Wednesday, December 18, 2019

නදීකා බංණ්ඩාරගේ ‘තෙත්භූමි’ 28දා




නදීකා බණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ දෙසැම්බර් 28 වනදා සවස 7.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

  ප්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි. 

නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන, රුවන් රංගේ, සිසිර වෙඩික්කා රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි.

ප්‍රේම් ජයන්ත කපුගේ අංග රචනයෙන් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි. 

‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.   







Monday, December 2, 2019

මෙතෙක් වේදිකාවේ දුටු ප්‍රබලතම සහ නිර්භීතම ගැහැණු රංගනය



නදීකා, මම තෙත් භූමි බැලුවා. ඔයා සමග කතා කරන්න හිටියත්, හදිසියේ එන්න වීම නිසා බැරි වුණා. තෙත් භූමි ඇතුළු ඔබේ කණ්ඩායමේ රංගනය මා මෙතෙක් වේදිකාවේ දුටු ප්‍රබලතම සහ නිර්භීතම ගැහැණු රංගනයයි.

17/09/2018, 12:53
Kaushalya Ariyarathne



සහෝදරිය ප්‍රේක්ෂකාගාරය ඔබ සිතන තරම් අමනෝඥ නැත.

අපි ලිංගේන්ද්‍රයත් යෝණියත් එහි කාර්යභාරයත් හොඳට දන්නෙමු. ඒ දෙක සමගම ගනුදෙනු කොට ඇත්තෙමු. ඉතින් සරලවම කිව්වොත් අපි ඒ ගැන දන්නවුන් වෙමු. ඔබ කියන උත්සහ කරන්නෙ කුමක්ද?
‘තෙත් භූමි’ නැරඹූ මගේ බුද්ධිය කලම්භනයට ලක් නොවුණා යැයි කීම බොරුවකි. එහෙත් කලා නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකාගාරයට කියන්න යන දේ අපැහැදිළිය. ආරම්භයේදී සමලිංගිකත්වය සමාජයේ වෛරයට පාත්‍ර වේ. ඉන්පසු බලෙන් ගැහැණිය සමග සංසර්ගයේ යෙදෙන පිරිමියා සිටියි. ඒත් සමගම කිසිම ලිංගික තෘප්තියක් නැතිව ඔහේ ස්වයං වින්දනය කරමින් සිටින පිරිමියාට ඔහේ ඉන්න ගැහැණියව හිමි වේ. ගැහැණිය හිමිකර ගන්න අපි ලෝකෙන්ම හොඳට ආදරේ කරමු යැයි ප්‍රලාප කියන පිරිමියා දුටුවෙමි. ගෙදර බුදුන් අම්මා යැයි පුන පුනා කියා ඔබ ඒ සංකල්පයට අභියෝග කරනවා කියා මම සිතමි. සාහසික වෙදැදුරන්ගේ ග්‍රහණයට හසුවන ගැහැණියගේ වේදනාව මම දුටිමි. ලස්සන සහ කැත ගැහැණුන් දෙදෙනා සංකේතාත්මකව ඉදිරිපත් කළා කියාද සිතමි. ඉතින් කතාව පැහැදිළිය. ඔබ නාට්‍යයක් නිපදවා කියන්නට හදන දෙය තමයි අපැහැදිළි. කැමති නම් පහදා දෙන්න. නැවත කියන්නට ඇත්තේ ශුක්‍රාණුව, ඩිම්බය, යෝනිය ආදී සියල්ල පිළිබඳ දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයේ සිටි මට අලුතෙන් දෙයක් ලැබුණා නම් ඒ සජීවී මහජන ප්‍රදර්ශනයක නිරුවත් පයෝධර යුගලක් දැකීමේ වරම පමණක් බවය.

Kalana Weerasinghe1 September at 22:56


  


