Monday, December 2, 2019

මෙතෙක් වේදිකාවේ දුටු ප්‍රබලතම සහ නිර්භීතම ගැහැණු රංගනය



නදීකා, මම තෙත් භූමි බැලුවා. ඔයා සමග කතා කරන්න හිටියත්, හදිසියේ එන්න වීම නිසා බැරි වුණා. තෙත් භූමි ඇතුළු ඔබේ කණ්ඩායමේ රංගනය මා මෙතෙක් වේදිකාවේ දුටු ප්‍රබලතම සහ නිර්භීතම ගැහැණු රංගනයයි.

17/09/2018, 12:53
Kaushalya Ariyarathne



සහෝදරිය ප්‍රේක්ෂකාගාරය ඔබ සිතන තරම් අමනෝඥ නැත.

අපි ලිංගේන්ද්‍රයත් යෝණියත් එහි කාර්යභාරයත් හොඳට දන්නෙමු. ඒ දෙක සමගම ගනුදෙනු කොට ඇත්තෙමු. ඉතින් සරලවම කිව්වොත් අපි ඒ ගැන දන්නවුන් වෙමු. ඔබ කියන උත්සහ කරන්නෙ කුමක්ද?
‘තෙත් භූමි’ නැරඹූ මගේ බුද්ධිය කලම්භනයට ලක් නොවුණා යැයි කීම බොරුවකි. එහෙත් කලා නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකාගාරයට කියන්න යන දේ අපැහැදිළිය. ආරම්භයේදී සමලිංගිකත්වය සමාජයේ වෛරයට පාත්‍ර වේ. ඉන්පසු බලෙන් ගැහැණිය සමග සංසර්ගයේ යෙදෙන පිරිමියා සිටියි. ඒත් සමගම කිසිම ලිංගික තෘප්තියක් නැතිව ඔහේ ස්වයං වින්දනය කරමින් සිටින පිරිමියාට ඔහේ ඉන්න ගැහැණියව හිමි වේ. ගැහැණිය හිමිකර ගන්න අපි ලෝකෙන්ම හොඳට ආදරේ කරමු යැයි ප්‍රලාප කියන පිරිමියා දුටුවෙමි. ගෙදර බුදුන් අම්මා යැයි පුන පුනා කියා ඔබ ඒ සංකල්පයට අභියෝග කරනවා කියා මම සිතමි. සාහසික වෙදැදුරන්ගේ ග්‍රහණයට හසුවන ගැහැණියගේ වේදනාව මම දුටිමි. ලස්සන සහ කැත ගැහැණුන් දෙදෙනා සංකේතාත්මකව ඉදිරිපත් කළා කියාද සිතමි. ඉතින් කතාව පැහැදිළිය. ඔබ නාට්‍යයක් නිපදවා කියන්නට හදන දෙය තමයි අපැහැදිළි. කැමති නම් පහදා දෙන්න. නැවත කියන්නට ඇත්තේ ශුක්‍රාණුව, ඩිම්බය, යෝනිය ආදී සියල්ල පිළිබඳ දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයේ සිටි මට අලුතෙන් දෙයක් ලැබුණා නම් ඒ සජීවී මහජන ප්‍රදර්ශනයක නිරුවත් පයෝධර යුගලක් දැකීමේ වරම පමණක් බවය.

Kalana Weerasinghe1 September at 22:56


  


No comments:

Post a Comment