Saturday, March 2, 2019

නදීකා බණ්ඩාරගෙන් ‘ රංග ශෛලීන් හඳුනා ගනිමු’




නාට්‍යවේදිනී නදීකා බණ්ඩාරගේ ‘රංග ශෛලීන් හඳුනා ගනිමු’ කෘතිය කවිවර ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී තිබේ.

ග්‍රීක, රෝම හා මධ්‍යකාලීන යුරෝපා නාට්‍ය කලාව මෙන්ම සංස්කෘත, ජපාන හා චීන නාට්‍ය කලා සම්ප්‍රදායන් පිළිබඳවද, රොමෑන්තිකවාදී, නව සම්භාව්‍යවාදී, යථාර්ථවාදී සුභාවිත නාට්‍ය රීතීන් පිළිබඳවත්, නූතනවාදී හා පශ්චාත් නූතනවාදී බටහිර රංග ශෛලීන් පිළිබඳවත් විධිමත් හැඳින්වීමක් මෙම කෘතිය ඔබ වෙත ගෙන එයි.  

අපොස සාමාන්‍ය පෙළ, උසස්පෙළ මෙන්ම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා නාට්‍ය හා රංග කලාව හදාරන සිසු සිසුවියන්ට ගුරුවරුන්ට මෙන්ම නාට්‍යලෝලී සැමට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සැකසී ඇත.   

No comments:

Post a Comment