ශ්‍යාමි කුමාර් නොහොත් නූතන මායාකාරියක් දඩයම් කරයි







       
      වික්ටෝරියන් යුගයේදී ශ්‍යාමි කුමාර්ලාව හැඳීන්වනු ලැබුවේ නිමේෆෝමේනියා රෝගීන් ලෙසය- ලංකාවේදි එය කින්නර පිස්සුව ලෙස හඳුන්වනු ලැබීය- වික්ටෝරියන් යුගයේදි අවශ්‍ය වූයේ නිර් - ලිංගික ගැහැනියක් සහ නිර් - ලිංගික පිරිමියෙක් නිර්මාණය කිරිමය -  යුරෝපියානු මායාකාරියන් දඩයම යනු ද ස්ත්‍රි ලිංගික විරෝධයයි -ලංකාවට ඉංග්‍රීසින් හරහා පැමිනියේ මෙම නිර්- ලිංගික ගැහැනියගේ ප්‍රතිමුර්තියයි- එය ලොව පුරා අධිරාජ්‍යවාදය හරහා බෙදා හරින ලදී -අපගේ අම්මලා ද ආත්තම්ලාද  මෙම නිර් ලිංගික ගැහැනියගේ ආභාෂය සහිත ගැහැනුන් වුහ- අධිරාජ්‍යවාදී බලපෑමට නතු වු ගැහැනුන් විය - ලංකාවේදී “කොච්චි කොටලා ඇරපන් හුත්තෙ” කිවේ මෙයම තමයි- නමුත් එය නීතිගත එමෙන්ම බලපෑම් සහගත තත්වයකට පත් වුයේ යටත් විජිතයක් බවට පත් වූවාට පසුවයි -  වික්ටෝරියන් යුගයේදි අධික ලිංගික ක්‍රියාකාරිත්වයක් සහිත ගැහැනුන්ට නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාරය ලෙස නවකතා කියවීම, පෝෂ්‍යදායි අහාර ලබා ගැනීම තහනම් කරන ලදී, එසේම දින නියමයක් නැති “බෙඞ් රෙස්ට්” එකද එහි අඩංගු විය, ඒ සදහා ඇඳේ ගැටගසන ලදී- එසේම බොරැක්ස් කුඩු දමා යෝනිය සේදීම නිර්දේශ කිරිම සිදු කරන ලදී-  එසේම  සැමියා සමග පවා ලිංගික ක්‍රියාවන් මෙන්ම ස්වයං වින්දනයද තහනම් කිරිමද ප්‍රතිකාරයක් වීය - මේ සියල්ල වික්ටෝරියන් කතිකාවේ රෝග විනිශ්චයකි- රෝග විනිශ්චයට සමාජයේ අධිපති දෘෂ්ටිවාදය  තීරණාත්මක ලෙස බලපානු ලබයි- මෙහි ප්‍රසිද්ධ වාර්තාවක් වන්නෙ බී  මෙනවියගේ  රෝග වාර්තාවයි- බී මෙනවිය නිම්පෝමේනියා රෝගියෙක් ලෙස වික්ටෝරියන් යුගයේදි නම් කරන ලදී - නමුත් පසු කලෙක ලිංගික විප්ලවයෙන් පසුව නිම්පෝමේනියාව යන වචනය වෛද්‍ය විද්‍යාවෙන් ඉවත් වු අතර එය නම් කරන ලද්දෙ අධික ලිංගික ක්‍රියාකාරිත්වය ලෙසයි- තවදුරටත් එය රෝගී තත්වයක් ලෙස නොසැලකුනු අතර එය අතිශය සාමාන්‍ය තත්වයක් ලෙස සලකනු ලබයි- එසේම එය හඳුන්වනු ලැබුවේ ලිංගික අධික්‍රියාකාරිත්වය යනුවෙනි -  මෙය හෝර්මෝන වෙනස්වීම  ගැහැනියගේ හෝ පිරිමියෙකුගේ  ජීවිතයේ වරින් වර ඇති විය හැකි තත්වයක් මෙන්ම දීර්ඝකාලීන තත්වයක්ද විය හැකියි- මෙය ස්වයං පාලනය අහිමි වන තරමට වු ශරිරයේ වෙනස්වීමකි - 
        
                1964 දී සැන්  ප්‍රැන්සිස්කෝ වල  උසාවියට පැමිනි විකාර සහගතම නඩුවක් වුයේ කේබල් කාර් එකක් අනතුර පත් වීමෙන් පසු  ග්ලෝරියා සයික්ස්  නැමති කාන්තාව පැවරූ නඩුවයි- එනම් අනතුර නිසා ඇයට ලිංගික අධික්‍රියාකාරිත්වයක් ඇති වුයේ යන්නයි ඇගේ පැමිනිල්ල වුයේ පාලනය කල නොහැකි ලිංගික ආශාවක් ඇයට ඇති වු බවත් එය ඇයව ලිංගික සම්බන්ධකම් ගණනාවකට ඇඳ දැමු බවත්ය- වාහනය පෙරලි යන අතරමගදි රථය වේගයෙන් ගැසෙන්නට වු අතර එය දරා ගත නොැකි වු විට ඇය තමාගේ හිස බස් රථයේ පොල්ලෙ ගසා ගෙන ඇත- ඇගේ ලිංගික වෙනස්වීම ආරම්භ වුයේ ඉන්පසුවය- මා මෙය සඳහන් කිරිමට හේතුව වුයේ කෙනෙකුගේ ලිංගිකත්වය හෝ එහි ඉතිහාසය ඉතාම සංකීර්ණ කාරණා සමග රඳා පවතින බව වටහා ගැනීමට අප තවත් කොතෙක් කල් ඒ ගැන සංවාද කල යුතුද යන්න මතක් කිරිමටයි  - ෂර්මි ද  අප සැලකිය යුත්තෙ එම සංවාදයේ හවුල්කාරියක් ලෙසය-  එසේම  බොහෝ විට අප නොදන්නා කාරණාව වන්නෙ ගනිකා වෘත්තිය හුදෙක් මුදල් මත පමනක් රදා නොපවතින අතර එය එක්තරා අකාරයකින් ජිවත් විමේ විලාසයක් ද වෙයි- ජිවත් වීමේ විලාසය තීරණය වීමට කෙනෙකුගේ ශරිරයේ ක්‍රියාකාරිත්වය මෙන්ම මානසික ක්‍රියාකාරිත්වයද එක ලෙස බලපානු ලබයි- ලාර්ස් වොන් ට්‍රයර් ( ඇන්ටි ක්‍රිස්ට් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා  ද ඔහුයි ) විසින් අධික ලිංගික ක්‍රියාකාරිත්වයක් සහිත ගැහැනියකගේ ජිවිතය පසුබිම් කර ගනු ලබයි - ලාර්ස් වෙන් ට්‍රයර් ගේ නිම්ෆෝමැනික් මෙන්චෝලියා සහ ඇන්ටි ක්‍රිස්ටි යන චිත්‍රපටි තුනම ගනුදෙනු කරනු ලබන්නෙ මානසික අවපීඩන තත්වයක් යටතේ කටයුතු කරන චරිත තුනක් පාදක කරගෙනය - චිත්‍රපට තුනේ චරිත එම අවපීඩන තත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේ එකිනෙකට වෙනස් ආකාරයන් වලිනි- ලාර්ස් වොන් ට්‍රයර් තමාගේ අවපීඩන තත්වය සමග දිගින් දිගටම ගනුදෙනු කිරිමේ ප්‍රතිඵලය වුයේ මෙම චිත්‍රපට තුනය- එය අවපීඩන ත්‍රිත්වයක් ලෙස හඳුන්වනු ලබයි - ඒ චිත්‍රපට තුන අතරින් නිමිපෝමැනික් චිත්‍රපටය ලිංගික අධික්‍රියාකාරි ගැහැනියකගේ ජිවිතය සහ ඇය මුහුන දෙන  පීඩාකාරිත්වයන්, ලාලාසාවන් ,භීතීන් පදනම් කරගෙන ශිෂ්ටාචාරයට කණේ පාරක් ගසයි - නිම්පෝමැනික් චිත්‍රපටයේ ජෝ නැමති කාන්තා චරිතය මෙන්ම ෂර්මිද සිස්ටම් එකට අභියෝගයකි-
               
