Wednesday, October 11, 2017

හිරගෙදරට නොදෙවෙනි වැඩවසම් ඉස්පිරිතාල දොස්තර උපාධිය එක්ක මහමග...

             

පුද්ගලීකරණය... මම මේ වචනය පළමුවෙන්ම ඇසුවේ මගේ ගෙදරදී මගේ දෙමව්පියන්ගෙන්. ඔවුන් වතු සංවර්ධන මණ්ඩලයක සේවය කළ ලිපිකාරයෝ. ඔවුන් ගෙදර කතා වුණා ප්‍රයිවට් කරන්ඩ යනවා ජනතා වතු සංවර්ධන මංඩලය. සමහර සේවකයින්ට වන්දි අරගෙන ඉවත් වෙන්ඩ පුලුවන්. ඒ 1990 ගණන් වලදී ( මට ඒක ගැන දත්ත වශයෙන් නිවරදි මතකයක් නෑ.). 
ඊට පස්සෙදී නැවත ඒක මට මුණ ගැහෙන්නෙ වාණිජ විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව පාඩමේදි උසස් පෙළ විභාගයට. මම විශ්ව විද්‍යාලයට ආවා. වාණිජවේදී උපාධියක් ගන්ඩ. මගේ අම්මා මට කිව්වා හොඳ රස්සාවක් කරන්ඩ ඉගෙන ගන්ඩ. පිරිමියෙකුට වහල්කම් නොකර, යටත් නොවී ජීවත් වෙන්ඩ.  විශ්වවිද්‍යාලයේදී අපි ඉගෙන ගත්තා රාජ්‍ය අකාර්යක්ෂමතාවයට පිළියම පුද්ගලීකරණය. අපි විශ්වවිද්‍යාලයේදී තදින් මේක ඉගෙන ඉගෙන ගත්තා. එහෙමත් නැත්නම් ඉගැන්නුවා. අපිට ලියන්ඩ ඕන උත්තර දීලා ඊට පස්සෙ ප්‍රශ්න අහන නිසා අපිට ලියන්ඩ සිද්ධ වුනේ එකම උත්තරයි. මුලු අධ්‍යාපන සිස්ටම් එක ඇතුළේම ඉස්සෙල්ලා උගන්නනෙ අපි දෙන්ඩ ඕන උත්තරේ. උත්තර උගන්නලා ප්‍රශ්න අහන එකට තමයි අධ්‍යාපනය කියන්නෙ.
අපි ගොඩ දෙනෙකුට ඉගෙන ගන්ඩ සිද්ධ වුනේ ඉංග්‍රීසියෙන් වුනත් විභාග ලිව්වෙ සිංහලෙන්. ඒ විදිහට තමයි ඉංග්‍රීසියට හැරවීම පටන් ගත්තෙ. දැන් කොහොම වෙනවද මම දන්නෙ නෑ. මම විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙන ගෙන තිබුනේ සිංහලෙන්. හැබැයි ක්‍රමය තිබුනේ ඉංග්‍රීසියෙන්. දැන් මොකද කරන්නෙ ? ඒගොල්ල අපිට කිව්වා ව්‍යාකරණ වැරදුනත් කමක් නෑ ඉංග්‍රීසියෙන් විභාගයට ලියන්ඩ කියලා. ඒත් මට නාට්‍ය පිස්සුව තදින් රෝගයක් වගේ වැළඳිලා තිබුණ නිසා මම හිටියේ දෙකට බෙදිලා. 
ඉතින් මම නාට්‍ය කලාව හොයන්ඩ පිටත් වෙලා තිබුණ නිසා මම සිංහලෙන් විභාග කරා. මොකද ඉංග්‍රීසියෙන් මහන්සි වෙන්ඩ යන කාලය මට අවම වෙන හින්දා. ඇයි ආණ්ඩුවේ ඉස්කෝල අපිට ඉංග්‍රීසියෙන් ඉගැන්නුවේ නැත්තෙ? ඇයි අපිව රැවැට්ටුවේ? මට ඉංග්‍රීසියත් එක්ක කිසිම විරෝධයක් නෑ. නිදහස් අධ්‍යාපනය සිංහලෙන් ලබා ගැනීමේ පාපකර්මය ගෙවන්ඩ සිද්ධ වුනේ අපේ පරම්පරාවට කියලා මම හිතන්නෙ. 
මම කියන්නෙ රජය පළමුවෙන්ම පුද්ගලීකරණය ගැන කතා කරන්ඩ කලින් ආණ්ඩුවේ පළමුබස ඉංග්‍රීසිය කළ යුතුයි. දෙක ආණ්ඩුව රට පාලනය කරන එකත් විකුණන්ඩ ඕන පුද්ගලික කොම්පැනියකට. මම කියන්නෙ ඒකට ජනමත විචාරණයක් තිබ්බා නම් හොඳයි. ඒක කරන එකක් නෑ. මොකද කොමිස් මුදලාලිලා කොමිස්වලට මොකද කරන්නෙ? දෙවන බස දෙමළ හා සිංහල කළ යුතුයි. මම හිතන්නෙ මේ ප්‍රශ්නය වෛද්‍ය ශිෂ්‍යයන්ට වඩා කළමණාකරණ කේෂ්ත්‍රයේ ඉන්න අයට තදින් දැනෙනවා. මොකද දොස්තර කෙනෙක්ට වඩා සන්නිවේදන කුශලතා ඒගොල්ලන්ට ඕනේ. දොස්තරලා ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තාට ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට එන්නෙ සල්ලි නැති බයියෝ නිසාත්, කතා නොකර බුකවගෙන සිටීම දොස්තරවරුන්ගේ අනන්‍යතාවය නිසාත් ඔවුන්ට එය එතරම් තද ප්‍රශ්නයක් නොවෙයි. ඒත් කළමණාකරණ ක්ෂේත්‍රවල බලාපොරොත්තු වෙන්නෙ ඉපදෙනකොටම ඉංග්‍රීසියෙන් අඬාගෙන එන්ඩ ඕන වගේ දෙයක් (ලංකාවේ ප්‍රභු කලාවත් ඒවගේම තමයි.). 56 භාෂා ප්‍රශ්නය අද තියෙන්නෙ සිංහලද දෙමළද කියන තැන නෙමෙයි. ඉංග්‍රීසි නොදන්නාකම. 


