක් ඇතුළේ “කුරිරු රංගයක් හරහා නැත්නම් “Violence’ එක තියෙන සමාජය ඇතුළේ ‘ violence’ එකෙන්ම ඒක පෙන්නන්න හැදුවේ ඇයි?
මෙහෙමයි, ‘ violence’ කියන එක තියෙනවා, හැබැයි ඒක අපි හංගනවානේ. අපි හංගලා ලස්සන රූපයක් හදලා තියෙනවානේ. බලන්න පාරවල් වල යන කොට පාරවල් ගොඩක් ලස්සනයි, හැබැයි අපේ සම්බන්ධතා ගොඩක් ලස්සනද ? කවුරු හරි වීදියක දැක්කොත් අපි ඉස්සරහට එන මනුස්සයා ලස්සනයි,එයා බ්‍රෑන්ඩඩ් ටි ෂර්ට් එකක් ඇඳලා ඇති, ලස්සනට කොණ්ඩේ හදලා ඇති, වෙළදාම විසින් හදලා දීපු මොකක් හරි එකකින් ඇඳගෙන අපි ඉස්සරහට එන මනුස්සයා ඉස්සරහට හම්බුනාම එයා ලස්සනයි නේ. ඇත්තටම එහෙම නෙවෙයි නේ. සමාජයේ beauty කියන එක තමයි පෙන්නන්නේ.හැබැයි අපි පුදුම විදියට කුරිරු විදියට නේ හැසිරෙන්නේ,අපිට සල්ලි නැත්තන්( සල්ලි කියන්නේ කොළ ටිකක් කාසි ටිකක් නේ), ඒක ඔයා ළඟ තියෙනවා නම්  දැන් මම ජිවත් වෙන්න නම් ඔයා ළඟ තියෙන මේ ටික මන් ගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනිනේ. මේක සමව බෙදිලා යන සමාජයක නෙවෙයි නේ අපි ඉන්නේ, අනික අපිට ජිවත් වෙන්න පුළුවන්  විදියට නෙවේ මේ සිස්ටම් එක තියෙන්නේ. මිනිස්සුන්ට ගෙයක කුලියක් ගෙවා ගන්න බෑ. අනිත් මිනිසුන්ගේ ඛේදාවාචක අනිත් මිනිස්සු දන්නේ නෑ, මනුස්සයෙක් බඩගින්නේ හිටියත් අපිට වැඩක් නෑනේ. ඒ  නිසා නේ අපිට ඇති නැති පරතරය බරපතල එකක් විදියට තියාගන්න පුළුවන් වෙන්නේ. අනිත් කෙනාව හුරා කන සමාජයක් ඇතුළේ අපි අර beauty කියන එක ගෙනත් තියෙනවා.ෆුඩ් සිටි එකේ ඉන්න ගෑනු ළමයි ලස්සනට ඉන්නවා අපි ගියාම පෙන්න, හැබැයි යට තියෙන කතාව ඊට වඩා වෙනස්. එතකොට අපි ජිවත් වෙන්නේ ලස්සන කියන එක කෘතිමව නිර්මාණය කරපු සමාජයක් ඇතුළේ , ඒක යට කුරිරු කම හැංගිලා තියෙනවා. මට ඒක පෙන්නේ එහෙම, ඒ නිසා Art ඇතුළට මට ඒ පේන එක ගේනවා. ඒක කුරිරු එකක්.
පහුගිය කාලය පුරා “ තෙත් භුමි” කොළඹ කේන්ද්‍රියව කීපවරක් ප්‍රදර්ශනය වුණා. ඒත් ඔබේ නාට්‍ය යම් සීමාවකයි පෙන්වීම සිදු කරන්නේ. එතකොට ඔබේ අත්දැකීම අනුව මේ වගේ ප්‍රකාශනයක් බලන්න ප්‍රේක්ෂකාගාරය කොයිතරම් සුදානමක් තියෙනව කියලා ඔබට එකේදී  දැනුනද ?