     ඇත්තෙන්ම නුතන නීතිය සැලකිලිමත් විය යුත්තෙ ලිංගික ක්‍රියා ආශ්‍රිත රෝග ඇතිවිම වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට පමණයි- අපට නීති දුන් ඉංග්‍රිසින්ගේ ද නිතී වෙනස් වී ගොඩාක් කල්ය - එහෙත් උදේ රෑ සුද්දට බනින අපේ අය තවමත් මානව විරෝධි නීති තවමත් කරතබාගෙන යයි - ලෝකයේ බොහෝ රටවල ලිංගික විප්ලවය සිදුවූයේ  වික්ටෝරියන් ලිංගික වටිනාකම ලෙස සැලකු නිර් ලිංගික කතිකාවට අහියෝග  කිරිමෙනි -මෙය සිදුවුයේ ශ්‍යාමි මෙන් තමාව බිල්ලට දීමට සුදානම් වු ගැහැනුන්ගේ නිර්භය මැදිහත් වීම් වලිනි - එම නිසා මට නම් ශ්‍යාමි සිදු කර ඇත්තෙ මිනිස් අයිතිවාසිකම් පිලිබඳ බරපතල දේශපාලනික මැදිහත් වීමකි - තමාගේ ලිංගිකත්වය පිදිබදව ඇයට දැනෙන අවංක හැගිම ප්‍රකාශ කල අතර එය ලංකාවේ ගැහැනියකගේ ලිංගික නිදහස උදෙසා සිදු කරන ලද තීරණාත්මක බලපැම් සහගත මැදිහත් විමකි- එය නිදහස පිලිබඳ ව්‍යාපෘති වලින් ඔබ්බට ගියාවු මැදිහත් වීමකි- අතීතයේ ඡන්ද අයිතිය ලබා ගැනීම වෙනුවෙන් මරණය තෝරා ගත් ගැහැනිය තරමට ප්‍රබල මැදිහත් වීමකි-  ලිංගික ශ්‍රමිකයන් ලංකාවේ සිටින බවත් එය ඉල්ලුමක් සහිත කර්මාන්තයක් බවත් කවුරුත් දන්නා කාරණයකි- එහෙත් ඒ ගැන නිර්භය ලෙස කතා කරන්නට හැකි වුයේ කාටද ? ශ්‍යාමිගේ දේශපාලනය පටන් ගන්නෙ ඇය ඒ ගැන කතා කරන්නට පටන් ගැනීමෙන් පසුවය-  ගනිකාවන් සම්බන්ධයෙන් සාහිත්‍ය ඇති පදම් කදුලු හෙලා ඇත- කවියෝ ඇයට අනුකම්පා කලහ - නමුත් ශ්‍යාමි හඬන්නෙ නැත- වැළපෙන්නෙ නැත- ඇය අභිමානවත්ය - ඇය ආත්ම විශ්වාසයෙන් යුක්තය- ඇය පසුතැවිලි වන්නෙ නැත- ඒ නිසා ඒ සියලු සාහිත්‍යටත් කවියටත් වඩා ශ්‍යාමි සිටින්නෙ ඉහලිනි- ලෝ ප්‍රකට රෝම මෙලනිසියාට ආදරවන්තයන් එකසිය පනහක් සිටි අතර ඉතිහාසයට ඇය අපකීර්තිමත් චරිතයකි - ඇයගේ සුප්‍රසිද්ධ කතා අතර ගනිකා නිවාසයක ඇය ගනිකාවක් සමග කල තරඟයද සුප්‍රසිද්ධය- අනුලා බිසව ද ලංකාවේ අපකීර්තියට පත් වන්නෙ ඇගේ ලිංගිකත්වය නිසාය- එසේ නුමුදු රජවරුන්ගේ අන්තංපුරයන් ගැන අප කතා කරන්නෙ ආඩම්බරයෙනි-
        
            කෙසේ නමුත් අද ශ්‍යාමි අපරාධකාරියක් වන්නෙ වික්ටෝරියන් වටිනාකම් සහිත නීතියට, වෛද්‍ය විද්‍යාවට ,කලාවට සහ එය නියෝජනය කරන අයට පමනි- මානව නිදහස මෙතෙක් ආ ගමන් මඟට ගරු කරන අයට ඇය සෑබෑ මනුෂ්‍යයෙකි - - එසේම ලිංගික බලහත්කාරයන් සිදු කර මරා දමනු ලැබු ගැහැනුන් ගැන හඬන දොඩන අයට නොතේරෙන කාරණය වන්නෙ ෂර්මි වැනි ගැහැනුන්  එවන් ගැහැනුන් කී දෙනෙක් බේරා ඇති ද යන්නයි -එසේම  ලිංගික අපරාධකාරයන්  වන්නට සිටි  පිරිමින් කී දෙනෙක් එයින් මුදා යහපත් මනුෂ්‍යයන් කරන්නට ඇතිද යන්නයි - 

         හෙට දිනයේ ශ්‍යාමි කුමක් කරන්නේද යන්න අනාවැකි කීමට නොහැකි නමුත් මේ දක්වා වු ඇගේ සංවාදයට මම හිස නමා අචාර කරමි -                                                                   
                                                                                                                 නදීකා බණ්ඩාර 

Tuesday, October 1, 2019

ලංකා වර්ජිනියා ගැන ලියන විට මහේෂ් ග්‍රිත් උත්කර්ෂයට නැංවීම......