( මම ඇතුළත් වෙලා තිබුණ පැකල්ටි එක එක්ක මට කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ. මට ඒකේ උගන්නපු අය පෙනුනේ අමුතු ලෝකෙකින් ගොඩ බැහැපු අය වගේ. ඒගොල්ල කියපු සමහර දේවල් මට තේරුනේ නෑ. තාමත් තේරෙන්නේ නෑ. ගාමන්ට් එකක ලොකු විභාග ලියලා කළමණාකරුවෙක් වෙන කෙනෙක්ට (එහෙමත් නැත්නම් ඉංග්‍රීසි කතා කරන නිසා) රුපියල් ලක්ෂ දෙකකටත් වඩා  ගෙවීමක්  කරන එකයි, ඇඳුමක කොලරයක් මහන කෙනෙකුට රුපියල් විසිදාහක් පමණ වැටුපක් ගෙවන  එකයි  අතරේ තියෙන පරතරය මට තාමත් තේරුම් ගන්ඩ බෑ. ආර්ථික වර්ධනය කියලා මහ බැංකුවෙ තියෙන දත්ත මේවා වෙන්ඩ ඕන.) 
කොහොමහරි ඉස්සෙල්ලාම ලංකාවේ විකුණුවේ වාණිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන උපාධිය.  ඒ ක්ෂේත්‍රය සම්බන්ධ ලොකු පඩි ගෙවන විභාග ගොඩාක් පුද්ගලික විභාග. මුදල් ගෙවලා කරන්ඩ ඕන ඒවා. ඒ වගේ උපාධි විකුණන විශ්වවිද්‍යාල ලංකාවේ දැන් ගොඩාක් තියෙනවා. රජයේ සංවර්ධන නිලධාරි හෝ ගුරු වෘත්තිය වගේ රස්සා තමයි ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලින් ව්‍යාපාර සම්බන්ධ උපාධි තියෙන ගොඩක් අය කරන්නෙ. නීති උපාධිත් විකුණනවා. ගොඩාක් උපාධි විකුණනවා. ඒ මදිවට නිදහස් අධ්‍යාපනය කියලා කියන අඩක් සත්‍ය වූ බොරුව තාමත් තියාගෙන ඉන්න හැටි. අපිත් හිතාගෙන ඉන්නවා තියෙනවා කියලා. නමුත් නිදහස් අධ්‍යාපනය කියලා අද කුට්ටිය පිටින් ගන්ඩ පුලුවන් එක එකකයක් නෑ. 
මම හිතන්නෙ නිදහස් අධ්‍යාපනය දීපු එකම දේ තමයි දුප්පත් ළමයින්ට තමන්ගේ දුප්පත්කමට එරෙහිව සටන් කරන්ඩ දීපු අවස්ථාව. ඒ වගේම කුල පීඩනයට වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවයටත් ඒක කරපු බලපෑම විශාලයි. ඒකේ අන්තිමට ඉතිරි වෙලා  තියෙන තැන තමයි දොස්තර උපාධිය. තාමත් දුප්පත් දරුවෙක්ට දොස්තර කෙනෙක් වෙන එක සිහිනයක් විදිහට ඉතිරි වෙලා තියෙනවා.
මේ වෙනකොට වාණිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන උපාධියට නම් හොඳටම කෙළවෙලා තියෙන්නෙ. දැන් කෙළවීගෙන එන්නෙ වෛද්‍ය උපාධියට. මේක විකුණුවා නම් ලංකාවේ පුද්ගලීකරණය සීයයට සීයක් සිද්ධ වෙනවා. දැන් පුද්ගලික ඉස්පිරිතාලවල හැන්දෑවේ හතරෙන් පස්සෙ බෙහෙත් දෙන  දොස්තරලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආවට පස්සෙදි වෙන්නෙ ඒ පුද්ගලික රෝහල්වලට අර දොස්තරලා ටික ඕන නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්ඩ ප්‍රයිවට් ඉස්පිරිතාල... සල්ලි තියෙන පවුල්වල සල්ලි දීලා ඉගෙන ගත්ත වැදගත් දොස්තරලා... 
ආණ්ඩුවේ ඉස්පිරිතාලවල දුප්පත්  නොවැදගත් පවුල්වල මහා තරගයකට මුහුණ දීලා අමාරුවෙන් වෛද්‍ය විද්‍යාලයට ඇවිත් ඉගෙන ගත්ත දොස්තරලා. එගොල්ලන්ඩ දැන් වගේ පෝසත් වෙන ඒක ලේසි නෑ. දොස්තර උපාධිය විකුණුවාම.
මේ දෙක හරියටම වෙන්වෙනවා. වානිජවේදී හෝ ව්‍යාපාර පරිපාලන පිළිබඳ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලින් උපාධි ගත්ත බහුතරයක් අයට මුහුණ දීමට සිදුවන විවෘත තරඟයට ලංකාවේ දොස්තරලා වෙන්ඩ ඉගෙන ගන්න අයටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තාමත් දුප්පත් දක්ෂයන්ට ඇති එකම ඒකාධිකාරය වෛද්‍ය උපාධිය විතරයි. 
දැන් කොටසක් කැමතියි පුද්ගලික කරනවාට. කොටසක් කැමති නෑ පුද්ගලික කරනවාට. මේක ඇතුළේ ප්‍රමිතිය වගේ දෙයක් ගැන තියෙන ප්‍රශ්නයට වඩා තියෙන්නෙ පන්ති අතර තියෙන ගැටුම. පුද්ගලිකව රජයේ රෝහල්වලටවත් ඒකේ ඉන්න වෛද්‍යවරු ඇතුලු කිසිම සේවකයෙකුටවත් මට කැමති වෙන්ඩ බෑ. මම කියන්නෙ මොළේ කළඳක් හරි තියෙන කෙනෙකුට ලංකාවේ රෝහල් පද්ධතියේ තියෙන අවුල පේනවා. මානව සම්බන්ධතා අතින් ලංකාවේ හිරගෙවල්වලට නොදෙවෙනිව ලංකාවේ රෝහල් පද්ධතිය තියෙන්නෙ. ඒ හින්දා අනෙක් කේෂ්ත්‍රවල වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ කැරකෙන මේ ප්‍රශ්නය හරිම සංකීර්ණයි. මේක අමතක කරලා දාලා උපාධිය නොවිකුණුවා කියලා කිසිම පල ප්‍රයෝජනයකුත් නෑ. උපාධිය විකිණීම වගේම රෝහල් පද්ධතිය මේ වෙලාවේ තියෙන තත්වයත් අන්ත පසුගාමී තැනක්. නමුත් ඒකට තියෙන ඉදිරිගාමී උත්තරය පුද්ගලීකරණය කියන මිත්‍යාව නම් මට තාමත් විශ්වාස කරන්ඩ අමාරුයි.
මම නිදහස් අධ්‍යාපනය නිසා උපාධියක් ගත්තා තමයි. ඒත් ඒකෙන් ඒ හැටි ප්‍රයෝජනයක් අරගෙන නැති බවත් ඇත්ත. මම ඒ දෙවල් ගැන ඒතරම් විශ්වාස කරන කෙනෙකුත් නෙමෙයි.  දුප්පතුන් ටික දෙනෙක් තමන්ගේ පංතිය මාරු කරා කියලා මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්නෙ නැති බවත් ඇත්ත. නමුත් මට තාම නිදහස් අධ්‍යාපනය නිසා දුප්පතුන් ලබා ගත් ප්‍රතිලාභ අමතක කරලා පුද්ගලීකරණයට අත් උස්සන්ඩ බෑ. මොකද තාමත් ලංකාවේ බහුතරයකට ප්‍රයිවට් ඉස්පිරිතාලවලින් බෙහෙත් ගන්ඩ බෑ. ඒ වගේම සල්ලි දීලා ඉගෙන ගන්ඩත් බෑ. මේ කාරණය අමතක කරලා සියලු දේවල් විකුණන්ඩ ඕන කියන මායාවී සිහිනය වැළඳ ගන්ඩ තාමත් මට මගේ හිත ඉඩ දෙන්නෙ නෑ.
ඒක නිසා පෙරේදා අරලිය ගහ මන්දිරයට කිට්ටුවෙන් කඳුලු ගෑස් ගහලා විරෝධතාකරුවන් පලවා හරින වෙලාවේ මටත් එතැන ඉන්ඩ ඕන වුණා. 
                                                                                   
