Monday, March 4, 2019

රතු සපත්තු 06 වන දා





හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ රතු සපත්තු සුරංගනා කතාව ඇසුරින් නදීකා බංඩාර තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ රතු සපත්තු  මාර්තු 06 වන බදාදා රාත්‍රී 9.00ට කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ( Goethe Institute  ) ප්‍රදර්ශනය කෙරේ. ඇජෙන්ඩා 14, ගොතේ ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව ආදි ආයතන ගණනාවක සහයෝගයෙන් සංවිධානය වන “කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල” නියෝජනය කරමින් පැවැත්වෙන මෙම දර්ශනය සඳහා සිනමාලෝලී මිතුරු මිතුරියන්ට ගැහැනුන්ගේ වේදිකාව ඇරයුම් කරයි.

නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය වන මෙය ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.

නදීකා බංඩාර, ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප් සමග රුවන් රංගේ මෙහි චරිත නිරූපනය කරති. කැමරා අධ්‍යක්ෂණය සුදර්ශන සෝමරත්නගෙන් වන අතර ‘රතු සපත්තු’ සංස්කරණය රොෂාන් කරුණාරත්නගෙනි.

‘රතු සපත්තු’ නිෂ්පාදනය කැළුම් අමරසිංහගෙනි.

https://www.youtube.com/watch?v=VW6rl-8MsIE

https://pitasthariya.blogspot.com/2017/10/blog-post.html

http://womansstage.blogspot.com/2015/08/blog-post_6.html

https://soundcloud.com/user-892435911/rathu-sapaththu-disscussion



No comments:

Post a Comment