මේක ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා රැඟුම් පාලක මණ්ඩලය විසින් තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා ඒ සීමාව තුළ තමයි අපිට මේ වැඩේ ප්‍රේක්ෂකන්ට ගේන්න පුළුවන් වෙන්නේ. ආර්ට් කියලා කියන්නේ මිනිසුන්ගේ හිතත් එක්ක යන එකක් නේ. මිනිස්සුන්ගේ සිතුවිලි, හැඟීම්, බුද්ධිය එක්ක කයට වඩා වෙනම විදියකට වැඩ කරන එකක් නේ. ඒකත් එක්ක මිනිස්සු ගනුදෙනු කරන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති හෝ ඔය ගේන දේවල් හරහා ඒ කෑල්ල මකනවා, යන්ත්‍ර වගේ හිතන මිනිස්සු තමයි හදන්නේ, මිනිස්සු පඩියකට යනවා, ඊට පස්සේ ලෝන් ගහලා තියෙනවා.ඊට පස්සේ සතියෙම වැඩ කරනවා, මිනිස්සු සතුට කියලා එතකොට කරන්නේ එළියට බැහැලා කාලා බීලා කානිවල් එකට යන එක.ඒ කානිවල් culture එක ලංකාවේ develop වෙනවා,ඒක මම ටිකට් විකුණන්න සහ පොත් විකුණන්න එලියට යන නිසා හොඳටම දන්නවා. මේ මොහොතේ  එළියේ කානිවල් පිරිලා, මාසෙන් මාසෙට ඕනෑම theme එකක්  යටතේ එයාලා කානිවල් කරනවා. එතකොට ඒ මනුස්සයෙකුට අපි ගිහින් පොතක් දුන්නොත්, මට වෙලාව නෑ, මන් කියවන්නේ නෑ කියනවා, හැබැයි ඒක වෙලාව නැති කම වෙන්න බෑ , එහෙම සංස්කෘතියක් අපිට නෑ. අපි ජීවිතේට නාට්‍යක් බලලත් නැත්තන් එකත් එක්ක සම්බ්න්ධත් නැත්තන්, එහෙම සංස්කෘතික සමබන්ධයක් හදා ගන්න අපිට බෑනේ. සංස්කෘතිය කියන්නේ සම්බන්ධතාවය නේ. ඒ සම්බන්ධතාවය එන්න එන්න අඩුවීම හැම නාට්‍යකට වගේම මගේ නාට්‍යටත් තියෙනවා. අර කානිවල් එක ආපහු හරවන්න බෑනේ, එතකොට ඒක ඇතුළේ තමයි ආර්ට් තියාගෙන යන්න වෙන්නේ. මේක කෞතුකාගාර  නඩත්වතු කරනවා වගේ වැඩක් ඇත්තටම දැන්, නැත්නම් දැන් ආර්ට් කියලා දෙයක් නෑ .නාටයක් බලන්න මිනිස්සු නැතිවුනාම, නාට්‍යක් මිලදී ගන්න මිනිස්සු නැති වුනාම  අපිට ඒක කරන්න බැරිව යනවා,එතකොට මේක ඇතුළේ එන්න එන්න පර්යේෂණ කරන එක අඩුවෙලා ගිහින් නැතිවෙලා යනවා . එතකොට තමන්ගේ උවමනාවට කරන කීපදෙනෙක් තමයි දැනට ඉන්නේ.එතකොට මේ වගේ පර්යේෂණය කෘතියක් බලන්න එන්නේ අර මම කියපු පිරිසෙනුත් තව සුළු පිරිසක් විතරයි ඇත්තටම.
ලංකාවේ ගත්තොත් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියන් ප්‍රමාණාත්මකව අඩුයි, බහුතරයක්ම ඉන්නේ පිරිමි අධ්‍යක්ෂවරුන්, නිර්මාණකරණයේදීත්  ඔබ තෝරාගන්නේ වෙනමම ආරක්, මේ අත්දැකීම කොහොමද ?
