මෙච්චර කාලයක් වේදිකාව උඩට ගෙනාපු සියලුම වස්තූන් ප්‍රේක්ෂකයා වෙත නට්‍යානුසාරීව ඉදිරිපත් වුන විදිය දිහා බැලුවම , නාට්‍ය රසවින්දනය පිලිබඳව වුන විශාල ප්‍රමාණයේ මානසික පුරුද්දකට අපිව නතු වෙලා හිටපු බව ලංකාවේ ඉන්න සියලුම නාට්‍ය කරුවන්ට දැනුම් දෙන්න ඕනෙ . ඇත්තටම බලපු නාට්‍ය ඔක්කොම එක්ක අපි නිරායාසයෙන් බැඳෙන්නේ ඒ සුපුරුදු රසවින්දන කලාපය පූර්වයේ තබා ගෙන .
ඒත් මරියාගේ රමණය ඊට හාත් පසින්ම වෙනස්ව, නාට්‍යය ජනගත කිරීමේ ක්‍රියාවලියේ සිටම නුපුරුදු ස්වරූපයක් ගත්තා . ප්‍රසිද්ධ රමණයක් , ප්‍රසිද්ධ වේදිකාවක් මත සිදු වෙතැයි යන බියෙන් ඇළලි ගිය සහ ඒ ගැන පරිකල්පනය කරපු ප්‍රේක්ෂකයන් සමහරක් ඊට ආශක්තවත් වේදිකාව ඉදිරියෙ අසුන් ගත්තා . නාට්‍යයේ ආරම්භය වන්නේ මරියාගේ ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයක් ගත් ඉදිරිපත් කිරීමකින් . ඇත්තටම ඒ රංගනය තුල කිසිම ආශ්වාදයක් විඳින්න පිරිමින්ට බැරි වෙන්න ඇති . මොකද ඒ දර්ශණය කිසිම ශෘංගාරාත්මක සන් කිරීමකින් තොරව , කඩා වැටුන පවුල් සම්බන්ධයක් තුල දිව යන සිදුවීමක් බවට වෙච්ච ඉගි කිරිම් තිබුණ නිසා . ඒ කොහොම උනත් ප්‍රේක්ෂකයාගේ මනස තුල නාට්‍ය ප්‍රකාශමාන වුන විදිය පරෙස්සමට ලිහා ගෙන ගියොත් අපට හමුවෙනවා මේ වගේ තැන් කිහිපයක්.
මරියා සංසර්ගයේ යෙදෙන තැන් වලදි සත්‍ය වශයෙන්ම වේදිකාවේ රමණයක් සිදු නොවීමේ අර්බුදයට වැඩිහිටි ප්‍රේක්ෂකයාගේ දොම්නසට හේතු වෙනවා .
මොකද ඕනෑම රමණයක අවසාන නිෂ්පාදනය වෙන්නේ තමන්ව පමණක් වෙන නිසා . ඒ වගෙම වේදිකාව උඩදී තමාගෙ ශරීරය විනිවිදින ශිෂ්ණයක් නැති බව මරියා විසින්ම ඒත්තු ගන්වනවා . මොකද එයා හොඳටම දන්නවා රංග වස්ත්රාභරණ වලට යටින් ඇති කලවා තෙක් පැතිරුණ සුදු පැහැති යට ඇඳුම , ප්‍රේක්ෂකයාට දර්ශණය වෙන බව .
ප්‍රකෘති කලවා වසා ගෙන සිටීම නිසාත් , ප්‍රකෘති ශිෂ්ණයන් වසන්නට දරන උත්සාහයත් , ඇත්තෙන්ම මේ නාට්‍යය අප හොඳින්ම දන්නා ලෙස ( බෝම්බයෙන් තුවාල ලැබූවන්ට ) තවත් නාට්‍යයක් ඉදිරිපත් කලා . ඒක හරියට එකම වේදිකාවක, එකම මොහොතක ඉදිරිපත් වුන කථාන්තර දෙකක් වගේ.
මේ නිසා වැඩිහිටියන්ට පමණයි කියන ශානරය නාට්‍යාගාරයේ තුල ඉඳගෙනම උපහාසයට ලක් වෙනවා . ඇත්තෙන්ම එතැන තිබුණේ ඕනෑම කෙනෙකුට බැලිය හැකි මට්ටමට ගෙන ආ , ප්‍රකෘතියේ ඇති සංසර්ගයක් , රංගනමය වසන් කිරීම් යොදාගෙන ඉතාමත් අවිධිමත්ව ඉදිරිපත් කල යමක් . කොටින්ම වැඩිහිටියන්ට පමණයි කිව්වට එතන සත්‍ය සංසර්ගයක් තිබුණේ නැහැ. එතැන තිබුණේ සංසර්ගමය ඉරියව් ටිකක් සහ ඊට සම්බන්ධ ශබ්දයන් විතරයි ..නමුත් ඉහත කියු ලෙස එහි තිබු වසන් කිරීම් සාර්තක ඒවා නෙවෙයි . ඒත් මේ අවිධිමත්භාවය එක අතකින් නාට්‍යයේ සැඟවුණ වියමන බවට පත් වීම වලකාලන්නට අධ්‍යක්ෂකවරිය යම් යම් උත්සාහයන් ගෙන ඇති බව පෙනෙන්නට තිබුණත් ඇයගෙන් එය ගිලිහි ගොස් ඉතා සාර්ථක දෙවෙනි පෙළක් ඉදිරිපත් වීම නිසා හමු වුනේ නව සෞන්දර්යාත්මක මුණ ගැසීමක් . ඉතිං මේ ඇති වෙච්ච අලුත් යාලුකමත් එක්ක වේදිකාවක් උඩ ශිෂ්ණයක්වත් ප්‍රාණවත් කිරීම පිලිබඳව ඇති ක්‍රියාවලියේ සියලු අපහසුතාවන් පිරිමින්ව ඉතා සියුම්ව විවේචනයට ලක් කලා . :)
