Wednesday, December 18, 2019

නදීකා බංණ්ඩාරගේ ‘තෙත්භූමි’ 28දා




නදීකා බණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ දෙසැම්බර් 28 වනදා සවස 7.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

  ප්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි. 

නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන, රුවන් රංගේ, සිසිර වෙඩික්කා රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි.

ප්‍රේම් ජයන්ත කපුගේ අංග රචනයෙන් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි. 

‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.   







Monday, December 2, 2019

මෙතෙක් වේදිකාවේ දුටු ප්‍රබලතම සහ නිර්භීතම ගැහැණු රංගනය



නදීකා, මම තෙත් භූමි බැලුවා. ඔයා සමග කතා කරන්න හිටියත්, හදිසියේ එන්න වීම නිසා බැරි වුණා. තෙත් භූමි ඇතුළු ඔබේ කණ්ඩායමේ රංගනය මා මෙතෙක් වේදිකාවේ දුටු ප්‍රබලතම සහ නිර්භීතම ගැහැණු රංගනයයි.

17/09/2018, 12:53
Kaushalya Ariyarathne



සහෝදරිය ප්‍රේක්ෂකාගාරය ඔබ සිතන තරම් අමනෝඥ නැත.

අපි ලිංගේන්ද්‍රයත් යෝණියත් එහි කාර්යභාරයත් හොඳට දන්නෙමු. ඒ දෙක සමගම ගනුදෙනු කොට ඇත්තෙමු. ඉතින් සරලවම කිව්වොත් අපි ඒ ගැන දන්නවුන් වෙමු. ඔබ කියන උත්සහ කරන්නෙ කුමක්ද?
‘තෙත් භූමි’ නැරඹූ මගේ බුද්ධිය කලම්භනයට ලක් නොවුණා යැයි කීම බොරුවකි. එහෙත් කලා නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකාගාරයට කියන්න යන දේ අපැහැදිළිය. ආරම්භයේදී සමලිංගිකත්වය සමාජයේ වෛරයට පාත්‍ර වේ. ඉන්පසු බලෙන් ගැහැණිය සමග සංසර්ගයේ යෙදෙන පිරිමියා සිටියි. ඒත් සමගම කිසිම ලිංගික තෘප්තියක් නැතිව ඔහේ ස්වයං වින්දනය කරමින් සිටින පිරිමියාට ඔහේ ඉන්න ගැහැණියව හිමි වේ. ගැහැණිය හිමිකර ගන්න අපි ලෝකෙන්ම හොඳට ආදරේ කරමු යැයි ප්‍රලාප කියන පිරිමියා දුටුවෙමි. ගෙදර බුදුන් අම්මා යැයි පුන පුනා කියා ඔබ ඒ සංකල්පයට අභියෝග කරනවා කියා මම සිතමි. සාහසික වෙදැදුරන්ගේ ග්‍රහණයට හසුවන ගැහැණියගේ වේදනාව මම දුටිමි. ලස්සන සහ කැත ගැහැණුන් දෙදෙනා සංකේතාත්මකව ඉදිරිපත් කළා කියාද සිතමි. ඉතින් කතාව පැහැදිළිය. ඔබ නාට්‍යයක් නිපදවා කියන්නට හදන දෙය තමයි අපැහැදිළි. කැමති නම් පහදා දෙන්න. නැවත කියන්නට ඇත්තේ ශුක්‍රාණුව, ඩිම්බය, යෝනිය ආදී සියල්ල පිළිබඳ දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයේ සිටි මට අලුතෙන් දෙයක් ලැබුණා නම් ඒ සජීවී මහජන ප්‍රදර්ශනයක නිරුවත් පයෝධර යුගලක් දැකීමේ වරම පමණක් බවය.