අපිට ඇත්තමටම ලෝකෙන්ම තමයි හොයාගන්න වෙන්නේ වෙනස් වැඩ කරපු ගැහැනු ගැන ඉතිහාසයක්, අපි ගත්තොත් එහෙම පරම්පරාවක්,අත්තම්මට වැඩිය අම්මා වෙනස්, අම්මට වඩා දුව වෙනස්, දුවට වඩා  මිනිපිරිය වෙනස්. එතකොට ආර්ට්  වලත් මෙහෙම එකක් තියෙනවා. එතකොට අපි දන්නේ නෑ අපේ ආත්තම්මාලා කවුද කියලා.අපි දන්නේ සීයලා ගැන විතරයි,අත්තම්මලා ගැන ඉතිහාසයක් නෑ. ඒ කියන්නේ අත්තම්මලා work එකක් කරා කියලා ඉතිහාසයක් නෑ. සෝමලතා සුබසිංහගේ ඉදන් මෑතකාලීනව කංචුකා ධර්මසිරි, හර්ෂිකා රත්නායක දක්වා මට නම් වශයෙන් කියන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා, හැබැයි ප්‍රශ්නය ඒ ගොල්ලෝ නාට්‍ය කියන කතිකාව ඇතුළට ගේන්නේ නෑ හෝ ගන්නේ නෑ. අපිට මතක් වෙන්නේ සෝමලතා සුබසිංහ විතරනේ, ඒකෙන් අදහස් වෙනවද  ඊට පස්සේ වත් එහෙම කවුරුත් නෑ කියල.කරපු අය  ඉන්නවා, හැබැයි ඒ අය කතිකාව ඇතුළට ඇවිත් නෑ, කතිකාව පුරුෂයි නේ, අපි කැම්පස් එකකට ගිහින් අධ්‍යන පාඨමාලාවක් හැදෑරුවත් අපිට සමස්තයක්ම වගේ ඉගෙන ගන්න ලැබෙන්නේ පිරිමි ආටිස්ලා ගැන, history එකක ලකුණක් කොහෙවත් නෑ. history එක ඇතුළේ බහුතරයක්ම ගත්තොත් ඉන්නේ  නිළියෝ. මේක හැම රටකටම බලපානවා.පුරුෂ කතිකාව ඇතුළේ, හැබැයි වෙන රටවල  එයාලගේ යම් history එකක් තියෙනවා. අපි බ්‍රෙස්ට් ගැන කතා කරනවා, හැබැයි අපි සොලානාස් ගැන කතා කරන්නේ නෑ.ඒක මතක් වෙන්නෙත් නෑ. විශ්වවිද්‍යාලයක හරි වෙන කොහේ හරි ගිගින් කිව්වට ගැහැනුයි පිරිමියි සමානයි කියලා වැඩක් නෑ,ඒක අධ්‍යයන ඇතුලේ වත් නෑ.
ඔබ මේ රංග කාර්ය ඇතුළේ “ලිංගිකත්වය” සම්බන්ධ බරපතල සංඥාර්ථ ගේනවා, අවම වශයෙන් ලිංගික අධ්‍යාපනය හෝ “ලිංගිකත්වය” කියන වචනයට වත් ව්වෘත නොවිච්ච සමාජයක් ඇතුළේ කොහොමද මේක ඔබ කරන්නේ ?
භාරත මුණිගේ නාට්‍ය ශාස්ත්‍රය ගත්තොත් එයා නාට්‍ය කලාවේ කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන සාකච්ජා කරනවා. අද වෙන කොට  රංග කලාව ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙනවනේ, අත්හදා බැලීම් කරනවා, හැබැයි මම දකින විදියට ලංකාව වගේ රටක දකින්න තියෙන්නේ ඒ අර මං කිව්ව භාරත මුණිගේ සංකල්ප ටික තමයි. එයා කියන්නේ අඩුම තරමේ ස්පර්ශ  කරන්නවත් බෑ, අල්ලන්නවත් බෑ කියලා , දැන් බලන්න අපේ ගොඩක් නාට්‍ය වල සම්බන්ධතා හරිම දුර්ස්ථයි, ඒ චරිත හරි දුරස්ථයි, ඒ ගොල්ලෝ නාට්‍ය කරන්න රිහසල්ස් ඇතුළේ වැළඳ ගෙන වත් තියෙනවද කියලා මං දන්නේ නෑ. හැබැයි හරි සමීප දේවල් තමයි ඒගොල්ලෝ කියන්නේ. Body chemistry එක හැබැයි හරි දුරයි. මං ඒක සම්පුර්ණයෙන්ම කඩනවා. ගැහැනු පිරිමි භේදයකින් නැතුව  මුළු ඇඟම, ඇඟේ තියෙන කෙළ, කඳුළු, දාඩිය සියලුම දේවල් නළුවෝ අතර හුවමාරු වෙනවා. ඒක තමයි මට ප්‍රේක්ෂකයත් එක්ක තියෙන බෙදා ගැනීම.