Sunday, October 22, 2017

කැත ගැහැනුන්ගේ ස්ත්‍රීවාදයෙන් පරිස්සම් වන්න ! ෆ්‍රොයිඩ්ලා, ලකාන්ලා ගොඩායි... ?



පළමුකොට ස්තුතියි රමේෂා.  ඔබ මා ඇතුළු කුමාරි කුමාරගමගේ, ගීතිකා ධර්මසිංහ, අනෝමා ජනාදරී, නදී වාසලමුදලි ආරච්චි  කැත ගැහැනු ලෙස සංකේතකරණයට ලක් කළාට.  දෙවැනුව මා ඔබට ස්තූති කළ යුත්තෙ ඔබ පසමිතුරුතාවය සළකුණු කළාට. 

ඔබට පිළිතුරු දිය යුතු භාෂාව ගැන මම ලියමින් කල්පනා කරමි. රාජ්‍ය සහ ධනවාදය ගැන දේශන ඔබ උගන්නේ කාගෙන්දැයි මම කල්පනා කරමින් ඉන්නවා. අප එය ඉගෙන ගතහොත් ඔබගේ දේශපාලන න්‍යයාචාර්යවරයා හෝ න්‍යාචාර්්‍යවරියගෙන් අපගේ කෙසේ වෙතත් මගේ ලෙඬේට ප්‍රතිකාරයක් ලබා ගත හැකි දැයි මම කල්පනා කරමින් ඉන්නෙ. ගැහැනුන් සමග රණ්ඩු වීමට හෝ ගැහැනුන්ට අපහාස කිරීම මා නොකරන්නේ ඒ පිටුපස සිටින පිරිමින්ගේ හොල්මන් ගැන මා දන්නා නිසාය. ඔබ නොදන්න මා දන්නා දේ එයයි.  පිරිමින්ගේ ඔඩොක්කුවල සිටින ඔවුන්ගෙන් ජීවිතය උගෙන ගන්නා ගැහැනුන් ලියන වර්ගයේ ලිපියක් කියවීමට කැමති නම් රමේෂාගේ ලිපිය සියල්ලෝම කියවත්වා! ගැහැනුන් ගැහැනුන්ට දාන වැදැගැම්මකට නැති කචල් පිටිපස්සෙ ඉන්නෙ පිරිමි හොල්මන්.
ස්ත්‍රීන් ස්ත්‍රීන් ගැන කතා කිරීම පුරුෂ විරෝධි වන්නේ කෙසේ දැයි රමේෂා න්‍යායිකව පෙන්වා දිය යුතුය. එමෙන්ම ස්ත්‍රීන්ට පුරුෂයන්ට විරුද්ධ වීමට ඇති අයිතිය පිළි නොගන්නා දේශපාලන න්‍යාය කුමක්දැයි මම නොදනිමි. සමහරක් විට අපි බාගේට ස්කෝලේ ගොස් ඇති බව සමහරු හිතනවා ඇති. රමේෂාට අනුව උපාධි ගන්නේ කැත ගැහැනුය. පව්... විශ්ව විද්‍යාලයකට යන්ඩ බැරිවුණු හොල්මන් කියන කතා. මිදි තිත්තයි කියපු නරි හුක්කි හුක්කි හූ කියනව රෑට. ලස්සන ගැහැනු පිරිමින් කැන්දාගෙන යන නිසා කැත ගැහැනුන්ට නිදහස් අධ්‍යාපනයෙන් ජයග්‍රහණය හිමි වෙලා. රමේෂා, මට හිතන්නෙ මහ දවාලේ පිරිමි හොල්මනක් ඔයාගේ බොටුව මිරිකගෙන ඉන්නෙ. අර චිත්‍රාල් ‘ඇහැරෙන්න’ කියලා කියන්නෙ ඔයාටද මන්දා. මම මේ ලියන්නෙ ඔයාට නෙමෙයි. ගැහැනු එක්ක මම තරහා වුනේ තුනේ පංතියේදී. හතර පංතියේදී මම දැන ගත්තා ගැහැනු එක්ක තරහා වෙන එක තරම් මෝඩ වැඩක් නෑ කියලා. එදා ඉඳලා මම ගැහැනු එක්ක තරහා වුනේ නෑ. මම ලියන්නෙ ඔයාගේ බොටුව මිරිකාගෙන ඔයාගේ ආත්මය කොල්ලාකාගෙන ඉන්න ඔය පෙරේත ආත්මයට. රමේෂා මම ගුරුකම් ටිකක් දන්නවා. වශී නම් වශී. නීච කුල බන්ධන කැපුම්... මන්තර.. රමේෂා අපිත් පෙරේත ආත්ම එක්ක සැරිසරනවා. මහා දවාලේ වගේ රාත්‍රියේත්. හැබයි අපි කාටවත් අපේ බොටුව මිරිකා ගන්ඩ ඉඩ දීලා නෑ. අන්න ඒ හින්දා ඔයාගේ ආත්මීය තුවාලයෙන් ඇතුලු වෙලා ඔයාට වැහිලා ඉන්න පෙරේත ආත්මයට මම කියන්නෙ! පිරිමි හැමදාම කරන පච වැඩ කරන්ඩ එපා. ඕවා දේශපාලනේ නෙමෙයි. ඕවා පච වැඩ. ඔය පච වැඩ දැන් ගොඩාක් පරණයි. 
රමේෂා ! පව් ඔයා.