Kalana Weerasinghe1 September at 22:56


  


ශ්‍යාමි කුමාර් නොහොත් නූතන මායාකාරියක් දඩයම් කරයි







       
      වික්ටෝරියන් යුගයේදී ශ්‍යාමි කුමාර්ලාව හැඳීන්වනු ලැබුවේ නිමේෆෝමේනියා රෝගීන් ලෙසය- ලංකාවේදි එය කින්නර පිස්සුව ලෙස හඳුන්වනු ලැබීය- වික්ටෝරියන් යුගයේදි අවශ්‍ය වූයේ නිර් - ලිංගික ගැහැනියක් සහ නිර් - ලිංගික පිරිමියෙක් නිර්මාණය කිරිමය -  යුරෝපියානු මායාකාරියන් දඩයම යනු ද ස්ත්‍රි ලිංගික විරෝධයයි -ලංකාවට ඉංග්‍රීසින් හරහා පැමිනියේ මෙම නිර්- ලිංගික ගැහැනියගේ ප්‍රතිමුර්තියයි- එය ලොව පුරා අධිරාජ්‍යවාදය හරහා බෙදා හරින ලදී -අපගේ අම්මලා ද ආත්තම්ලාද  මෙම නිර් ලිංගික ගැහැනියගේ ආභාෂය සහිත ගැහැනුන් වුහ- අධිරාජ්‍යවාදී බලපෑමට නතු වු ගැහැනුන් විය - ලංකාවේදී “කොච්චි කොටලා ඇරපන් හුත්තෙ” කිවේ මෙයම තමයි- නමුත් එය නීතිගත එමෙන්ම බලපෑම් සහගත තත්වයකට පත් වුයේ යටත් විජිතයක් බවට පත් වූවාට පසුවයි -  වික්ටෝරියන් යුගයේදි අධික ලිංගික ක්‍රියාකාරිත්වයක් සහිත ගැහැනුන්ට නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාරය ලෙස නවකතා කියවීම, පෝෂ්‍යදායි අහාර ලබා ගැනීම තහනම් කරන ලදී, එසේම දින නියමයක් නැති “බෙඞ් රෙස්ට්” එකද එහි අඩංගු විය, ඒ සදහා ඇඳේ ගැටගසන ලදී- එසේම බොරැක්ස් කුඩු දමා යෝනිය සේදීම නිර්දේශ කිරිම සිදු කරන ලදී-  එසේම  සැමියා සමග පවා ලිංගික ක්‍රියාවන් මෙන්ම ස්වයං වින්දනයද තහනම් කිරිමද ප්‍රතිකාරයක් වීය - මේ සියල්ල වික්ටෝරියන් කතිකාවේ රෝග විනිශ්චයකි- රෝග විනිශ්චයට සමාජයේ අධිපති දෘෂ්ටිවාදය  තීරණාත්මක ලෙස බලපානු ලබයි- මෙහි ප්‍රසිද්ධ වාර්තාවක් වන්නෙ බී  මෙනවියගේ  රෝග වාර්තාවයි- බී මෙනවිය නිම්පෝමේනියා රෝගියෙක් ලෙස වික්ටෝරියන් යුගයේදි නම් කරන ලදී - නමුත් පසු කලෙක ලිංගික විප්ලවයෙන් පසුව නිම්පෝමේනියාව යන වචනය වෛද්‍ය විද්‍යාවෙන් ඉවත් වු අතර එය නම් කරන ලද්දෙ අධික ලිංගික ක්‍රියාකාරිත්වය ලෙසයි- තවදුරටත් එය රෝගී තත්වයක් ලෙස නොසැලකුනු අතර එය අතිශය සාමාන්‍ය තත්වයක් ලෙස සලකනු ලබයි- එසේම එය හඳුන්වනු ලැබුවේ ලිංගික අධික්‍රියාකාරිත්වය යනුවෙනි -  මෙය හෝර්මෝන වෙනස්වීම  ගැහැනියගේ හෝ පිරිමියෙකුගේ  ජීවිතයේ වරින් වර ඇති විය හැකි තත්වයක් මෙන්ම දීර්ඝකාලීන තත්වයක්ද විය හැකියි- මෙය ස්වයං පාලනය අහිමි වන තරමට වු ශරිරයේ වෙනස්වීමකි - 
        
