Thursday, September 27, 2018

බිජ්ජ ඇකිලිලා ඇතුළට යන හැඟීමක්


නදීකා තනේ පෙන්වා ආතල් දෙන්නේ නැත. එය රඟපෑමක්ද නොවේ. මෙය ඇයගේත්, මගේ බිරිඳගේත් මවගේ මෙන්ම බොහෝ විට දියණියගේත් ජීවිතවල සැබෑ නිරූපණයයි. නිසැකවම ඔබගේත්...

බොහෝ දෙනාට පොදු නමුත් ඉතාමත් සුළුතරයක් පිළිගන්න සත්‍යයක් වෙනුවෙන් නදීකා තම රංගන වෘත්තිය සඳහා සන්නාමයක් තබනවා. මේ සන්නාමය අලෙවි කරන්න පුළුවන් එකක් නොවෙයි. මොකද, මිනිසුන්ට අවශ්‍ය තමන්ගෙ පීඩනය දිහා බලලා සතුටු වෙන්න මිසක එහි යථාර්ථය විශ්ලේෂණය කරලා දුක් වෙන්න නෙවෙයි. කෲරත්වය ලංකාවේ නිර්භීතකමයි. ලිංගික අසහනය මෙහි ස්ටයිල් එක වේ. ගැහැණිය යනු තවදුරටත්, පිඟන් දහයකට දොලහකට කෑම සකස් කර බෙදා දී කුසගින්නේ සිටිය යුතු සත්වයෙකි. ඒක නිසා අවම වශයෙන් විකල්ප චින්තකයෝ යයි කියාගන්නා පිරිසවත් මේ නාට්‍යය බලයිද කියලා සැකයි. 

වැඩිහිටියන්ට පමණයි යන භාණ්ඩය ලංකාවෙදි වැඩිපුර මාකට් උනේ අතේ ගසන උන්ට. ඒක චිත්‍රපටවලදි නම් ලුම්පන් (සාමාන්‍ය) සහ නාට්‍යවලදි කාන්තා විමුක්තිදායකයො වගේ එවුන්ට. නදීකා ඇතුළු කණ්ඩායම තෙත් භූමි වලින් මේ තත්වයට වෙනස් රියලිටි එකක් ගේනවා. අඩුම තරමින් බිජ්ජ ඇකිලිලා ඇතුළට යන හැඟීමක් හෝ ඒක සාධනීයයි. මොකද එතැන සිට හිතන්න පුළුවන්...

පෙරමුණ මිගාර





No comments:

Post a Comment