(ඇමසන් ගැහැනිය සහ හර්කියුලස්) ප්රොපර්සියා ඩි රෝසි :ක්‍රිව 1490-1530


ජොහාන්ස් වර්මිය ලන්දේසි චිත්‍රශිල්පියෙකු වන අතර ඔහු විසින් නිමවන ලද “මුතු කරාඹුව පැළඳි යුවතිය ”පදනම් කර ගෙන ඒ නමින්ම ටේ‍රලි ෂෙවර්ලියර් විසින් 1999 දි නවකතාවක් රචනා කරන ලදී - 2003 දී පීටර් වෙබර් විසින් ඒ ඇසුරු කොටගෙන නිමවන Gril with a pearl earring   

   “මුතු කරාඹුව පැළඳි යුවතිය
 ජොහාන්ස් වර්මිය


 සොෆොනිස්බා -ඇන්ගියුසෝලා ( ක්‍රිව 1532-1625)  විසින් සිතුවම් කරනු ලබන “ඇයව සහ ඇගේ මාස්ටර්ගේ පෙනී සිටීම”



















චිත්‍රපටය වර්මියර්ගේ “මුතු කරාඹුව පැලඳි යුවතිය”කෘතිය කියවීමට උත්සාහ දරා ඇත- ( 2006 දි ලන්දේසි ජාතිකයන්   “මුතු කාරඹුව පැලඳි යුවතිය” චිත්‍රය ඔවුන්ගේ ලස්සණම සිතුවම ලෙස තෝර ගෙන ඇත- (මෙම සිතුවම විසි එක්වන සියවස වන විට විවිධ අර්ථකථන රාශියකට හිමිකම් කියන ලදි) ) චිත්‍රපටය චිත්‍රයේ නිරූපිත ස්ත්‍රියගේ හිස් පළඳනාව, ඇගේ වස්ත්‍රය, ඇයගේ මුතු කරාඹුව, ඇගේ මඳක් විවර වු මුව, ඇගේ බැල්ම යන මුලු සිතුවම වෘත්තන්තමය ආකාරයකින් අරුත් ගැන්විමට උත්සාහ දරා ඇත- මුලු චිත්‍රපටයම වෙහෙසෙන්නෙ චිත්‍රයට පෙනී සිටින නිරුපිකාවගේ ජිවිතයත් චිත්‍රශිල්පියාගේ ජිවිතයත් අතර ඇති පරතරය අත් කර ගැනීමටයි- චිත්‍රයෙහි ආධිපත්‍ය දරන මුතු කාරඹුව සමස්ත ස්ත්‍රිත්වයේ පොදු උරුමය ගැන දැවැන්ත සංඥාවක් නිරූපණය කරයි- එසේම පුරුෂ ආශාව කුමක්ද යන්නත් ඉතාම මැනවින් පැහැදිලි කරනු ලබන්නෙ චිත්‍රයට පෙනි සිටින ග්‍රිත් නැමති ස්ත්‍රියත් වර්මියර්ගේ බිරිඳ නැමති ස්ත්‍රියත් යන දෙදෙනාම එකම රේඛාවකට ගෙන එනු ලැබීමෙනි -   