නදීකා බණ්ඩාර
  


ඇද නැති ඇද අකුරු




අජිත් සංජීව විසින් ලියන ලද ඇද අකුරු ගැන යමක් ලියන්ඩ ඕන කියලා හිතුවා. සර්පයා මේක හඳුන්වලා දීලා තියෙන්නෙ යොවුන් නවකතාවක් විදිහට. ඒ වගේම ගැටලු නවකතාවක් විදිහට. ඒ කියන්නෙ යොවුන් අයට සුදුසු නවකතාවක්. නමුත් මට නම් මේක යොවුන් නවකතාවක්වත්, ගැටලු නවකතාවක්වත් නෙමෙයි. ගැටලු නවකතාව යොවුන් වියේ ඉන්න අයට යොවුන් විය නිසාම අත්විඳින්ඩ සිදුවන සුවිශේෂි තත්වයන් වගවිභාගයට ගැනෙන නවකතා. ශරීරයේ වෙනස්වීම්, පෞරුෂමය ගැටලු, ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය, තීරණ ගැනීම වගේ දේවල් ඒවායේ ප්‍රමුඛ මාතෘකා. මම හිතන්නෙ යොවුන්විය අවසන් වෙන කොට අපි ඊට අනන්‍ය වූ සමහරක් ගැටලුවලින් අත්මිදෙනවා. නමුත් සමහරක් දේවල් අපි ළමාවියේ පටන් මරණය දක්වාම අරගෙන යනවා. එවන් සුවිශේෂී මානසික තත්වයන් තිබෙන්ඩ පුලුවන්.
මේ පොත ඇතුලේ තියෙන කතාවට යෞවනයෙකුට කරන්ඩ පුලුවන් දේ මොකද්ද? මේ කතාව නිර්මාණය කරන්නෙ රට තුළ ඇති ආර්ථික හා සමාජ දේහය විසින් නම් ඒ කතාවට ඔහු කුමක් කරන්නද? මෙවැනි කතා යෞවනයන් විශේෂයෙන් කියවීමෙන් ලැබෙන්නෙ මොනවාද? මේ කතාව ඇතුළේ මේකේ ඉන්න ගැටවරයාට අනන්‍ය වූ කිසිදු ප්‍රශ්නයක් නෑ. සියලුම ප්‍රශ්න බලහත්කාරයෙන් ඔහු මතත්, ඔහුගේ දෙමාපියන් මතත් පටවපු තත්වයන්. මම කියන්නෙ මේක කියවන්ඩ ඕන කවුරුවත් නෙමෙයි. මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයෝ රොත්ත. ඒ ගොල්ලන්ඩ ඒ ගොල්ලො අමතක කරන  කතාවක් සමහර විට අජිත් සංජිව නැවතත් මතක් කරලා දෙනවා කියලා මම හිතන්නෙ. ඔවුන්ගේ උජාරු දත්ත පිටුපස තියෙන මිනිස්සුන්ගේ ජිවිතය ගැන තමයි ඔහු ලියලා තියෙන්නෙ. මේක ලියවෙන පසුබිම දැනට අවුරුදු විසිපහකට පමණ එපිටින් තිබුනු ගම්මැද්දෙ අය පවුල් ජීවිතයට මුහුණ දීපු හැටි. දැන්  සමහරක් දේවල් වෙනස් වෙලා. නමුත් එම තත්වයන් නිර්මාණය කරන කොන්දේසි තාමත් තියෙනවා.
ලේඛකයා එතරම් ශුර නොවෙන්ඩ පුලුවන්. ඒත් ඔහු අවංකයි. එම නිසා එම අත්දැකීම ඔහු අපට ප්‍රක්ෂේපණය කරන්ඩ සමත් වෙනවා. සාහිත්‍යය ගැන, එහි මිනුම් දඩු ගැන මම එතරම් සැලකිල්ලක් නොදක්වනවා සේම මම ඒ ගැන මහා දේවල් දන්නෙත් නෑ.
මේකේ ඉන්නවා අශිෂ්ට තාත්තා කෙනෙක්. වගකීම් විරහිත. අසමත් පියෙක්. ශක්තිමත් අම්මා කෙනෙක්. මේකේ ඉන්න ගැටවරයාට තමන්ගේ අම්මා අහිමි වෙනවා. ඈ අසමත් තාත්තා නිසා මැදපෙරදිග යනවා. නමුත් මැදපෙරදිග ස්වාමියා ඈව පුච්චනවා. ඈව උඩුමහලෙන් පිතටතට තල්ලු කරනවා. ඇත්තටම අසමත් තාත්තා යනු මේ කතාවේ ඉන්න ගැටවරයාගේ පියාද නැත්නම් අපේ ජනාධිපති තාත්තාලාද කියන එකයි මගේ ප්‍රශ්නය. මේකේ ඉන්න ගැටවරයා ජිවිතේ සදාකාලිකව ඔහුගේ අම්මාව සොයාවි. ඒත් ඒ ෆ්‍රොයිඞ්ගේ තියරිය නිසා නම් නෙමෙයි. අපේ ජනාධිපති තාත්තලාගේ තියරිය නිසා. අදටත් බයිලා ගැහැව්වාට ලංකාවට විදේශ විනිමය අරගෙන එන්නෙ මැදපෙරදිග කාන්තාවෝ. අපිට තාමත් කුවේට් ඩිනාර් එක රත්තරන්. හැබැයි පිලිස්සුණු, මිය ගියපු, කෙලවරක් නැති ලිංගික අපහරණයන් ගැන කතා ඒ මහබැංකු වාර්තාවේ නෑ. ඒක නිසා මේ වගේ පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මේවා මහ බැංකු වාර්තාවල පිටුපස්සෙ ඇමුණුම්වලට යවනවා නම් තමයි හොඳ. (මැදපෙරදිගෙන් හම්බවෙන රුපියල් බිලියන නමසිය තිහ ගැන විතරක් සඳහන් කරන එක එතරම් ශිෂ්ට නෑ.
)
මේකේ ගැටවරයා එළියට බහින්නෙ තමන්ගේ මැදපෙරදිග ගියපු අම්මා මාස කිහිපයකට පස්සෙ කිසිම තොරතුරක් නැතිව ඉඳලා, මැදපෙරදිග ස්වාමියා ඇගේ පිට ඉස්ත්‍රිරික්ක කර ඇති බවත් උඩුමහලෙන් ඈව පහළට තල්ලු කොට දමා අත කඩා ඇති බවත් දන්වා ඇති ලියමන දැක්කට පස්සෙ. මම හිතන්නෙ ඔහුගේ මවට ඒක ඒතරම් දෙයක් නොවෙන්ඩත් ඇති. මොකද පරපීඩක ආශාවට ඈ ලංකාවේදී ගොදුරු වෙලා හිටපු නිසා ඈ හිතන්ඩ ඇති පිට ඉස්ත්‍රිරික්ක කරන කොට ඈ ලිංගික සුරතාන්තමය ප්‍රහර්ෂය අත්විඳිනවා කියලා. අත් කඩන එක, කස පහර දෙන එක ලිංගික ප්‍රහර්ෂය නෙමෙයි කියලා කාට හරි කියන්ඩ පුලුවන්ද? ගෙදරදිත් ගැටවරයාගේ පියා ඒ කියන්නෙ ඔහුගේ මවගේ පළමු ස්වාමියා ඒ කියන්නෙ ගැටවරයාගේ පියා මෙම කාන්තාවට පහර දෙනවා. වධ දෙනවා. මේක ගෘහස්ත හිංසනය නෙමෙයි. මේක ලිංගික ප්‍රහර්ෂය. තමන්ට මුදල් හම්බකරන්ඩ අමාරු වෙන්ඩ, වෙන්ඩ ස්වාමියා වහලාට පහර දෙනවා. ඒක පවුල් බැඳීම. ලංකාවේ ගෘහස්ත හිංසනය කියන්නෙ ලිංගික ප්‍රහර්ෂය. ගැටවරයාට ඒක තේරෙන්නෙ නෑ. ඒක විතරයි මම හිතන්නෙ ඔහුට නොතේරෙන එකම දේ මේ පොත ඇතුළේ. ඇයි කිසිම තේරුමක් නැතිව ඔහුගේ පියා අම්මාට පහර දෙන්නෙ? ඒක තමයි ලංකාවේ සම්ප්‍රදායික බෞද්ධ පිරිමියාගේ ලිංගික සුරතාන්තය. දැන් ඒක ටිකක් වෙනස්. දැන් පරපීඩක ගෘහස්ත හිංසනය දියුණුයි. තේරුම් ගන්න අමාරුයි. සතුට වැඩියි.
දැනට අවුරුදු දාහතරකට විතර කලින් මම දවසක් දැක්කා ගබ්සාවක් සිදු කරන තැනකට ඇවිත් හිටපු ගැහැනියක්. මැදපෙරදිග ගියපු. මැද පෙරදිග ස්වාමියා දීපු ඩිනාර්වලට ගෙවපු අතිරේක වන්දිය. මම දන්නෙ නෑ මාස හතරකට වැඩි ඒ බඩ ගෙඩිය ඇතුළේ හිටපු ඒකා නැති කරන්ඩ ගිහින් ඒ ගැහැනියත් මළාද කියලා. ඒත් ඈ වේදනාවෙන් ඇවිදිමින් හිටපු හැටි මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පොතත් ඒ වගේ තිගැස්මක් මට අරගෙන ආවා.  මහා සාහිත්‍යය ඇතුළේ මේ පුංචි පොත තිතක්. ඒත් ඒ තිත අපිට අරගෙන එනවා හෘදය සාක්ෂියේ බර.
ඒ බර යෞවනයන්ට බර වැඩියි.
                                                                                   