                1964 දී සැන්  ප්‍රැන්සිස්කෝ වල  උසාවියට පැමිනි විකාර සහගතම නඩුවක් වුයේ කේබල් කාර් එකක් අනතුර පත් වීමෙන් පසු  ග්ලෝරියා සයික්ස්  නැමති කාන්තාව පැවරූ නඩුවයි- එනම් අනතුර නිසා ඇයට ලිංගික අධික්‍රියාකාරිත්වයක් ඇති වුයේ යන්නයි ඇගේ පැමිනිල්ල වුයේ පාලනය කල නොහැකි ලිංගික ආශාවක් ඇයට ඇති වු බවත් එය ඇයව ලිංගික සම්බන්ධකම් ගණනාවකට ඇඳ දැමු බවත්ය- වාහනය පෙරලි යන අතරමගදි රථය වේගයෙන් ගැසෙන්නට වු අතර එය දරා ගත නොැකි වු විට ඇය තමාගේ හිස බස් රථයේ පොල්ලෙ ගසා ගෙන ඇත- ඇගේ ලිංගික වෙනස්වීම ආරම්භ වුයේ ඉන්පසුවය- මා මෙය සඳහන් කිරිමට හේතුව වුයේ කෙනෙකුගේ ලිංගිකත්වය හෝ එහි ඉතිහාසය ඉතාම සංකීර්ණ කාරණා සමග රඳා පවතින බව වටහා ගැනීමට අප තවත් කොතෙක් කල් ඒ ගැන සංවාද කල යුතුද යන්න මතක් කිරිමටයි  - ෂර්මි ද  අප සැලකිය යුත්තෙ එම සංවාදයේ හවුල්කාරියක් ලෙසය-  එසේම  බොහෝ විට අප නොදන්නා කාරණාව වන්නෙ ගනිකා වෘත්තිය හුදෙක් මුදල් මත පමනක් රදා නොපවතින අතර එය එක්තරා අකාරයකින් ජිවත් විමේ විලාසයක් ද වෙයි- ජිවත් වීමේ විලාසය තීරණය වීමට කෙනෙකුගේ ශරිරයේ ක්‍රියාකාරිත්වය මෙන්ම මානසික ක්‍රියාකාරිත්වයද එක ලෙස බලපානු ලබයි- ලාර්ස් වොන් ට්‍රයර් ( ඇන්ටි ක්‍රිස්ට් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා  ද ඔහුයි ) විසින් අධික ලිංගික ක්‍රියාකාරිත්වයක් සහිත ගැහැනියකගේ ජිවිතය පසුබිම් කර ගනු ලබයි - ලාර්ස් වෙන් ට්‍රයර් ගේ නිම්ෆෝමැනික් මෙන්චෝලියා සහ ඇන්ටි ක්‍රිස්ටි යන චිත්‍රපටි තුනම ගනුදෙනු කරනු ලබන්නෙ මානසික අවපීඩන තත්වයක් යටතේ කටයුතු කරන චරිත තුනක් පාදක කරගෙනය - චිත්‍රපට තුනේ චරිත එම අවපීඩන තත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේ එකිනෙකට වෙනස් ආකාරයන් වලිනි- ලාර්ස් වොන් ට්‍රයර් තමාගේ අවපීඩන තත්වය සමග දිගින් දිගටම ගනුදෙනු කිරිමේ ප්‍රතිඵලය වුයේ මෙම චිත්‍රපට තුනය- එය අවපීඩන ත්‍රිත්වයක් ලෙස හඳුන්වනු ලබයි - ඒ චිත්‍රපට තුන අතරින් නිමිපෝමැනික් චිත්‍රපටය ලිංගික අධික්‍රියාකාරි ගැහැනියකගේ ජිවිතය සහ ඇය මුහුන දෙන  පීඩාකාරිත්වයන්, ලාලාසාවන් ,භීතීන් පදනම් කරගෙන ශිෂ්ටාචාරයට කණේ පාරක් ගසයි - නිම්පෝමැනික් චිත්‍රපටයේ ජෝ නැමති කාන්තා චරිතය මෙන්ම ෂර්මිද සිස්ටම් එකට අභියෝගයකි-
               