නමුත් මේ දේ හරියටම කියන්න ඕනෙ.. ඇත්තටම එතන ඒ සියුම් විවේචනය යන්න ඕනෙ පිරිමියාටම නෙවෙයි , පිරිමි ශරීරයට. පිරිමි ශරීරය ගැන ඇති විවේචනය හරිම සංකීර්ණ තැනක් . පිරිමියා යන්න බිහි වීම කියන කරුණ දිහාවටම මේ විවේචනය යන නිසා ඇත්තෙන්ම ඒක ආදම් සහ ඒව නිර්මාණය වූ ආගමික පුරාවෘතයේ දිහාවටම ඇඟිල්ල දික් වෙනවා . ඇත්තටම මේ විවේචනය එන්නේ ගැහැණියට ඇති තමන්ගේ ලෝක දැක්ම පිලිබඳ වටහා ගැනීමේ පරම කරුණ ලෙස ගැහැණු ශරීරය යන්න දක්වා නැවත හැරෙන නිසා . ගැහැණිය ගර්භාෂය , තන පුඩු , යෝනිය සමග ජීවත් වීම නිසාමත් , පිරිමියා ඉන් තොරව ශිෂ්ණයක් ,වෘෂණ කෝෂයක් සමග පැවතීම කියන පදනම මෙතැනදී බොහෝ සංකීර්ණතාවන් ඇති කරනවා . තමන්ගේ ශරීර මත පදනම් වී ගත් කල ලෝකය , මිනිස් සම්බන්ධතා ,ශ්‍රමය යන ආදිය ගැන බිහිවෙන අර්ථ කතනයන් කොහොමත් පුරුෂ විරෝඨි මතයක් සම්පාදනය කරනවා .ඒ වගෙම මානව ප්‍රේමය යන්න ගැන වූ අයුක්ති සහගත පුරුෂ මූලික කියවීම් සියල්ල යලි විසුරුවා හරිනවා .
''මරියා : මට මේ ශරීරයෙන් නිදහස් වෙන්න ඕනෙ..''
ඉතිං මරියාගේ නාට්‍ය තුල තවත් නාට්‍යයක් දැකීම නිසා ඇති වෙච්ච සතුට මේ විදියට ප්‍රකාශ වෙන්නේ නාට්‍යය වේදයේ එන මූලධර්ම මත පදනම් වෙලා හැදුන සුපුරුද්දන්ගේ රසාස්වාදී කඳවුරකට ගේන නාට්‍යය තුලම වූ විවේචනයත් රැගෙනමයි . මරියාගේ රමණය නාට්‍යයයෙන් ඉබේම ඒ හරියත් විවේචනය වෙන නිසා ඒ ගැන අලුත් දෙයක් කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ . ඒත් අර පූසාහ්.. මරියාගෙ සියලුම අසම්මත රමණයන් දැන හැඳිනගත් පූසා සහ ඌගේ පෙම්වතිය. ඒ පිරිමි පූසා සහ මිනිසා අතර ඇති තවමත් නොබිඳුණු සම්බන්ධයක් නඩත්තු කරන ශිෂ්ටාචාරගත පිරිමියා ... පුසා නිසා ගැබ්ගත් පූසාගේ පෙම්වතිය තමන් සමග මේ දිනවල වෛරයෙන් පසු වෙන බව පූසාම ප්‍රකාශ කිරීම . ගැබ් ගැනීම ගැන ඇති ගැහැණුන්ගෙ ආත්ම ගත විරෝධය . එමෙන්ම ඇය විසින් එය ''ඉවසීම'' . ඇය ඒ ගැබ් ගැනීමෙන් පසුව වැහැරෙන බවට ඇති බිය .
ඔහ්.. පිරිමින් තවමත් මේ ගැන සවිඤ්ඤාණිකද ?
නැතහොත් මේ සියල්ලක් ගැනම නොදන්නවා සේ ඉඳිමට අධ්‍යාපනය ලැබුවෝ ද ?
එවන් අධ්‍යාපනයක් ලැබුවේ නම් ඒ අධ්‍යාපනේ අයිතිකරුවෝ කවුද ?
ඇත්තෙන්ම ගැහැණු ශරීරය අනවරත ලෙස ඉතිහාස කාලයක් පුරාවට ශෘංගාරාත්මක කිරීම සෞන්දර්යකරණය කිරීම බවට වරදවා වටහාත් කවියන් ,
සිනමාකරුවන් කවරහුද ?
ඔවු.. නදීකා බණ්ඩාර .. ඔබ වන් අධ්‍යක්ෂකවරියන් කලාවට තව තවත් ඕනෑ කර තිබේ..
අපගේ අසරණ පිරිමින්ව ඒ පුරුෂ මූලික අධ්‍යාපනයේ උරුමක්කරුවන් නොකර ඉන් බේරා ගත යුතුය. ඒ අතර අප සැමගෙන්ම ඇසිය ඇය යුත්තෙ ඇත්තෙන්ම ගැහැණියගේ ගැටලුව තමන්ගේ ''ශරීරය'' ද එසේත් නැතිනම් ''ප්‍රේමය '' ද යන්නයි?
(පිටකොටුවේ පාවෙන වෙළද සංකීර්ණයේ දී ගැහැණියක් සහ පිරිමියෙක් අතර සිදු වූ සංවාදයක් අකුරු කිරීමකි )
Rate this item
(0 votes)
No comments:
Post a Comment