Friday, February 19, 2021

‘කොරිඩෝව’ ජීවිතයට කැඩපතක් ඇල්වීමක්


https://www.youtube.com/watch?v=ty96JoaKgzo&ab_channel=travelthepages


කාව්‍යය හෝ පද්‍යය සියවස් ගණනාවක් මුළුල්ලේ අලංකාර, ධ්වනිය, ව්‍යංගය වැනි කාව්‍ය උපක්‍රම මත රඳා පැවතිණි. නදීකාගේ “කොරිඩෝව” තුළ අපට හමුවන කවි එම කාව්‍ය මාර්ගය විසංයෝජනය කරයි. ප්‍රතිකවියේත්, චිත්තරූපවාදයේත්, විරෝධාභාසවාදයේත් මාර්ගය අනුදත් නදීකාගේ කවි සුන්දරකරණය කරන ලද, ගූඩකරණය කරන ලද ස්ත්‍රී පුරුෂ සබඳතා මෙන්ම ජීවිතය නග්න කොට අප හමුවට ගෙනෙයි.

කාව්‍යමය අලංකරණයන් බැහැර ලන ඇය භාවයන් හා රසයන් අතර ස්ථාපිත කරන ලද්දා වූ චීන මහා ප්‍රාකාරය බිඳ දමමින්ද, ස්ථායීභාවයන්හි වහල් මෙහෙයට බැඳ දමා තිබූ ව්‍යභිචාරී භාවයන් දාස බවින් මුදා හරිමින්ද, ජීවිතයේ ප්‍රාථමික ආශයන් හා සහජයානිකත්වය නිදහස් කොට ජීවිතය, ආදරය, ලිංගිකත්වය,

හා ස්ත්‍රී පුරුෂ සබඳතාවල ගූඩත්වය මෙන්ම මායාව හරණය කරයි. එමගින් ඒකාකෘතිකයන්, පිළිරූකරණයන්, අධිනිශ්චයන් බිඳ දමයි. “කොරිඩෝව” කවිය විසින් සළුපිළි හන්දා  ෆැන්ටසිකරණය කොට තිබූ ජීවිතය නග්න කොට ඒ සියල්ලේ විරෝධාභාසය අපට මුහුණට මුහුණ සම්මුඛ කරන කැඩපතකි. 

කවිය තුළ සදාතනික ආශා වස්තුව වූ ස්ත්‍රිය වස්තුවක් බවට පත්වීමට එරෙහිව ගසන කැරැල්ලකි. ස්ත්‍රිය තමාගේ ආශාව ගැන කරන fදාඩමළුවකි. පුරුෂ දැක්මට ලක් වූ ස්ත්‍රියගේ පීඩාව ස්ත්‍රී දැක්මක් තුළින් මුදා හැරීමකි. කැඩපත බිඳ පිළිබිඹුව එළියට කඩා පැනීමකි කොරිඩෝව.

කේ. කේ. සමන් කුමාර


1 comment:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete