Sunday, September 2, 2018

සමස්ත ලාංකීය රංගකලාවේ හැරවුම් ලක්ෂ්‍යයක්




නදීකා බණ්ඩාරගේ ‘තෙත් භූමි’ නැරඹුවෙමි. කුරිරු රංග කලාව ඇය ස්පර්ශ කර ඇත්තේ ඇගේ ජිවිතයේ කුරිරු ජීවන ස්වභාවය තුළමය... නමුත් නදීකාගේ වේදනාව හැම ස්ත්‍රීයකගේම වේදනාවයි.... ඒ වේදනාවේ මූලිකයා පිරිමියා කියා නදීකා සිතා සිටිනවා නම් එය කවමදාවත් සත්‍යයක් නොවේ.... ගැහැණු වේවා... පිරිමි වේවා... වේදනාව ශාරීරිකව නොව මානසිකව සමස්ථ මනුෂ්‍යයාටම පොදු කරුණකි.... ඔබ ශාරිරික වේදනාව තුළ සමස්ත පිරිමියාට සාපකර ඔහුව අතහැර කාන්තා විමුක්තියක් ගැන සිතන්නේ නම් ඔබේ විමුක්තිය ඔබ ලඟම සදාකල් තියේවි.... අපට තනි තනියෙන් ලඟාකරගන්න පුලු‍වන් විමුක්තියක් නැහැ නදීකා...

කෙසේ නමුත් නදීකා ඔබ අතුලු‍ ඔබේ කණ්ඩායමේ ඉතාමත් ශ්‍රේෂ්ඨතම පෙනී සිටීම ලෙස මා මේ පෙනී සිටීම දකින්නෙමි.... එය සමස්ත ලාංකීය රංගකලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මා ඉතාමත් වගකීමෙන් කියන්නෙමි.... ඔබ ඇතුළු ඔබේ නාට්‍ය කණ්ඩායමට ජය වේවා.....

ජෙහාන් අප්පුහාමි

1 comment:

  1. මට නම් කිසිම අවබෝධයක් නෑ මේ නාට්‍ය ගැන...
    මොකක්ද මේක?

    ReplyDelete