කුමාරි කුමාරගමගේ කිසිසේත්ම මගේ පෞද්ගලික මිතුරියක් නොවේ. (එසේම ගීතිකා හෝ අනෝමා හෝ). අප එකිනෙකාගේ ප්‍රවේශයන් වෙනස්ය.  නමුත් රමේෂා ඔබ පිටුපස ඇති හොල්මන කියන දේවල් ඒ ආකාරයෙන්ම විශ්වාස කිරීම ඔබට ඒ තරම් ගුණාදයක නෑ. ෆ්‍රොයිඞ් පවා අවසාන මොහොත දක්වා තමා කියු දේවල් ගැන සැක කළා. පුදුමයි අනුගාමිකයන්ගේ විශ්වාසය! 

සමන් කුමාර පොරක් දැයි මම නොදනිමි. මට නම් පොරක් නොවේ. සමන් කුමාරට මගේ පොතේ ඔහුගේ අදහස ලියන්නට මා ඉඩ දුන්නා පමණි. ලියා ඇති ආකාරයට සමන් කුමාර රමේෂාට පොරක් වී ඇති බව මට පෙනී යයි. රමේෂාට හෝ රමේෂාට වැහිලා ඉන්න පෙරේත ආත්මයට... සමන් කුමාරට  පොතේ අත්පිටපත කියවන්නට දුන්නා මට මතකයි. (ඔහුට අත්පිටපත් කියවන්නට දෙන්නෙ ගැහැනු පමණක් නොවෙයි.) දැනට මාස කිහිපයකට කලින්.  ඔහු  ලියූ විචාරය මම මගේ මොනර බිත්තරවල ඇතුළත් කරා. කිසිදු න්‍යායාචාර්යවරයෙකුගෙන් මට ලබා ගන්නට කිසිදු අනන්‍යතාවයක් නෑ. ඒ වගේම ඔහු කියන පුරුෂ උරුමය මොකද්ද කියලා මමත් තාම කල්පනා කරනවා. 

සමාජයේ පොරවල් සහ පොරියන් සිටි කාලය අවසන් කියන එකත් මම කැමතියි මතක් කරන්ඩ.  සමහර  සඟරා අතේ තියාගෙන අපි හිතුවා බුදුවරු පහල වෙලා කියලා. ඒ පුංචි කාලේ. ඒ වගේම අනූව දශකයේ හිටපු හිටපු ජනකාන්ත සමහරක් දේශපාලන න්‍යායාචාර්යවරු පහුගිය කාලයේ සියදිවි නසාගෙන ඉවරයි. ඒක පටන් ගත්තෙම ගෑනුන්ගේ රෙද්ද අස්සෙ හොයන්ඩ ගිහිල්ලා. 