රංග කලාවේ තිබුණු රීතින් කොච්චර කඩනවද කියන එක. දැන් ස්ත්‍රීන් සම්බන්ධයෙන් හිතුවොත් එහෙම සම්මතයක් වගේ නේ ඇඳුම් නැතුව ඉන්න බෑ වගේ කියන එක, හැබැයි ලෝකේ Nude Theatre , Nude art කියන එක මිනිස්සුන්ගේ කලාවක්.  ඇයි එහෙම කරන්නේ? මානව නිදහස තමයි ඒ ඉදිරිපත් කරන්නේ, ඒක ඇතුලේ තමයි ලිංගිකත්වය ගැන කතා කරන්නේ.
දැන් පිරිමි ළමයි දන්නේ නෑනේ ගොඩක් වෙලාවට, චුටිම කාලේ  එයා අම්මාගේ කොතනින්ද එන්නේ කියලා. අපි චුටි කාලේ එයාට කියන්නේ දෙයියෝ ගෙනත් දුන්නා, අරහෙන් ආවා, ඔයාව කාණුවකින් අහුලන් ආවා, ඒවා සෞන්දර්යාත්මකයි, හැබැයි මේවත් එක්ක සම්බන්ධයි, එතකොට අර අපි පස්සේ කිව්වත්, ගෑනු කෙනෙක්ගේ  ප්‍රජනක පද්ධතිය පෙන්නලා, මොනවා කිව්වත් අපි අර idea  එක ඔලුවට දාලා ඉවරයි. අනේ මං මෙතනින් නේ ඇවිත් තියෙන්නේ කියන එක එන්නේ නෑ. එකයි අම්මා ඊට පස්සේ රාජකාරියක් විතරක් බවට පත්වෙන්නේ, ඒ දේවල් හැම තිස්සෙම වහලා තියෙන නිසා.අම්මයි ළමයයි අතර පුදුම සම්බන්ධතාවයක් තිබිලා නේද වෙන්වෙලා තියෙන්නේ කියන  එක පිළිගන්නේ නෑ, අපිට එකේ කිසි රහක් නෑ. ඒවා කතා කරන්න බෑ. මානව නිදහසේ ආපස්සට තමයි අපි යන්නේ.අපේ නිදහස ඇතුළෙන් පිලිගන්න අපිට උගන්වන්නේ ආර්ට් නේ, ආගම මේ වෙලාවේ ඇත්තටම අසමර්ථයි නේ. ආගමේ මොනව කිව්වද කියලවත් අපිට හොයා ගන්න බෑනේ, හැබැයි ආර්ට් එක ඇතුළේ ඒක එහෙම නෑ.මේ සිස්ටම් එක ඇතුළේ රංග භුමියේ අයිතිකරුවන් පවා ආර්ට් ගැන වෙන sense එකක් තියෙන, කියවීමක් තියෙන ඒ ආර්ට් එක්ක සම්බන්ධයක් තියෙන පිරිසක් වෙන්න ඕනි. නිකන් බිස්නස්කාරයෝ වෙන්න බෑ, මේ මොහොතේ රංග කලාව වගේ දෙයක් පවත්වන් යන්න නම් වෙන වෙන spaces හොයන් යන්න වෙනවා, මොකද වෙළඳාම කීයටවත් ඉඩ දෙන්නේ නෑ ආර්ට් වලට ගමනක් යන්න, ඒ නිසා වෙනම එකක් හොයාගෙන යන්න වෙනවා. අර ඔබ අහපු, සංවාදය කරන්න ඇත්තටම ‘තෙත් භුමි’ කියන්නේ මම මේ මොහොතේ පාර හොයමින් යන ගමනක්.
සාකච්ජා සටහන සහ ඡායාරූප
ඉෂාරා ධනසේකර | Ishara Danasekara
Vikalpa . Org

