Wednesday, February 5, 2020

‘තෙත්භූමි’ භාවමය විචල්‍යතාව හා උපස්ථිතිවාදය.


නදීකාගේ ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ එන තේමා පොකුර තාන්ත්‍රික වෛශ්‍යාවකගේ, දිව්‍යමය වෙසඟනකගේ මෙලෙස පිරිමින්ව කිසිදු වෙනසකින් තොරව පිරිසිඳ ගැනීම, සමසරාගික හා විෂම සරාගිකත්වය, ස්ත්‍රී උමතුව, ත්‍රෛපාර්ශ්වීය ලිංගික සබඳතා, රුහිරු ප්‍රඥාව, යුනික ප්‍රඥාව, ගර්භ ප්‍රඥාව- වෛශ්‍යාමය ප්‍රඥාව  කැටි වූ උමතු ප්‍රඥාවත්, බටහිර රැඩිකල් ස්ත්‍රීවාදයේ දේශපාලනික මෙන්ම අරාජික විරෝධයත්, සමාජ ස්ත්‍රීවාදී පිවිතුරුවාදයත් අතර ගැටුමින් හට ගන්නකි.

ඇගේ උපස්ථිතිවාදය පැන නගින්නේද ඒ තුළ ග්‍රහණය කළ පසු අතුරුදන් වන මායාමය යථාර්ථය තුළිනි. කේතනය කළ නොහැකි හෝ විකේතනය කළ නොහැකි උභයවේගී, ස්ථාවරකරණය නොවන, අනිච්ඡ- අනිත්‍ය සංවේදනා හෝ හැඟීම් දහරාවන් උපස්ථිතිවාදී වේ. එහි ස්ථිතිය හසුකොට  ගත නොහේ. ඇත්තේ උපස්ථිතීන්ය. යථාර්තය නොව ධාරණාවන්ය. උත්පාදය හා භංගය තිථිය තුළම ගැබ්වේ. ඒ වටහා ගත් පසු එන ප්‍රභාවශීලී මනස ඉන් ස්පර්ශ වේ. සංකල්ප රූපික නොවන හා භාවමය වශයෙන් නාමකරණය හෝ කේතනය කළ නොහැකි ස්ථාවරකරණය හෝ උච්ඡාවස්ථාව පත් නොවන, තිරසර නොවන හැඟීම් උපස්ථිතිවාදය තුළ දකිත හැකිවේ.


see more

https://solanasarchive.blogspot.com/2020/02/blog-post.html

No comments:

Post a Comment