       https://www.youtube.com/watch?v=8awflTA4QYE

                                                                             
මහේෂ්ට අනුව ඇය ඇයට අහිමි මුතු කරාඹුව  පැළඳ ගෙන සිටින නමුත් එම මුතු කරාඹුව ඇයට හිමි ඉතිහාසයේ පොදු කරාඹුවයි- එනම් ඇයට ද වර්මියර් ගේ බිරිඳට ද පොදු මුතු කරාඹුවයි- චිත්‍රපටය ආරම්භයේදී එම මුතු කරාඹුව වර්මියර්ගේ බිරිඳගේ මධ්‍යම පාන්තික උරුමය පිළිඹුල් කරනු ලබන වස්තුවක් වුවද චිත්‍රපටය අවසානයේදී එම මුතු කරාඹුව ග්‍රිත්ගේ ද වර්මියර්ගේ බිරිඳගේද පොදු දෛවය නිරූපණය කරනු ලබන ප්‍රබලතම රුපකය බවට පත් වෙයි- එනම් චිත්‍රටපය ආරම්භයේ සිටම එහි සිටින ගැහැනුන් කරමින් සිටින්නෙ එළවලු කපමින් ,වළ පිඟන් සෝදමින් ,අස්පස් කරමින්, රෙදි සෝදමින් සහ දරුවන් වදමින්ය- ග්‍රිත් රෙදි සෝදන විට ,චිත්‍ර ශිල්පියාගේ කාමරය අස්පස් කරන විට ,දුවිලි පිසදාන විට, එළිවලු කපන විට ,  තීන්ත මිශ්‍ර කරන විට වර්මියර්ගේ බිරිඳ ඔහුට දරුවන් ප්‍රසුත කරයි- එසේම වර්මියර්ගේ නිවසේ පැරණි මෙහෙකාරිය සමග මස් ගෙන ඒමට යන ග්‍රිත් අලුත් මස් පරික්ෂා කරන ජවනිකාව අතිශය සංකේතාත්මකය- එනම් ග්‍රිත් වර්මියගේ නිවසට යන අලුත් මාංශයයි- මහේෂ්ට අනුව ග්‍රිත් වර්මියගේ ආශාවේ වස්තුව බවට පත් වෙයි-ග්‍රිත් ඔහුට ඇලුම් කරන නමුත් ඇය සෑම අවස්ථාවකදිම වටහා ගනු ලබන්නෙ එහි නිරරථකභාවයයි- ඇය එහි ඇතුළට ගමන් කර එහි වැළලි යනවා වෙනුවට කරන්නේ එයින් පැන දිවීමයි- වර්මිය තුළ තමා නැති බව දකින සෑම විටම ඇය ඇයට ආලය ප්‍රකාශ කල පෙම්වතා හමුවිමට යයි- ඈ වර්මිය වෙතටත් ඈට පෙම් කරන බව වචනයෙන් ප්‍රකාශ කරන පෙම්වතා වෙතටත් වරින් වර දිව යන්නෙ තමා අයිත් කොතනටදැයි තෝරා ගත නොහැකිවය- වර්මියර්ගේ ආශාව චිත්‍ර කලාව මිසක අන් යමක් නොවෙයි- ඔහු තමාගේ සිතුවමට පාත්‍රවන ගැහැනිය , තමාට දරුවන් වදන ගැහැනිය ඔහුගේ ඒකි ආශාව කරා ගමන් කරන හිනිමගේ අධාරකයන් පමනය. චිත්‍රපටය එහි චිත්‍රයේ සිටින ස්ත්‍රියටත් චිත්‍රපටයේ සිටින අනෙකුත් ස්ත්‍රියටත් චිත්‍රපටය නරඹන ස්ත්‍රියටත් යෝජනා කරනු ලබන්නෙ පිරිමියා කිසිසේත්ම ඇයට ආශා නොකරන බවයි- ඔහුගේ ආශාව නිශ්චිත එකක් වන විට වස්තුකරණයකට තමාව ලක් කර ගන්නා ස්ත්‍රියකට තමාගේ ආශාව ප්‍රේහේලිකාවක් වන්නෙ එම නිසාය- වර්මියර්ගේ මව එම ගැහැනුන් පිරිමියාගේ ආශාවට අනුව මෙහෙය වීමට  කරනු ලබය-ි එම චිත්‍රපටයේ ප්‍රබලම රූපකය වන්නෙ ග්‍රිත් හෝ වර්මියගේ බිරිඳ නොව මවගේ චරිතයයි - ඇය පුරුෂ මුලිකත්වයේ පවත්වාගෙන යන ඒජන්තවරියයි - වයස්ගත වීමත් සමග ග්‍රිත්ට ද වර්මියගේ බිරිඳටද එම ඒජන්තභාවය හිමිවනු ඇත- ලංකා බණ්ඩාරනායක වර්ජිනියා ගැන ලිවීමෙන් කරනු ලබන්නෙ මෙම ඒජන්තභාවයට අභියෝග කිරීමයි- ග්‍රිත්ව යකඩ ගැහැනියක් ලෙසට ඔසවා තබන මහේෂ්  සිදු කරනු ලබන්නෙ එම එජන්තභාවය පවත්වාගෙන යෑමයි-

 මෙම ස්ත්‍රීන් දෙදෙනාම චිත්‍රපටය අවසානයේ අනන්‍යතා අර්බුදයට ගමන් කරන විට වර්මිය අද දක්වාම කතා බවට ලක් කරනු ලබන චිත්‍රයක නිර්මාණකරුවා බවට පත් වීමෙන් තමා කවුද යන්න සමාජයට ඉතිරි කරයි- මෙම චිත්‍රපටය නරඹන සෑම ස්ත්‍රියක්ම තමා කවුද යන්න ,තමාගේ තත්වය කුමක්ද යන ගැටුම්කාරි වන විට මෙය නරඹමන සෑම පිරිමියෙක්ම තමා කවුද යන සමාජීය සංඥාව පැහැදිලි කර ගනියි- චිත්‍රයට පෙනි සිටි ගැහැනිය මෙන්ම වර්මියට දරුවන් වදන ගැහැනියද යන දෙනොම තමාගේ ක්‍රියාව ගැන දෙගෙඩියාවකට පත් වෙනු ලබයි -චිත්‍රපටය නරඹන්නිය ඉදිරියේ තබන්නෙ මෙම දෙගෙඩියාවයි- චිත්‍රපටයේ දී චිත්‍ර ශිලිපියාගේ බිරිඳට අයත්  මුතු කරාඹුව පැලඳගෙන වර්මියර් ඉදිරියේ සිටගෙන සිටින ග්‍රිත් වර්මියර්ගේ නිවසට පැමිනිමට පෙර ඇය කොයි මගට හැරෙම්දැයි වැනි සංඥාවක් ගෙන එන රූප රාමුව චිත්‍රපටය අවසානයට ද ගෙන එනු ලබයි- නමුත් චිත්‍රපටය අවසාන වන විට සෑම පිරිමියෙක්ම වර්මිය බවට රූපාන්තරණය වනු ලබයි- ඉතින් එතකොට  මහේෂ් වෙන මොනවා කරන්නද?
 වර්මිය ඉදිරියේ කෙලින් වන මහේෂ් හපුගොඩ මෙසේ ලියයි -ග්‍රිත් උඹ යකඩ ගැහැනියක් ! එපමණක් නොව එය ලිවිමේ අරමුණ වන්නෙද ලංකීය චිත්‍ර ශිල්පින් දෙදෙනක් අතර ඇති වු මත ගැටුමට පිලිතුරත් නිර්මාණය කිරිමටයි- එහෙත් මහේෂ් තබා ඇත්තෙ ඉලක්කයක් නැති වෙඩිල්ලකි-
වර්මියගේ සිතුවම ඉදිරියේ පෙනි සිටින ස්ත්‍රියගේ ශ්‍රමය මෙන්ම වර්මියගේ කලා ශ්‍රමය ගැන මට ගෞරවයක් ඇත- එහෙත් ඔබේ උත්කර්ශය පලකට නැති යමකි-  නිහතමානි කමක් ඇත් නම් ඇන්ගියුසෝලා සොපොනිස්බා, පර්පර්සියාද රෝසි ,එලිසබෙතා සිරානි ,ආර්ටිමිසියා ජෙන්ට්ල්ලෙච්චි ගැන සොයා බලන්න- ග්‍රිත් ලා ලා ඹ්නෑ තරම් සිටි යුගයක "වස්තුව"  "විෂය" දක්වා මාරු කරනු ලැබුවේ ඔවුන්ය -(පුනරුදයේ ගැහැනු - නදිකා බණ්ඩාර) මෝනාලිසා ගැන උදම් අනන කලා ඉතිහාසය ඇන්ගියුසොලා ,රෝසි හෝ නෙල්ලි මග හරින පුරුෂ අශිෂ්ටත්වය නිසා ඔබේ උත්කර්ශය ගැන මම පුදුම නොවෙමි-