තෙත් භූමි නිර්භය ප්‍රකාශනයක්.


තෙත් භූමි නිර්භය ප්‍රකාශනයක්. 
මුහුණට මුහුණ දීමක්........
සෘජු අඛන්ඩ බැල්මක්!







Friday, January 10, 2020

'තෙත් භූමි' අභියෝගාත්මක පෙරළිකාරී රංගයක්


-ලොහාන් ගුණවීර







කලාව තුළ ස්ත්‍රිය සක්‍රීය වීම: නදීකා බණ්ඩාරගේ 'තෙත් භූමි' ගැන


කංචුකා ධර්මසිරි

ඡායාරූප : ඉෂාරා ධනසේකර


- නදීකා බණ්ඩාරගේ තෙත් භූමි කෘතිය ස්ථානගත කිරීමට සිදු වන්නේ මෙවැනි කලා සන්දර්භයක් තුළය. එය යම් ආකාරයක රංගනයක් වනවා සේම අභිවහන කලාවටද යම් ආකාරයක සම්බන්ධයක් දක්වයි. කැන්වසය කඩාගෙන එය තුළින් මතු වී පේ‍්‍රක්ෂකයා දෙස තියුණු ලෙස බලා සිටි ශ්නීමන් මෙන්ම නදීකා බණ්ඩාරද පේ‍්‍රක්ෂකයා දෙස තියුණු බැල්මක් හෙළයි. ඇගේ කෘතිය තුළ ස්ත‍්‍රියව නොනවත්වා, දීර්ඝ ලෙස ප‍්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය නිරූපණය වේ. බලහත්කාරී ලිංගික ක‍්‍රියාවල සිට, ඔසප් වීම, දරුවන් වැදීම, ගබ්සාවන් වැනි ස්ත‍්‍රීන් මුහුණ දෙන අවස්ථා හරහා පේ‍්‍රක්ෂකයාව ගෙනයයි. එම රංගනය කුරිරුය, ප‍්‍රචණ්ඩය. 





