Wednesday, August 19, 2015

රෝමියෝ ජූලියට් ලා 28ට 3.30/ 6.30 පුංචි තියටර්



ජගත් ජයසේකරගේ සහ නදීකා බංඩාරගේ සම අධ්‍යක්ෂණයක් වන රෝමියෝ ජූලියට් ලා වේදිකා නාට්‍යය අගෝස්තු 28 වන සිකුරාදා සවස 3.30ට සහ 6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකා ගතවේ. 

ජගත් ජයසේකර, නදීකා බංඩාර, සුසන්ත ප්‍රදීප්, රුවන් රංගේ රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය හර්ෂ මාකලන්දගෙනි. නර්තන වින්‍යාසය සුසන්ත ප්‍රදීප්ගෙනි.  මෙය නදීකා බංඩාරගේ රචනයකි. 
නදීකා බංඩාරගේ රචනයක් වන මෙය විලියම් ශේක්ෂ්පියර්ගේ මුල් කෘතිය ඇසුරින් කරන ලද පර්යේෂණාත්මක ප්‍රහසන කෘතියකි. වත්මන් පාරිභෝගිකවාදී නව ලිබරල් සමාජය තුළට සිය සොහොන්වලින් නැගිට පැමිණෙන රෝමියෝගේ හා ජූලියට්ගේ ඉරණම කවරේදැයි විමසා බලන මෙය අපගේ ජීවිතය තුළ ආදරයට හිමි තැන ප්‍රශ්න කරයි. 

රෝමියෝ ජූලියට් ලා ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි. 

No comments:

Post a Comment