     ඇත්තෙන්ම නුතන නීතිය සැලකිලිමත් විය යුත්තෙ ලිංගික ක්‍රියා ආශ්‍රිත රෝග ඇතිවිම වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට පමණයි- අපට නීති දුන් ඉංග්‍රිසින්ගේ ද නිතී වෙනස් වී ගොඩාක් කල්ය - එහෙත් උදේ රෑ සුද්දට බනින අපේ අය තවමත් මානව විරෝධි නීති තවමත් කරතබාගෙන යයි - ලෝකයේ බොහෝ රටවල ලිංගික විප්ලවය සිදුවූයේ  වික්ටෝරියන් ලිංගික වටිනාකම ලෙස සැලකු නිර් ලිංගික කතිකාවට අහියෝග  කිරිමෙනි -මෙය සිදුවුයේ ශ්‍යාමි මෙන් තමාව බිල්ලට දීමට සුදානම් වු ගැහැනුන්ගේ නිර්භය මැදිහත් වීම් වලිනි - එම නිසා මට නම් ශ්‍යාමි සිදු කර ඇත්තෙ මිනිස් අයිතිවාසිකම් පිලිබඳ බරපතල දේශපාලනික මැදිහත් වීමකි - තමාගේ ලිංගිකත්වය පිදිබදව ඇයට දැනෙන අවංක හැගිම ප්‍රකාශ කල අතර එය ලංකාවේ ගැහැනියකගේ ලිංගික නිදහස උදෙසා සිදු කරන ලද තීරණාත්මක බලපැම් සහගත මැදිහත් විමකි- එය නිදහස පිලිබඳ ව්‍යාපෘති වලින් ඔබ්බට ගියාවු මැදිහත් වීමකි- අතීතයේ ඡන්ද අයිතිය ලබා ගැනීම වෙනුවෙන් මරණය තෝරා ගත් ගැහැනිය තරමට ප්‍රබල මැදිහත් වීමකි-  ලිංගික ශ්‍රමිකයන් ලංකාවේ සිටින බවත් එය ඉල්ලුමක් සහිත කර්මාන්තයක් බවත් කවුරුත් දන්නා කාරණයකි- එහෙත් ඒ ගැන නිර්භය ලෙස කතා කරන්නට හැකි වුයේ කාටද ? ශ්‍යාමිගේ දේශපාලනය පටන් ගන්නෙ ඇය ඒ ගැන කතා කරන්නට පටන් ගැනීමෙන් පසුවය-  ගනිකාවන් සම්බන්ධයෙන් සාහිත්‍ය ඇති පදම් කදුලු හෙලා ඇත- කවියෝ ඇයට අනුකම්පා කලහ - නමුත් ශ්‍යාමි හඬන්නෙ නැත- වැළපෙන්නෙ නැත- ඇය අභිමානවත්ය - ඇය ආත්ම විශ්වාසයෙන් යුක්තය- ඇය පසුතැවිලි වන්නෙ නැත- ඒ නිසා ඒ සියලු සාහිත්‍යටත් කවියටත් වඩා ශ්‍යාමි සිටින්නෙ ඉහලිනි- ලෝ ප්‍රකට රෝම මෙලනිසියාට ආදරවන්තයන් එකසිය පනහක් සිටි අතර ඉතිහාසයට ඇය අපකීර්තිමත් චරිතයකි - ඇයගේ සුප්‍රසිද්ධ කතා අතර ගනිකා නිවාසයක ඇය ගනිකාවක් සමග කල තරඟයද සුප්‍රසිද්ධය- අනුලා බිසව ද ලංකාවේ අපකීර්තියට පත් වන්නෙ ඇගේ ලිංගිකත්වය නිසාය- එසේ නුමුදු රජවරුන්ගේ අන්තංපුරයන් ගැන අප කතා කරන්නෙ ආඩම්බරයෙනි-
        
            කෙසේ නමුත් අද ශ්‍යාමි අපරාධකාරියක් වන්නෙ වික්ටෝරියන් වටිනාකම් සහිත නීතියට, වෛද්‍ය විද්‍යාවට ,කලාවට සහ එය නියෝජනය කරන අයට පමනි- මානව නිදහස මෙතෙක් ආ ගමන් මඟට ගරු කරන අයට ඇය සෑබෑ මනුෂ්‍යයෙකි - - එසේම ලිංගික බලහත්කාරයන් සිදු කර මරා දමනු ලැබු ගැහැනුන් ගැන හඬන දොඩන අයට නොතේරෙන කාරණය වන්නෙ ෂර්මි වැනි ගැහැනුන්  එවන් ගැහැනුන් කී දෙනෙක් බේරා ඇති ද යන්නයි -එසේම  ලිංගික අපරාධකාරයන්  වන්නට සිටි  පිරිමින් කී දෙනෙක් එයින් මුදා යහපත් මනුෂ්‍යයන් කරන්නට ඇතිද යන්නයි - 

         හෙට දිනයේ ශ්‍යාමි කුමක් කරන්නේද යන්න අනාවැකි කීමට නොහැකි නමුත් මේ දක්වා වු ඇගේ සංවාදයට මම හිස නමා අචාර කරමි -                                                                   
                                                                                                                 නදීකා බණ්ඩාර