නදීකා බණ්ඩාර


Monday, October 9, 2017

රෝමියෝ ජූලියට් ලා දෙසැම්බර් 30 වන සෙනසුරාදා සවස 6.30 පුංචි තියටර්



ජගත් ජයසේකරගේ සහ නදීකා බංඩාරගේ සම අධ්‍යක්ෂණයක් වන රෝමියෝ ජූලියට් ලා වේදිකා නාට්‍යය දෙසැම්බර් 30 වන සෙනසුරාදා සවස  6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකා ගතවේ. 

ජගත් ජයසේකර, නදීකා බංඩාර, සුසන්ත ප්‍රදීප්, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, ඉන්දික රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය හර්ෂ මාකලන්දගෙනි. නර්තන වින්‍යාසය සුසන්ත ප්‍රදීප්ගෙනි. රංගාලෝක ලහිරු චතුරංගගෙනි.

නදීකා බංඩාරගේ රචනයක් වන මෙය විලියම් ශේක්ෂ්පියර්ගේ මුල් කෘතිය ඇසුරින් කරන ලද පර්යේෂණාත්මක ප්‍රහසන කෘතියකි. වත්මන් පාරිභෝගිකවාදී නව ලිබරල් සමාජය තුළට සිය සොහොන්වලින් නැගිට පැමිණෙන රෝමියෝගේ හා ජූලියට්ගේ ඉරණම කවරේදැයි විමසා බලන මෙය අපගේ ජීවිතය තුළ ආදරයට හිමි තැන ප්‍රශ්න කරයි. 

රෝමියෝ ජූලියට් ලා ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි. 

Mr මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය පුහුණුවීම් ඇරඹේ

නාට්‍යවේදිනියක, සිනමාකාරිනියක, ළමා කතා රචිකාවියක මෙන් නවකතාකාරිනියක වන නදීකා බංඩාරගේ  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය නාට්‍යයේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි පිටපත ජෙනී තියටර් සහ ගැහැණුන්ගේ වේදිකාව ප්‍රකාශනයක් ලෙස එම නිෂ්පාදනය සඳහා අරමුදල් ගොඩ නැගීම සඳහා ප්‍රකාශනයට පත් කෙරී ඇත. 

චුල්ල ධනුද්ධර ජාතකය හා චාල්ස්ද සිල්වා ශූරීන්ගේ මනමේ නාඩගමත්, ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයත් තුළින් ගලා එන තුන්වෙනියාගේ ආගමනය හා ආශාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මනෝවිශ්ලේශණයක් මෙතුළ දකිත හැකිය. මෙම ජාතික සින්ඩ්‍රෝමය පොදුවේ සාර්වත්‍රික හා සර්වකාලීන මෙන්ම සර්ව භෞමික සින්ඩ්‍රෝමයක් ලෙස ස්ත්‍රී දැක්මකින් විස්තර කෙරෙන දීර්ඝ පෙරවදනක්ද මෙම පිටපතේ අඩංගුය.

“මනමේ කවි නාඩගම මනමේ කතාවේ සෑබෑ ඛේදවාචකයට මුහුණ දෙන්නෙ මනමේ කුමරිය නොව මනමේ කුමාරයා සහ මනමේ වැද්දාය. ඔවුන් එකිනෙකා හා දබර කර ගනු ලැබුවේ නොපවතින ආදර වස්තුවක් උදෙසාය. එහෙත් මනමේ කුමරියට පිරිමි අනුකම්පා කළේ සහ ඇය චපලයි කියා හිත හදා ගත් මනෝභ්‍රාන්තිය අප වැළඳ ගත්තේ ඇයි? 

මනමේ ජාතක කතාවේ කතා වින්‍යාසය ලෝකයේ බෙහෝ නවකථා, කවි, නාට්‍ය නිර්මාණවලට පසුබිම් වී ඇති ජනප්‍රිය කතා වින්‍යාසයක් ලෙස හඳුන්වා දිය හැක. උදාහරණයක් ලෙස රාම සීතා කතාව, ග්‍රීකයේ ඔරෙස්ටස් නාට්‍යයට පසුබිම් වූ කතා වස්තුව කතාව වැනි කතාවල ආකෘතිය ගොඩනැඟී ඇත්තේ තුන්වැනියෙකුගේ ආගමනයකින්. ඊට පස්සෙ වෙන දේ තමයි එතෙක් පැවති ව්‍යුහය අර්බුදයට යාම. (බොහෝ නාට්‍ය ආකෘතිද ගොඩ නැඟී ඇත්තේ එතෙක් පවතින ව්‍යුහය අර්බුදයට යාම ගොඩ නැගීම තුළිනි. විශේෂයෙන් පැරණි සංස්කෘත නාට්‍යද, ග්‍රීක ශෝකාන්ත බොහෝමයක්ද මෙකී ආකෘතිය ගනී. එය ජනප්‍රියම සහ පහසුම නාට්‍ය ආකෘතියකි.) ”

නදීකා ඩංඩාර, ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප් සහ කසුන් ජයරත්න  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය හි රංගනයෙන් දායක වෙති. රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බංඩාරගෙනි.  Mr  මනමේ නොහොත් මනමේ සින්ඩ්‍රෝමය ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.

Wednesday, September 20, 2017

(එදිරිවීර) සරච්චන්ද්‍රට කරන්ඩ බැරි වුණු දේ චින්තා කරා.....