-කුඩා කල සිටම පවුල, පාසල, විවාහය වැනි හෙජමොනික සමාජ යාන්ත‍්‍රණ තුළ හසුරවනු ලබන ස්ත‍්‍රී ශරීර, දරුවන් ලැබීමට රෝහලට යන ස්ත‍්‍රින්ගේ ශරීර, ගබ්සාවට මුහුණපාන ස්ත‍්‍රිය, සංස්කෘතික කතිකා තුළත් වැඩිහිටි චිත‍්‍රපට සහ විවිධාකාර වූ තවත් සමාජයේ යාන්ත‍්‍රණයන් තුළ ස්ත‍්‍රියගේ ශරීරය පාලනයට ලක්කළ යුතු, පාලනය කළ යුතු දෙයක් ලෙස නිර්මාණය කෙරෙන, දකින ආකාරය නදීකා පෙන්නුම් කරන්නේ ඒවා වසාගෙන ඇති රොමෑන්තික මානයන් පාසාරු කරමිනි. කුරිරු රංගය කෘතියේ ඇන්තොනින් ආර්තෝ පෙන්වා දෙන පරිදි සංස්කෘතිය සහ සදාචාරයේ ආවරණ ඉරා දමා ඇතුළාන්තයෙන්ම නැගෙන විලාප, චලන සහ හැගීම් සමුදායක් තෙත් භූමි හරහා ඉදිරිපත් කෙරේ. එය ”ලස්සන” රංගයක් නොවේ. රුධිරය ගලා යන, කෑ ගැසීම්වලින් පිරි, ස්ත‍්‍රිය සෑම මොහොතකම මුහුණ පාන ප‍්‍රචණ්ඩත්වය පිළිබද ප‍්‍රකාශනයකි. මුල, මැද අග සහිත නාට්‍යයක් නැරඹීම කෙනෙකුගේ අභිප‍්‍රාය වූයේ නම්, මෙය එම බලාපොරොත්තුව සුන් කරන කෘතියකි.




-සමූහ ස්ත‍්‍රී ලිංගික හිංසනයන් වැඩිහිටි නාලිකා හරහා නරඹන සහ රසවිඳින පිරිස් සිටින සන්දර්භයක් තුළ (මේ මස මුලදී ඉන්දියාවේ සිද්ධ වූ දරුණු සමූහ ස්ත‍්‍රී ලිංගික හිංසනය සහ මිනී මැරීම වැඩිහිටි නාලිකාවල වැඩි වශයෙන් නරඹා ඇති බව වාර්තා වේ), එම හිංසනයන් පුරුෂ ෆැන්ටසියක් බවට පත්වන සන්දර්භයක් තුළ නදීකා ඇතුළු පිරිස එම ෆැන්ටසිය කඩා බිඳ දමති. ශ්නීමන් කැන්වසය කඩාගෙන පේ‍්‍රක්ෂකයා දෙස බලා සිටි ආකාරයට, නදීකා නාට්‍ය කලාව සහ අභිවහන කලාව අතර දෝලනය වන ”තෙත් භූමි” රංග කාර්යය හරහා නැවත නැවතත් ප‍්‍රචණ්ඩත්වයට ලක්වන ස්ත‍්‍රී ශරීරය පේ‍්‍රක්ෂකයාට සම්මුඛ කරවයි. එය කළුවර පේ‍්‍රක්ෂකාගාරයක් තුළ පහසුවෙන් අසුන් ගෙන නැරඹිය හැකි රංගනයක් නොවේ. එය සෑම දිනකම ස්ත‍්‍රිය මුහුණපාන ප‍්‍රචණ්ඩත්වය සහ නිෂේධනය අත්දැකීමට සිදුවන මොහොතකි. මෙම රංගනය ගැහැනියගේ පැවැත්ම පිළිබඳවම ප‍්‍රශ්නයකි. සමාජ සත්වයකු වශයෙන් ඇයව දකිනු ලබන ආකාරය, ඇගේ ශරීරය ප‍්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය ගැන අඳුරු ප‍්‍රකාශනයකි. එය සෑම ආකාරයකම පුරුෂ ෆැන්ටසි බිඳ දමන්නකි. නිෂ්ක‍්‍රීය කර ඇති, බොහෝ විට දෙවැනි ගණයට දමා ඇති ස්ත‍්‍රිය පේ‍්‍රක්ෂකයාට අභිමුඛ කරවීමකි. ලාංකේය නාට්‍ය/අභිවහන රංග කලාව තුළ සිද්ධ කරන පෙරළියකි.



Read More



https://ravaya.lk/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B6%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D/


https://kanchuka.info/blog/