රමේෂා ගිම්හානයේ අවසන් හෝරාව... වසන්තය එනවා සත්තයි.... මා දන්නා තරමින් ඔබ නම් වශයෙන් සඳහන් කර ඇති සමාජ ක්‍රියාකාරී විමුක්තිකාමි ගැහැනුන් අරාජික නෑ. ඔබ නොදන්නවාට ඔවුන් මෙන් ඉතිහාසය තුළ වැඩ කළ ගැහැනුන් ඉන්නවා. අදත් ඉන්නවා. හෙටත් ඉඳිවී. ඔවුන්ව අරාජික කොට පෙන්වන්නෙ ඔබේ කල් ඉකුත් වූ න්‍යායාචාර්යවරයා දැයි සැක හැර දැන ගන්න. දේශපාලනය කල් ඉකුත් නොවන බවට ඉතිහාසය සාක්ෂි දරාවි. එහෙත් න්‍යායාචාර්යවරුන් පොට වරද්දා ගත් විට ඔවුන් කල් ඉකුත් වෙනවා. අරාජික ඔවුන්.... අප නොවේ...

මම පුරුෂ, විශේෂයෙන් විකල්ප දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්වල න්‍යායාචාර්යවරුන්ට මතක් කරන්නට කැමතියි. අපව ශික්ෂණය කරන්නට එන්නට එපා. ශික්ෂණය වන්නට ඕන ආකාරය අප දන්නවා!  ඒ වගේම සමාජ අවකාශයන්හි  වැඩ කරන ගෑනුන්ට සායනික අර්ථයෙන් හිස්ටීරියා කියමින් අපහාස කරන  පුරුෂ ලණු ගිලපු ඔඩොක්කු කික්කියන්ට තරු පෙනෙන දවස් වැඩි ඈතක නෑ.  ඒ වගේ ඔඩොක්කු කික්කියෝ පඳුරක් පඳුරක් ගානේ ඉන්නවා. හැබැයි කුමාරි කුමාරගමලා, තිළිණා වීරසිංහලා, අනෝමා ජනාදරීලා, ගීතිකා ධර්මසේනලා, නදී වාසලමුලිආරච්චිලා, ලංකා බණ්ඩාරනායකලා සහ නදීකා බණ්ඩාරලා පඳුරක් පඳුරක් ගානේ නෑ. 

 නදීකා බණ්ඩාර



4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබගේ මොනර බිත්තර පොත සදහා ප්‍රචාරණයක් ලබා ගැනීම හැරෙන්නට(ද්වේශ සහගත සහ පෞද්ගලික ප්‍රකාශ අපේ සමාජයේ ඉතාම ආකර්ශණීය ප්‍රචාරන ක්‍රමයක් ලෙස භාවිතා කිරිම යන අර්ථයෙන් ගත් විට) ඔබ සදහන් කර ඇති ඔය ආටිකල් එකෙන් ඔබට ප්‍රයෝජණයක් නැති බව මාගේ හැගීමයි. මන්ද යත් කෘතියක් පිළිබද විචාරයක් හෝ අදහසක් පල කිරීම තමාගේ ඇති පෞද්ගලික මති මතාන්තර ප්‍රකාශ කිරීමක් ලෙස අපට සැලකිය නොහැකි බැවිනි. ඒ වගේම ඔබට හෝ කුමාරි කුමාරග‍මගේ, තිළිණා වීරසිංහ, අනෝමා ජනාදරී, ගීතිකා ධර්මසේන, නදී වාසලමුලිආරච්චි යන කිසිවකුට එයින් ප්‍රෙයා්ජනයක් නැත. පැරණි චීන කියමනක් මට මතක් වෙනවා.(මතක විදිහට චීන විය යුතුයි) "බුරන හැම බල්ලටම ගල් ගහන්න ඔබ නතර වුවහොත් ඔබ ඔබගේ ගමන යන්නේ කවදාද".

    ReplyDelete
  3. බටහිර ලෝකයේ යලිත් පුරුෂ විරෝධය පැතිරෙන බව පේනවා. ඉදිරියෙදි පිරිමි දරුවන්ට උපදින්නවත් ලැබෙන්නෙ නෑ. පිරිමින්ට විරුද්ධවීමට ඇති අයිතිය ගැන නදීක අහනවා. ඇත්තටම වගෙ ව්‍යාපාරවලින් පුරුෂ විරෝධය කුලුගන්වෙන විදියට අනාගතයෙ මොනව වෙයිද කියන්න බෑ.

    ReplyDelete