පශ්චාත් සම්ප්‍රදායික රමණය 




(ඔයාගේ පොත් ඔක්කොම විකිණිම ගැන මගේ  අවංක සුභ පැතුම් ඉස්සෙල්ලාම. පොත් විකුණන්නෙ කොහොමද කියලා ඔයාගෙන් ඉගෙන ගන්ඩ ඕන. මම දඩබඩ ගාලා කියෙව්වෙ චින්තා දෙන්න යන ආතල් එක ගන්ඩ. (දැන් චින්තාට ඕනේ නම් තව දෙයක් විකුණන්ඩ පුලුවන්. කසයක්.) හෙට අනිද්දා වෙන කොට ලංකාවේ පිරිමි ඔක්කොම කසයක් හොයා හොයා පාරවල් දිගේ පිස්සුවෙන් දුවන හැටි මට පේනවා. ඒත් එක්කම මට ගෑනුන්ගේ  සුරතාන්තයේ කෙඳිරියේ දෝංකාරය ඇහෙනවා. ඔව් චින්තා ඔයා පිරිමින්ගේ අතට දෙන්ඩ ඕන කසයක්. මම හිතාගෙන ඉන්නවා පිහියක් මාර්කට් කරන්ඩ. ඊට පස්සෙ ගෑනු ඒ ගොල්ලන්ගේ මහත්වරුන්ට දෙනවා උපන්දිනේ දවසේ පිහියක්. ගෑනි ඉන්නවා පිරිමියා ළග දෙකට නැමිලා. ඈ කපනවා බිජ්ජ. ඒ එක්කම පිරිමියාගේ ශුක්‍රණුත් පිටවෙනවා. එයා කියනවා. ඔව් ආදරියේ මේක තමයි නියම සැපත. ඊට පස්සෙ ලංකාවේ ගෑනු යනවා පිහි හොය හොයා. එතකොට තමයි චින්තා පෙනී හිටින ලිංගික ප්‍රජාතන්ත්‍රවාදය මට නම් ඇති වෙන්නෙ. ගෑනිට තරු පේන කොට පිරිමින්ටත් තරු පේන්ඩ ඕනේ. )
චින්තනගේ පොත මම කියෙව්වා. (හරි පුදුමයි මගේ මොනර බිත්තර එකේ ඉන්නෙත් කේ. චින්තනගේ පොතේ ඉන්නෙත් කේ. දෙන්නම හස්බන්ඞ්ලා. මමත් ඕ ගේ කතාව කියෙව්වා. ගොඩාක් ඉස්සර මම ඒක ස්වයං වින්දනයේ යෙදෙන්නත් පාවිච්චි කරපු පොතක්. හැබැයි එකේ තිබුනු වේදනාත්මක ප්‍රහර්ෂය මට චින්තනගේ පොතේ දැනෙන්නෙ නෑ. ඒකට  හේතුව චින්තාගේ පොත ලස්සණ වැඩියි.)