"මිට වඩා සජීව උදාහරණයක් වෙත ගියොත් අපිට හම්බ වෙන්නේ යොහෑනස් වමියර් ගේ මුතු කරාඹුව පැළඳි යුවතිය නම් කලා කෘතියේ අවකාශය ඇතුලේ ඉන්න වස්තුව වුන ග්‍රීත් :ප්‍රංශ උච්චාරණය*ග ග්‍රීත් ගේ ඒ බැල්මෙන් නම් ගැලවෙන්න කාටවත් ම බැරි වුණාග අන්තිමට ඒ බැල්මෙන් ගැලවෙන්න කෘතියේ අද්විතීය නිර්මාණකරු වෙච්ච වමියර්ටත් බැරි වුණාග ග්‍රීත්ටත් වමියර් ගේ අඳුරු පිරිමි ලෝකයේ බැල්මෙන් නිදහස් වෙන්න බැරි උණාග වමියර් ජීවත් උනෙත් කට්ට අදුරු කාමරයකග මේ දවස්වල චිත්‍ර අඳින දෙන්නෙක් පොඩි රණ්ඩුවක ඉන්න නිසා මට ඔවුන්ගෙන් මෙහෙම අහන්න හිතුණාග ඔයාල වමියර් ගේ තැන හිටියා නම් ඔයාල ග්‍රීත් ගේ තනි කණක් විදින වේදනාව - අඳුරු කාමරය - ඇයට හිමි නැති කරාඹුව - ඇයගේ ශරීරය උත්කෘෂ්ට කෘතියක් වෙත පූජා කිරීම නම් ස්ත්‍රියක් විදියට කරන කැපකිරීම - සහ ඇය ඔහුගේ ආශා වස්තුව වීම - යන දේවල් ඇතුලේ ඇයව විනිවිදිනවද නැත්නම් විනිවිදීම කැපකරලා ඇයව එතැනින් යවනවාද "
                                                                          "ග්‍රිත් උඹ නං යකඩ කෙල්ලක් බං"       -  මහේෂ් හපුගොඩ


