Monday, July 10, 2017

භාව විරේක අගෝස්තු 25





ජගත් ජයසේකරගේ අධ්‍යක්ෂණයක් වන භාව විරේක වේදිකා නාට්‍යය 2017  අගෝස්තු 25  වන සිකුරාදා සවස 6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකා ගතවේ.

භාව විරේක දේශීය ශාන්ති කර්මමය අභිචාර හා වෙස්මුහුණු  යොදා ගත් පර්යේෂණාත්මක නාට්‍යයකි. නූතන රංග ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික ජන රංගයන් අපූරුවට යොදාගත් විනෝදාත්මක ප්‍රහසනයකි. 

ජගත් ජයසේකර,  සුසන්ත ප්‍රදීප්, නදීකා බංඩාර,  කසුන් ජයරත්න,  ජෙනිටස් පෙරේරා  රංගනයෙන් දායක වන මෙහි නර්තන වින්‍යාසය සුසන්ත ප්‍රදීප්ගෙනි. 

වෙස් මුහුණු නිර්මාණය කරුණාදාස ඔලබොඩුවගෙනි.අංග රචනය බුවනෙක කෞශල්‍යගෙනි. ලහිරු චතුරංග රංගාලෝක නිර්මාණයෙන් දායක වෙයි. 

මෙය නදීකා බංඩාරගේ රචනයකි. 

භාව විරේක ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි.

No comments:

Post a Comment