මේ පොතේ පෙරවදනේ කතුවරයා කියනවා මේ පොත මං ලියන්නෙ ඉරොටික් නවල් එකක් විදිහට. ඒකෙ ඊට එහා කිසිම දර්ශනික හෝ කලාත්මක අරමුණක් නෑ. මේක ලියන්නෙම රස විඳින්න.
කොස් ඕනේ නම් දෙල් කියලත් විකුණන්න පුලුවන්. ප්‍රශ්නේ තියෙන්නෙ ඔහු අපිට කොස් වෙනුවට දෙල් කාලා දෙල් වලට කොස් කියන්ඩ කියන එක. ඒ කියන්නෙ ඔහු යෝජනා කරන්නෙ අපිටත් මේකේ ශෘගාර සීමාවේ නතර වෙන්ඩ කියලා. වැඬේ තියෙන්නෙ මේක ශෘගාරාත්මක වෙන්ඩ පුලුවන් කාටද කියන එක. මම එහෙම කියන්නෙ කිසිදු සාදාචාරාත්මක තැනක ඉඳලා නෙමෙයි. චින්තා දන්නෙම නැතුව හෝ දැනගෙන ඇදගෙන වැටෙන්නෙ සාහිත්‍ය ඇතුළේ අවුරුදු දහස් ගාණක් තිස්සෙ ඔට්ටු වෙන අවසානයක් නැති කතා වස්තුවකට කියලා. බැලු බැල්මට අනුව නම් චින්තා මවන්ඩ යන්නෙ හරිම නිදහස්කාමී තමන්ගේ බිරිඳට ඉඩ දෙන සැමියෙක් කියලා. ඇත්ත. ඔව්. ඒකේ දෙකක් නෑ.
ලිංගික තෘප්තිය කියන එක චින්තන ගන්නෙ නිරපේක්ෂ දෙයක් විදිහට. නමුත් ඒක මට අනුව නිරපේක්ෂ දෙයක් නෙමෙයි. මට අනුව කාබනික සුරතාන්තය විතරයි නිරපේක්ෂ. ඒකට රමණය අවශ්‍ය නෑ. දෙන්නෙක් යම් ලිංගික ක්‍රියාවකට සහභාගි වෙන කොට එතැන කතිකාවන් රාශියක් එකට සංවිධානය වෙනවා. පිරිමියා විසින් ලිංගික තෘප්තිය සංවිධානය කරපු කතිකාවන් ගොඩක් ඇතුළේ තමයි ඒ රමණය සිද්ධ වෙන්නෙ. චින්තා දෙන්නෙ යතුරු හිලක්. හැබයි ඒ යතුරු හිල අස්සෙ ඔහු අපිට ඒකේ විද්‍යාව පෙන්නවා. මේකේ කියවන්නාට ඒ විද්‍යාව දෘශ්‍යමාන වෙන මොහොතේ ශෘගාරය වෙනුවට නෂ්ටකාමය මුණ ගැහෙනවා.         
මම මේ පොතේ කැමතිම තැන තමයි බැන්ඩිව අරගෙන එන්ඩ කියලා කේ එයාගේ බිරිඳට කියන තැන. මම හිතන්නෙ තුන්වැනියා මරනවට වඩා සාහසික තෘප්තියක් එතනදි කේ ගන්නවා. නියමෙටම පිරිමි පිරිමි ද්වන්ධ සටනක්. ඒ සාහසික තෘප්තිය තමයි සෙක්ස් වෙන්නෙ. මිනී මරන්නෙ මේක සෙක්ස් දක්වා පරිවර්තනය කර ගන්ඩ බැරි උණාම. ඒ කියන්නෙ ඒ කියන්නෙ තුන්වැනියෙක් තමන්ගේ බිරිඳ එක්ක හැමනෙනවා කියන එකෙන් තමන්ට ලැබෙන උත්තේජකය ඇතුලේ මොනවද කරන්නෙ කියලා තීරණය කර ගන්ඩ බැරි වුණාම තුන්දෙනාම එක්ක හැමනෙනවා වෙනුවට එකෙක් අනෙකවා මරනවා. එක්කො එක්කෙනෙක් අතඇරලා දානවා. තුන්වැනියෙක් ආවම ජිවිතේ පහසු නෑ. ලස්සන නැති වුණාට ඒ සෙක්ස් තමයි. ඒ වගේම මේකේ ඉන්න සැමියා සහ ඔහුගේ බිරිඳගේ සෙකස් පාට්නර් අතර තමයි ගේම තියෙන්නෙ. පිරිමි ආශා කරන්නෙ ගෑනුන්ට නෙමෙයි. ඔවුන් සොරා ගන්නෙ තමන්ගේ ප්‍රතිවාදියාට තමන්ගේ බිරිඳ දෙනවා ඇතියි කියලා හිතන දේ . පිරිමි දෙන්නෙක් මැදට ගෑනියෙක් මැදි වුණාම ඒ පිරිමි දෙන්නා ගන්ඩ හදන්නෙ ඒ ගැහැනිය නෙමෙයි. ඒ ගැහැනිය නිසා ඔවුන් ලබා ගන්නවා කියලා හිතන ප්‍රහර්ෂය. මම හිතන්නෙ එවරස්ට්ගේ පොතේ නොතිබුණු චින්තනගේ පොතේ තියෙන දේ මේකයි. මේක තමයි ගැහැනිය සහ පිරිමියා අතර ඇති ගැටුම. ඒ ගැටුම තමයි නැවත සෙක්ස් වෙන්නෙ.
පිරිමි ලබා ගන්ඩ යන්නෙ ස්ත්‍රිය නොවේ. කසාද බැන්ඳම හරි යම් විදිහකින්  ප්‍රේමවන්තයන් බව යම් යුවළක් විසින් සමාජයට ප්‍රක්ෂේපණය කරන මොහොතේ සිදුවන දේ තමයි හරියටම එහි සීමා මායිම් ලකුණු වීම. ඒ කියන්නෙ අහවලා මට අයිතිය. ඒය භාවිතා කරන්නට එපා. ඊට පස්සෙ ඒක එක ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ පොත  ඇතුලේ ලිංගිකකත්වය ඇතුළට ස්ත්‍රියක් එන්නෙ වස්තුවක් විදිහට. විවාහය ඇතුළට සහ ප්‍රේම සම්බන්ධයක් ඇතුළට. පිරිමියා විසින් මේ වස්තුවට දක්වන සම්බන්ධතාවය සෘජු එකක් නෙමෙයි. ඒ කියන්නෙ ඔහුට අවශ්‍යයි මෙම වස්තුවට ආශා කරන අනික් අය. ස්ත්‍රීන් ලස්සණට අඳින්නෙ මේ තර්කය උඩ. ඒ කියන්නෙ ස්ත්‍රීන් විලාසිතා ගැන උනන්දුවක් දක්වනවා පිරිමින්ට වැඩිය.  ඒ කියන්නෙ සියලුම පිරිමින්ගේ ආකර්ශණය ඇයට අවශ්‍යයි එක් පිරිමියෙකුගේ සීමාමායිමක නතර වීමට. තුන්වැනියා ප්‍රාදුර්භුත වෙන්නට කලින් සිටම වාස්තවික යථාර්ථය තුළ පිරිමියෙක් අපේක්ෂාකරනවා තුන්වැනියාව. ඔහු ආයුධ මුවහත් කරනවා. ඔහු වැටවල් බඳිනවා. තහංචි නිර්මාණය කරනවා. එක්තරා නිමේෂශයක මෙම මනෝ ලෝකය තුළ සිටින තුන්වැනියා කඩා පාත්වෙනවා. හැබයි මේක අපේක්ෂාවක් සහ ආශාවක්. ඊට පස්සෙ මොකද කරන්නෙ?
හොරෙන් විනෝද වෙන එක තමයි ඒකට තියෙන මානුෂික උත්තරය. ඒ කියන්නෙ ඒක යථාර්ථය තුළට අරගෙන එන්නෙ නෑ. ඒක අවිඥාණයක් විදිහට පවතින්ඩ ඉඩ අරිනවා. දැන් අපිට පේනවා චින්තන විසින් මේ තුන්වැනියා සමග විනෝද වෙන මේ අවිඥාණික පැන්ටසිය ගේනවා මතුපිටට. එතකොට ඒක ශෘගාරාත්මක වෙන්නෙ නෑ. ශෘගාරයේ තියෙන සියලු හැකියාවන් නැති වෙලා අපිව අපිට නොපෙනුනු යථාර්ථයකට සම්මුඛ වෙන එක. ඒ හින්දා මට මේක ශෘගාර නවකතාවක් නෙමෙයි.
චින්තාගේ පොතේ ඉන්න ගැහැනිය පැටලෙන්නෙ උගුලක. ඒ කියන්නෙ ඇය ඇගේ සැමියාගේ උගුලේ පැටලෙනවා. සම්ප්‍රදායික ගැහැනියක් වගේම. චින්තා සම්ප්‍රදායික ගැහැනිය හෝ ලිංගික වස්තුව නිර්මාණය කරන්නෙ පරණ වෙස්මුහුණ ගලවලා දාලා. ඒ හින්දා චින්තා පැළඳ ගෙන ඉන්න වෙස් මුහුණ ලස්සණයි.
ලිබරල් විමුක්තිකාමි පිරිමින් අති සම්ප්‍රදායික පිරිමින්ටත් වඩා භයානකයි. මොකද ඔවුන් ගැහැනියක් ලිංගික වස්තුවක් බවට පත් කරන්නෙ සාහසික විදිහට. මේ පොත පටන් ගන්නෙ බිරිඳ වෙනත් පිරිමියෙක් එක්ක රමණයකට සහභාගි වෙන තැනින්. චින්තා දඩුවම් දෙන්නෙ නෑ. ඔහු එයින් ආතල් එකක් ගන්නවා. පිරිමි ගන්නෙ ඒ ආතල් එක තමයි. හැබයි ඒක කියන්නෙ නෑ. ඒක බය නැතිව කියලා තමන්ව නිරාවරණය කරන එකට මම චින්තාට කැමතියි. ඒක තමයි ගැහැනිය නොදැන සිටින පිරිමියාගේ ආශාව.  අපිට පේනවා රැඩිකල් පිරිමියෙක් ඉන්නවා. හැබයි අන්තිමට ඔහුගේ අතේ තියෙන්නෙ කසයක්. නවකතාව ඉවර වෙන්නෙ කසයකින්.
වස්තුවකට තමන්ගේ පැවත්මක් තෝරා ගැනීමක් නෑ. ඒහි අයිතිකාරයාගේ ආශාව නිරූපණය කිරිම තමයි වස්තුවක් විසින් කරන්නෙ. ඉතින් ගැහැනියගේ ඉපරණි රූපය තමයි වස්තුවක් විදිහට පැවතීම. විවාහය තමයි එහි සංවිධානාත්මක ව්‍යුහය.  අයිතිකරුවාගේ ආශාව කුමක්ද එය නිරූපණයට කිරීම තමයි ආශාවේ වස්තුවක් වීමේ කොන්දේසිය. චින්තන කරන්නෙ මේක උත්කර්ශයට නංවන එක. ඉංග්‍රිසි කතා කරාට හෝ රැකියාවක් කරාට හෝ උපාධියක් ගත්තට හෝ ගැහැනියක් විමුක්තිකාමි ගැහැනියක් වෙන්නෙ නෑ. ඇය වස්තුවක සිට මාරු විය යුතුයි පුද්ගලයෙක් වීම දක්වා. ඒක තමයි අද අපිට කරන්ඩ වෙලා තියෙන්නෙ.  කාටහරි විමුක්තියක් ඕනේ නම් වස්තුවක සිට පුද්ගලයා දක්වා මාරු වීමට අරගල කළ යුතුයි. එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. හැබැයි පිරිමින්ට වස්තුවක් මිසක් පුද්ගලයෙක් අවශ්‍ය වෙන්නෙ නෑ. පරිභෝජනවාදී සමාජයක් ඇතුළේ ඒක තවත් උත්කර්ශයට නැංවෙනවා. පරිභෝජනවාදී සමාජයට පුද්ගලයෝ අවශ්‍ය නෑ. වස්තුන්වල අයිතිකාරයෝ තමයි වුවමනා වෙන්නෙ.  නූතන ගැහැනියට මුණ ගැහෙන්නෙ චින්තනලා වගේ පශ්චාත් සම්ප්‍රදායික පිරිමි මිසක් ගොඬේ බයියලා ජාතියේ පිරිමි නෙමෙයි.  විමුක්තිකාමි ගැහැනියකට පශ්චාත් සම්ප්‍රදායික පිරිමියෙකුට ආලයෙන් බැඳෙන්නට බැරි වන්නෙ එතැනයි. අප විමුක්තිය ලබා ගත යුත්තෙ පශ්චාත් සම්ප්‍රදායික මොඩලයක් ඇතුළේය. චින්තනගේ යෝජනාව එයයි. චින්තනගේ පොතේ තියෙන්නෙ ලිංගික විමුක්තිය නෙමෙයි. ස්ත්‍රියක හා පුරුෂයෙක් සහභාගි වෙන ලිංගික කටයුත්තක විමුක්තියේ කොන්දේසි ලබන්නට නම් ඔවුන් දෙදෙනාම පුද්ගලයෝ බවට පත් විය යුතුයි. ඒක පශ්චාත් සම්ප්‍රදායික පිරිමියෙකුගේ ලෝකයට ආගන්තුක ලිංගික තෘප්තියකි. පශ්චාත් සම්ප්‍රදායික පුරුෂයෙකුගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නෙ කසයක් අතට ගත් විටය. තුන්වැනියා සමග එක් වී සිය බිරිඳ ඔහු සමග හැමනීම බලාගෙන සිටින විටය. මෙය සම්ප්‍රදායික පිරිමියාට නුහුරුය. ඔහු එය මවා ගන්නේ මනෝ ලෝකය තුළය. එය යථාර්තයට සම්මුඛ වුවහොත් ඔහු තුන්වැනියාව මරා දමනු ඇත. නැතහොත් ගැහැණියට ඒ මොහොතේම දඩුවම් කරනු ඇත. නමුත් පශ්චාත් සම්ප්‍රදායික පිරිමියාගේ ලෝකය යනු පැන්ටසිය යථාර්ථය බවට පරිවර්තනය කරන නිමේෂයයි. ඇත්තෙන්ම චින්තා කරන්නෙ සම්ප්‍රදායික පිරිමියා කකුල් දෙකෙන් හිටවන එක. ඔහු තමන්ගේ සගයට කියනවා. කකුල් දෙකින් හිට ගනින් ඩෝ! බය නැතිව ගෑනිට කියහං අපි ආතල් ගන්නෙ කොහොමද කියලා. සම්ප්‍රදායික පිරිමියාට තිබුනේ මනෝ කායක් විතරක් නම් චින්තා ඒකට ශරිරයක් දෙනවා.
මොනර බිත්තර  ඇතුළේ ඉන්න කේයි  Faculty oF sex  ඇතුලේ ඉන්න කේයි දෙන්නම මට සමානයි. එකම වෙනස මේ දෙන්න වැඩ කරන විදිහ වෙනස්. විවාහයකට නිර්මාණය කරන්ඩ පුලුවන් එකම සැමියයි. මොනර බිත්තර එකේ කේ තමන්ගේ ආශාව ගැන අවිඥාණිකයි.  Faculty oF sex  එකේ ඉන්න කේ ආශාව ගැන සවිඥාණිකයි. ඒ හින්දා ඔහු තුන්වැනියාගේ ආශාව එක්ක පූසාගෙයි මීයාගෙයි සෙල්ලම කරලා සුරතාන්තය ලබා ගන්නවා. හැබයි මොනර බිත්තර එකේ කේ ඒක ලබා ගන්නෙ අවිඥාණිකව. ඒක නිසා ඔහු සවිඥාණිකව හිතනවා තුන්වැනියා ඔහුව විනාශ කරනවා කියලා. ඒක නිසා ඔහු තුන්වැනියා එක්ක සටනට යනවා. ඔහු පරදිනවා.  Faculty oF sex   එකේ ඉන්න කේ දිනනවා. තුන්වැනියා පරදිනවා. මනමේ කුමාරයා දිනනවා. වැද්දා පරදිනවා. චින්තාගේ මනමේ කුමාරයා වැද්දාට කඩුව ගන්ඩ දෙන්නෙ නෑ. චින්තාගේ මනමේ කුමාරයා මනමේ කුමරියගෙන් කඩුව උදුරලා අරගෙන වැද්දාට අනිනවා. (චින්තා අපි යමුද බියර් එකක් බොන්ඩ?)  මේක ගැහැනියගේ ලිංගික විමුක්තිය නොවෙයි. මේක පිරිමියා තුන්වැනියාට අදහාගත නොහැකි දඩුවමක් දීමෙන් ස්ත්‍රිය ශික්ෂණය කිරීමේ නව මොඩලය. අපි වගේ සමාජවල ත්‍රී සම් තියෙන්ඩ පුලුවන් විදිහ ඒකයි.