    ලංකා බණ්ඩාරනායක වර්ජිනියා වුල්ෆ්ගේ තමන්ගේම කාමරයක් පිලිබඳව ලිපියක් ලියන විට මහේෂ් අඳුරු කාමරයක් සහ කන විඳිමේ වේදනාව ගැන කතා කරනවා- කණ විදීමේ වේදනාවට වඩා වේදනාවක් වර්මියගේ බිරිඳ ඔහුට දරුවා ප්‍රසුත කරන විට විඳිනවා - ග්‍රිත් මෙන්ම වර්මියගේ බිරිඳ කියන්නෙ කවුද? මායාකාරියන් ලෙස සලකමින් මිලියන් නමයකට අධික ප්‍රමාණයක් ගැහැනුන් වධ වේදනාවට ලක් කරමින් මරණයට පත් කළ ඉතිහාසය විසින් නිහඩ කරවන ලද ඇමසන් ගැහැනියයි- ඒ ඇමසන් ගැහැනිය ලොව පලමු මුර්ති ශිල්පිනයි ලෙස සලකන රෝසි විසින් නෙලා තිබෙනවා - හර්කියුලස්ගේ ලිංග දෙසට සිය අසිපත මෙහෙයවා සිටින ඇමසන් ගැහැනියත් ඇගේ හිසට පොල්ලකින් දමා ගසන්නට සැරසෙන හර්කියුලස් නිමවන රෝසිට (ක්‍රි-ව 1490- 1530) අප කියන්නෙ කුමක්ද?  ග්‍රිත් පිටුපස හරවා සිටින්නෙ ඒකි වේදනාත්මක ඉතිහාසයටයි- එම ඉතිහාසය ඇගේ කණ විඳිමේ වේදනාවට වඩා අතිශය බිහිසුනු බව ඈ දන්නවා-  මායාකාරියන් ලෙස මිලියන නමයක් ඝාතනය කර "හික්මවා නිමවන ලද ගැහැනියගේ" අඳුරු පරමාදර්ශ වික්ටෝරියන් ගැහැනිය ලෙස යටත් විජිත සමයේ අපට අනායන කරනු ලබනවා- මුලු සමාජයේම ආශාව ස්ත්‍රියව ආරක්ෂා කිරිමයි! ඊයේ පෙරේදා කංචුකා ධර්මසිරිගේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් ද සහභාගි කොටගෙන නිර්මාණය කළ “නොදුටු ඇස්” නාට්‍යයේ පුහුනු විම් වලට සහභාගි වන විට කාන්තා නේවාසිකාගරයන් වල වික්ටෝරියන් ගැහනුන් ගේ පර්මාදර්ශ රැගත් ශිෂ්‍යාවන් සමගද ඔවුන් පාලනය කරන නේවාසිකාගාර වල පාලිකාවන්ගේද අඳුර මුලු විශ්වවිද්‍යාලය පුරාවට වැටි තිබෙනු දුටු මට සිහිපත් වුයේ වසර ගණනාවකට පෙර මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක සිටි සමයේදි නේවාසිගාර පාලිකාව මගෙන් ඇසු පැනනයි- ඔයා ආරක්ෂාව තෝරා ගන්නවද නැත්නම් නාට්‍ය තේාරා ගන්නවා ? (මම නම් තෝරා ගත්තෙ නාට්‍ය, ඒ නිසා මට නේවාසිකාගාරය නැති වුනා) කංචුකාට සිදු වුයේ නාට්‍යයේ පුහුනුවිම් වලට වඩා මෙම වික්ටෝරියන් පරමාදර්ශ සමග ඔට්ටු විමටයි- ලංකා බණ්ඩාරනායක් වර්ජිනියාගේ “තමාගේ කාමරයක් ”ඇසුරින් නැවත ලිපියක් ලිවේමේ ආශාව කුමක්ද ? වර්මියර්ට තමාගේ කාමරයක් හිමියි-  කාමරය යනු හුදෙක් හෞතික අවකාශයක් අර්ථ නොදැක්වෙන අතර එයින් අදහස් වන්නෙ ඉතිහාසයයි- 
 “ඇය කාව්‍ය තුළ පිටුවෙන් පිටුව සැරිසරුවද, ඉතිහාසය තුළ අපට හුමු වුයේ නැත- ප්‍රබන්ධය තුළ ඇය රජවරුන්ගේ සහ ජයග්‍රහකයන්ගේ ජීවිත වල ආධිපත්‍ය දරය-ි නමුත් ඇත්ත වශයෙන්ම දෙමවුපියන්ගේ බල කිරිමට ඇගේ අඟිල්ලලට මුද්දක් දැමු ඕනෑම කොල්ලෙකුගේ වහලෙකි- වඩාත් ආනුභාවසම්පන්න වචන ,වඩාත් ගැඹුරු සාහිත්‍යම සිතුවිලි ඇගේ තොල් වලින් වැටේ- නමුත් සැබෑ ජිවිතයේදී අකුරක්වත් කියවිමට අපහසු වු යාන්තමින් කතා කරගත හැකි වූ අතර මුලුමනින්ම ඇගේ සැමියාගේ දේපළ විය- එලෙස එකල ස්ත්‍රීන් යනු කවුරුන්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි ගැළපෙනම පිලිතුර ඇය නුගත් සහ දුප්පත් මනුෂ්‍යයෙක් කියාය- නුගත්කම සහ දුප්පත්කම එකල සිටි වඩාත්ම ධනවත් සහ වශවත් පෙළපත්වල ගැහැනුන්ගේ සිට පහළම සමාජ මට්ටමේ ගැහැනිය දක්වා පොදු සාධයක්ව පැවති බව අපි දනිමු"
                                   (වර්ජිනියා වුල්ෆ්- පරිවර්තනය ලංකා බණ්ඩාරනායක- තමන්ගේම කාමරයක්) 

ඉතින් ග්‍රිත් මෙන් වර්මියගේ බිරිඳ ගැනද  වර්ජිනියා ලියා ඇත්තෙ එසේය- ඉතින් දුප්පත් සහ නුගත් ග්‍රිත් සහ වර්මියර්ගේ බිරිඳ--- 

මැරලින් මොන්රෝ මෙන්ම මාතාහාරිගේ ආත්මයන්ද දැන්වත් සාමදානේ සැතපේවා---

   " මේ දවස්වල චිත්‍ර අඳින දෙන්නෙක් පොඩි රණ්ඩුවක ඉන්න නිසා මට ඔවුන්ගෙන් මෙහෙම අහන්න හිතුණා. ඔයාල වමියර් ගේ තැන හිටියා නම් ඔයාල ග්‍රීත් ගේ තනි කණක් විදින වේදනාව - අඳුරු කාමරය - ඇයට හිමි නැති කරාඹුව - ඇයගේ ශරීරය උත්කෘෂ්ට කෘතියක් වෙත පූජා කිරීම නම් ස්ත්‍රියක් විදියට කරන කැපකිරීම - සහ ඇය ඔහුගේ ආශා වස්තුව වීම - යන දේවල් ඇතුලේ ඇයව විනිවිදිනවද නැත්නම් විනිවිදීම කැපකරලා ඇයව එතැනින් යවනවා එතැනින් යවනවාද "    
                                                           
                                                                          "ග්‍රිත් උඹ නං යකඩ කෙල්ලක් බං"     -  මහේෂ් හපුගොඩ
"මම හිතන්නෙ මේ පැනය අහන්නෙ සුජිත් ගෙන් සහ ප්‍රගීත්නේ? මට නම් මේක ඉලක්කයක් නැති වෙඩිල්ලක් විතරයි- මම දන්නෙ නෑ මේකට සුජිත්ට හෝ ප්‍රගීත්ට දෙන්ඩ උත්තරයක් තියෙනවාද කියලා? මම හිතන්නෙ ගරිල්ලා කෙල්ලො මේකට උත්තර දිලා තියෙනවා- පිරිමි ඇඳපු චිත්‍ර ඇතුළේ ඉන්න ගැහැනු තරම් චිත්‍ර ඇඳපු ගැහැනු කලාගාර ඇතුලේ නැත්තෙ ඇයි? මේකම වර්ජනියා සාහිත්‍ය නිර්මාණ පිලිබඳව මතු කරනවා
අවුරුද්දකට ලොකේ ගැහැනිය ගැන පොත් කීයක් ලියවෙනවා ඇද්ද? ගැහැනිය ගැන ලියවෙන පොත් වලින් කියක් පිරිමින් විසින් ලියනවා ඇද්ද ? "
                               