මේකේ අවසානය නම් ගෘහස්ථ හිංසනය ගැන හිත කරදර කරගන්න පිරිමින්ට ගොඩාක් රිදෙයි. මේ කාලේ ගෘහස්ථ හිංසනය ගැන ගෑනුන්ට වැඩිය කරදර වෙන්නෙ පිරිමි. ගෘහස්ථ හිංසනය කොහොමද අපේ රටේ පවුල් ආරක්ෂා කරේ කියලා මේ කතාව කියෙව්වාම තේරුම් ගන්ඩ පුලුවන්. (විහිලුවක්- කොහොම හරි ගන්ඩ තියෙන ආතල් ටික ඔක්කොම අරගෙන චින්තා අර ගෑනිට අන්තිමට කස පාර දීලා නවත්තන්නෙ.)  සම්ප්‍රදායිකව ගැහැනියක් වෙනවා කියන්නෙ යටත් වෙනවා කියන එකට. කාගේ හරි ආශාවේ වස්තුව වෙන එක නම් ගැහැනිය කියන්නෙ අප කස පහර කන්නට සුදානම් විය යුතුයි. ඔව් මමත් සමහරක් විට මට ගැහැනියක් වන්නට වුවමනා වු විට මාව යටත් කරන මිනිහෙක් එක්ක නිදා ගැනීමක් ගැන සිහින මවනවා. මොකද එක්කො අපිට මුණ ගැහෙන්නෙ සම්ප්‍රදායික පිරිමි. එහෙමත් නැත්නම් පශ්චාත් සම්ප්‍රදායික පිරිමි.  (මම දවසේ වැඩි කාලයක් හිතාගෙන ඉන්නෙ මම පිරිමියෙක් කියලා.  රෑ එකොළහ කෝච්චියේ යන්නෙ ඔක්කොම පිරිමි. මම හරි ආශයි එකේ යන්ඩ. මම හිතන්නෙ මමත් ඒගොල්ල වගේ පිරිමියෙක් කියලා. සමහර වේලාවට මට එහෙම හිතෙන එක එපා වුනාම මම කල්පනා කරනවා ගෑනියෙක් වෙන්නෙ කොහොමද කියලා.) මට ගෑනියෙක් වෙන්ඩ ඕන වුණාම  මම හොයා ගන්නවා සල්ලාලයෙක්. මම දෙනවා ඒ මිනිහගේ අතට කසයක්. මම කියනවා එයාට මගේ තට්ටම් වලට ගහන්ඩ. මාව යටත් කරන්ඩ. මගේ අතපය බැඳලා දාන්ඩ. මාව හුරන්ඩ. මම කොයි තරම් අකමැති වුනත් මම කැමතියි ඒ වේලාවට  ලොකු පුරුෂ ලිංගයක් තියෙනවා නම්. ඒ කියන්නෙ මට ගෑනියෙක් වෙන්ඩ වුවමනා වෙලාවට. ඒක කසයක් වගේ වගේ මාංශය ඉරලා දමාවි. ඔව්, එයා ඉරනවා මාව. මම එයා ළග වැඳ වැටිලා කියනවා මාව යටත් කරන්ඩ. මගේ මාංශය ඉරෙන කොට මට දැනෙනවා ඔව් මම ගැහැනියක්.  ඊට පස්සෙ ඒ මිනිහා හැමනිලා ඉවර කරාට පස්සෙ මම යනවා ගෙදර. මම මතක් කරනවා ඒ මිනිහා මගේ ශරීරය පාවිච්චි කරපු විදිහ. ඊට පස්සෙ මම ස්වයං වින්දනයේ යෙදිලා සුරතාන්තයට පත් වෙනවා. මම ගැහැනියක් වෙන්ඩ වුවමනා වෙලාවට කරන්නෙ ඒක. කසය කියන්නෙ මට උරුම වෙච්ච පුරාතන උරුමයක සංකේතය. වහල්කම ලෝකයන් ඉවත් වෙන කොට කසය ලෝකෙ නැති වෙලා ගියපු දෙයක්. ඒත් ඒක චාරිත්‍රයක් විදිහට අපිට නැවත ඕන වෙනවා. චාරිත්‍ර කියන්නෙ අපි ඉවර කරපු ඉතිහාසය. අපි ඉවර කරපු ඉතිහාසය වර්තමානයට අරගෙන ඉන්නෙ චාරිත්‍ර. ඉතින් සෑම පිරිමියෙක්ම කසයක් තෑගි දිය යුතුයි ඔවුන්ගේ බිරිඳගේ උපන්දිනේට. ඒකේ තේරුම වහල්කම ඉවරයි කියන එක. අපිට පුලුවන් අපේ ඉතිහාසය සංසර්ග ප්‍රහර්ෂයට භාවිතා කරන්ඩ.  ඕ ගේ කතාව ඇතුළේ තියෙන ලිංගික ප්‍රහර්ෂය මට තාම මතකයි. මොකද වහල්කම ඉවර වුණාට සංසර්ගය තාම තියෙනවා. වහල්කම ඉවර වුණාට බිරිඳ තාම ඉන්නවා. ආශාවේ වස්තුවක් වෙනවා කියන්නෙ කස පහර කන එක. ඉතින් අන්න ඒකයි මම ගෑනියෙක් වෙන්ඩ ආශා වෙලාවට මම නිදා ගන්න පිරිමි අතට කසයක් දෙන්නෙ. මම එයාලා අතට දෙනවා ලණු මාව බැඳලා දාන්ඩ. (මම ගෑනියෙක් කියලා මම මටම කියා ගන්න වේලාවට. මේකයි තුන්වැනියාගේ ආගමනයයි තමා තමයි මගේ ‘රතු සපත්තු’ ඇතුළෙ තියෙන්නෙ. Mr මනමේ ඇතුළෙ තියෙන්නෙ තුන්වැනියා පිළිබඳ ගැටළුව.)

මොකද තවම අපි ගෙවමින් සිටින්නෙ සම්ප්‍රදායික පිරිමින්ගේ සහ පශ්චාත් සම්ප්‍රදායික පිරිමින්ගේ ආධිපත්‍ය දරන ලෝකයක නිසා රමණයට සභගාගි වෙන්ඩ තියෙන එකම අවකාශය ඕක තමයි.
තමන්ගේ උපන් දිනයේදි කසයක් අතට දෙන සෑම පිරිමියෙක්ම මට නම් මොර්ඩන්. මොකද ඒ මිනිහාගේ ඔලුව ඇතුලේ වහල්කම ගැන තියෙන අයිඩියල් එක ඉවරයි. ඒ මිනිහාට ඒක දැන් චාරිත්‍රයක්. නැවත කියනවා නම් කසයක් සංසර්ගය ඇතුළට එනවා කියන්නෙ ඒක උපන්දින ත්‍යාගයක් වෙනවා කියන්නෙ සෑබෑ (ඉතිහාසය) යථාර්තය අවසන් වීම. ඒක පුරුෂ ලිංගය සෙක්ස් ඩිල්ඩෝවක් විදිහට තෑගි දෙනවට වඩා මොර්ඩන්. ඒ කියන්නෙ ඒක පිරිමින්ට තියා ගන්ඩ වෙන්නෙ ඔය විදිහට.
සංසර්ගයට යන්ඩ පෙර එකම එක වතාවක් හෝ කසයක් දෙන්න ඔබේ සැමියා අතට. එය ගෘහස්ථ හිංසනය නොවෙයි. එය ගෘහස්ථ හිංසනය අවසන් වු බවට කරන පළමු නිවේදනය.
පිරිමියාට අවශ්‍ය වන්නෙ ගැහැනිය හෝ ඇගේ ශරීරය නොවෙයි. ඔහුට අවශ්‍ය වන්නෙ ඔහු නොවන අනෙක් පිරිමියාගේ ආශාව. චින්තන අපට හෙළිදරව් කරන වැදගත්ම දේ එයයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙමෙයි. චින්තන දිගටම වස්තුවක් විදිහට මේ පොත ඇතුළේ ගැහැනියව තියාගෙන ඉන්න එක. ගැහැනියක් වස්තුවක් විදිහට නෙමෙයි පුද්ගලයෙක් විදිහට රමණයට සහභාගි කර ගන්නෙ කෙහොමද කියන එක කතුවරයාගේ විශ්වය තුළ නැහැ. අම්මලා ආශා නැහැ ඒගොල්ලන්ගේ පුංචි දරුවෝ ලොකු වෙනවට. තාත්තලත් එහෙමයි. පුංචි ළමයින්ට තමන්ගේ පවුලේ සමාජිකයන්ගෙන් තොර විශ්වයක් නෑ. ඔවුන් හුරතල්. ඔවුන් අපි ළගම දැවටෙනවා. පුංචි ළමයින්ට ලලසාත්මක වුනාම අපි කැමති නෑ ඔවුන් ලොකු වෙනවාට. නමුත් ඔවුන් වැඩෙනවා. අපිට බැහැ ඔවුන් ලොකු වෙන එක නවත්න්නට. මගේ පුංචි එකා මගේ ලාලසාවෙන් එහාට ලොකු වෙන කොට ඌ මගෙන් විමුක්තිය ලබනවා. ඒක නිසා පසු නුතන වෙනවා කියන්නෙ ගැහැනිය වස්තුවක සිට පුද්ගලභාවයකට මාරු වෙන එක. වරක් මෙය දුටුවොතින් ගැහැනියක් ඇයට විමුක්තිය සමග රමණයේ යෙදෙනවා මිසක මේ ගෙවන නිමේෂය තුළ වෙනත් කිසිදු තෝරා ගැනීමක් නැහැ. විමුක්තිකාමිනියකට ඉතිරු විය හැකි එකම ප්‍රහ්ර්ෂය මේ මොහොතේ ස්වයං වින්දනය පමණයි. චින්තනට මා ස්තුති කරන්නෙ පශ්චාත් සම්ප්‍රදායික පිරිමියාගේ ආශාව අපට සාහිත්‍ය තුළ සම්මුඛ කරන නිසාය. ලිබරල් පවුල ගෙනියන්ඩ පිරිමි සහ ගෑනු විඳින වේදනාකාරිත්වය දැක්කම මට දුකත් හිතෙනවා. විශේෂයෙන් පිරිමි ගැන. ඒගොල්ල පව්. මේකේ ඉන්න පශ්චාත් සම්ප්‍රදායික පිරිමියා කෑගහලා අඬලා ඉල්ලන්නෙ එක දෙයි. අනේ මාව දාලා යන්ඩ එපා. ඔව්, චින්තන අපි ඔයගොල්ලන්ව දාලා යන්නෙ නෑ. බය වෙන්ඩ එපා.

                                                                                          
-නදීකා බණ්ඩාර