අන්තිම භෝජන සංග්‍රහය -ප්ලුට්ලා නෙල්ලි ක්‍රි’ව 1524-1588 ප්ලුටිලා නෙල්ලි සොයා ගැනීම ඉතිහාසය නැවත ශිෂ්ට කිරීමක් –රොසෙල්ලා ලැරි පුනරුදයේ (ගැහැනු – පිටු අංක 28)




අදටත් අප පෙළපොත් වල උගන්වන්නෙ ඩාවින්චි ගැනය’ -මෝනා ලීසා ගැනය’- තවමත්  ගැහැනුන්ට මෝනාලීසා වන්නටත්, පිරිමිින්ට ඩාවින්චි වීමටත්  උගන්වමින් සිටීම ගැන ලැජ්ජාවක් කාටවත් නැත- 


                                                                                                         නදීකා බණ්ඩාර

   
-



Tuesday, September 24, 2019

“පුනරුදයේ ගැහැනු” -

නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම හඬපටය

ආචාර්ය කංචුකා ධර්මසිරි, 
සමාජ ක්‍රියාකාරිනී ඉෂාරා ධනසේකර, 
ආමෝස්කායි 
කථිකාචාරිනී අරුණි සමරකෝන්







https://www.youtube.com/watch?v=-DcNYLek8xg&feature=youtu.be

Sunday, September 1, 2019

ගැහැණු ගොඩක් කතා කරන උත්සවයක්






සාමාන්‍යයෙන් ලංකාවේ ඕනම උත්සව අවස්තාවක් ගත්තොත් ගැහැණු ඉන්නේ තේ බෙදන්න, වේදිකාවට ඕන දේවල් සපයන්න, පොත් බෙදන්න, ට්‍රේ එක අල්ලගෙන අමුත්තෝ පිටිපස්සෙන් ඉන්න වගේ දේවල් වලට. 
නැත්නම් අඩ නිරුවතින් නටන්න. සාකච්ඡා මණ්ඩල වලට වුනත් ගොඩක් වෙලාවට ඉන්නේ එක ගැහැණියයි. ඒකත් ඔන්න අපි සමානාත්මතාව රැක්කා කියන්න වගේ.. 

ඊයේ නදීකා බණ්ඩාරගේ "පුනරුදයේ ගැහැණු" පොත එලිදැක්වීමේ උත්සවයේ තමයි මතක ඇති කාලෙකින් ගැහැණු ගොඩක් කතා කරන උත්සවයක් දැක්කේ... ස්තුතියි නදී ගැහැණුන් ගැහැණුන් විදිහට ඉඳිමින් කරන සාහිත්‍යකරණයට ලංකාවේ තියෙන හිස් තැන පුරවනවන්න ඔයාගේ දායකත්වයට..
ජය..!

Tuesday, August 27, 2019

ගෙවල්වලට කොටු කළ ගැහැනු ගැසූ කැරැල්ල



නදීකා බණ්ඩාර විසින් රචිත 
“පුනරුදයේ ගැහැනු” - 
පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය කියාපාන්නේ 
ගෙවල්වලට කොටු කළ පසු ගැහැනු  
චිත්‍රවලින් ගැසූ කැරැල්ලේ  
කතාන්දරයයි.

Friday, August 16, 2019

රතු සපත්තුවක සිර වූ මොනර බිත්තර


peacock egg trap in a red shoe

නදීකා බණ්ඩාරගේ නිර්මාණ සහ විචාර භාවිතාව පිළිබඳ අවලෝකනයක්-

Documentary about works of Nadeeka Bandara






video link







නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු''

 පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් 


Wednesday, August 14, 2019

Nude Bomb Theater vs Male Gaze N.B. vs witch Hunt වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය 16 දා





නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම සමග 
නදීකා බණ්ඩාරගේ “තෙත්භූමි” නාට්‍යය පිළිබඳ 
Nude Bomb Theater vs Male Gaze 
N.B. vs witch Hunt 
වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

අගෝස්තු 16 වන දින ප.ව. 2.30 ට කොළඹ මහජන පුස්තකාලයේදී “පුනරුදයේ ගැහැනු” කෘතිය ජනගත කිරීමට පෙර එම චිත්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතය.

Tuesday, August 13, 2019

Nude Bomb Theater vs Male Gaze N.B. vs witch Hunt



Nude Bomb Theater vs Male Gaze
 N.B. vs witch Hunt

වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය 16 දා 



නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත “පුනරුදයේ ගැහැනු” පුනරුද යුගයේ චිත්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම සමග 
නදීකා බණ්ඩාරගේ “තෙත්භූමි” නාට්‍යය පිළිබඳ 
Nude Bomb Theater vs Male Gaze 
N.B. vs witch Hunt 
වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.



අගෝස්තු 16 වන දින ප.ව. 2.30 ට කොළඹ මහජන පුස්තකාලයේදී “පුනරුදයේ ගැහැනු” කෘතිය ජනගත කිරීමට පෙර එම චිත්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතය.



ආචාර්ය කංචුකා ධර්මසිරි, සමාජ ක්‍රියාකාරිනී ඉෂාරා ධනසේකර, ආමෝස්කායි සහ කථිකාචාරිනී අරුණි සමරකෝන් මෙහිදී අදහස් දක්වනු ඇත. මෙහෙයවීම නාට්‍ය ශිල්පිනී මුරුගන් එමා විසින් සිදු කෙරේ.



පුනරුදයේ ගැහැනු Womansstage ප්‍රකාශනයකි.