පොදුජන (ජන) භාවිතය සදහා නාට්‍ය ආකාරයක් ගැලපීම රටේ අවශ්‍යතාවයකි. පූර්ව නූතන සොකරි කෝලම්, ශාන්ති කර්ම වැනි උපකරණ වලින් පසුව පැන නැගි නූර්ති ජහුටා වැනි නාට්‍ය යම් ආකාරයකක පොදු ජන භාවිතය දැකිය හැකි අවස්ථා ලෙස හඳුනාගත හැකිය. ඇකඩමික හෝ නාගරික අර්ථයෙන් ගාමිණි හත්තෙට්ටුවේගම ගේ වීදි නාට්‍ය යම් ආකාරයක පොදු ජන අවකාශ අත්කරගැනීමේ විභවයක් පෙන්නුම් කරන ලදී. කර්මාන්තයක් හෝ කලාවක් ලෙස ස්ථානීය අඛණ්ඩතාවයක් පෙන්වූයේ නැතිද එහි සම්භාව්‍ය නාට්‍යමය අවස්ථා වීදියට ගැලපීම සිදු කර තිබුණි. පොදු ජන රසඥතාවය යම් ආකාරයක අල්ලා ගැනීමක් එහි විය. ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලමත් මේ ආකාරයකටම නාගරික උත්සාහයක් ගෙන තිබුනා. නදීකාගේ තෙත් භූමි පොදු ජන අවකාශයට විවෘත නාට්‍යයක් ලෙස හඳුන්වන්න පුලුවන්. එය පොදු ජනතාව ආගම්වාදී හා සදාචාරවාදී ලෙස ප්‍රතික්ෂේප කලත් පොදු ජන අවිඥානික ආශාව භාවිතා කරමින් භාව විශෝධනයක් නාට්‍යය විසින් කරන බව නිරීක්ෂණය කල හැකිවේ.
භාව විශෝධනයේ තත්වය කෙසේ වන්නේ ද යත් තෙත්භූමි තුල පිරිමියාට ස්ත්‍රිය කෙරෙහි ඇති වන (සංස්කෘතිය හා ජනප්‍රිය වෙළදපල මාධ්‍ය විසින් ඇති කර තිබූ) ආකෘතිය මෙහි දෙවන කොටස තුල සම්පුර්ණයෙන්ම විනාශ වේ. ලිංගිකමය ආශක්තභාවයේ තැවරුම නදීකා නාට්‍යය තුළ නැත්තටම නැති කර දමනු ලබයි. ඒ තුල අවසන් වන්නේ පිරිමියා තුළ තිබූ ස්ත්‍රී ආකෘතිය පමණක් නොවේ. ස්ත්‍රිය තුළ තමා තුළ වී යැයි විශ්වාස කරගෙන තිබූ ආකර්ෂණීය වැස්ම ද අවසන් වේ. එය අත්‍යවශ්‍ය රැඩිකල් ස්ත්‍රීවාදී ප්‍රායෝගිකයක් වුවත් කොළඹ රැඩිකල් ස්ත්‍රීන් මේ ගැන කතා කරන්නේ නැත.
සියළු දෙනා නිහඩ කරවන නදීකාගේ උපායමාර්ගික ප්‍රවේශය කුමක්ද? එය ඇතමෙකුට නාට්‍යමය නොවන ජුගුප්සාජනක පහත් ලිංගික අනාවරණයකි. එය පොදුවේ ප්‍රතික්ෂේප කිරීමේ වේදිකාව බවට පත්වීමේ වාසිය සියළු දෙනා හට අත් කරගත හැකි වේ. "වැඩිහිටියන්ට පමණයි" යන අලෙවිකරණමය අවස්ථාව ද නදීකා කඩා බිඳ දමා තිබේ. ඒ ලේබලය යටතේ "වැඩි""වැඩිහිටියන්ට පමණයි" ලේබලයක් වෙත නාට්‍යය ගෙන එනු ලබයි. මේ ද්විවැඩිහිටියන්ට පමණයි යන්න ලාංකීය ළමාවැඩිහිටියන්ගේ ප්‍රේක්ෂකාගාරයට ගල් ගසයි. ඇය එක්තරා ආකාරයකින් ලංකාවේ වැඩිහිටි ලේයර් අතර නව ලේයර් සකස් කරන්නී. එම ලේයර් බීඩි උරමින් කාලෙ බෝතලයක් බොමින් නුගේගොඩ කඩා දැමූ සිනමා ශාලාවේ සිනමා බැලූ පුද්ගල ප්‍රේක්ෂාව ආමන්ත්‍රණය කරනවාද, දෛනික අන්තර්ජාලයෙන් ලිංගික වීඩියෝ බලන ප්‍රේක්ෂාව ආමන්ත්‍රණය කරනවාද යන්න මූලික ප්‍රශ්නයකි. පළමු කොටස තුළ මෙයට පිලිතුර ඔවු වුවද නාට්‍යය සදහා ආකර්ෂණීය උපක්‍රමයක් ලෙස භාවිතා කරන මේ කෂඩ ලිංගික අනාවරණයෙන් අල්ලාගත් ප්‍රේක්ෂාවගේ බෙල්ල දෙවන කොටසින් කඩා දමන්නේ ප්‍රාථමික මනෝ චිකිත්සක ශාන්තිකර්මයක අවසානය පරිද්දෙනි.
ස්වයංවින්දන ඇබ්බැහි පිරිමියාගේ අඳෝනාව මත පිරිමින්ගේ ස්වභාවික හඹායාම හා නාගරික ආතතික හඹායාම දෙකම නදීකා ප්‍රශ්න කරයි. රවුමට රවුමට රවුමට කෙරෙන දුක්ඛදායක අඛණ්ඩ ස්වයංවින්දනය මගින් ඒ පිලිබඳව වන පිරිමි ඛේදවාචකය පෙන්වන අතර පිරිමි අසරණකම අතිශය ඉහළට ගෙන එයි. මේ තුළ පොදු පිරිමියා අවසන් වේ. ඔහුගේ පොදු සමාජ රිද්මය වේදිකාව තුළදී ප්‍රේක්ෂකයාට පෙන්වා පිරිමි ප්‍රේක්ෂකයා කුඩු කර දමයි.
ගැහැණියද පිරිමියා ද අවසන් කරන නාට්‍යය තුල ඉතිරි කරන්නේ කුමක්ද? ස්වයං විනාශයක් කරා ගොස් අවසන්ව ඇති සමාජ හා දේශපාලනික ව්‍යුහ වල ඇති නටඹුන් බව නාට්‍යය එලියට ගෙන එන්නේද? යම් ආකාර ගැහැණු වීරත්වයක් පෙන්වනවා වුවද ඒ වීරත්වයේ ස්වභාවය කවරේද යන්න වඩාත් හොදින් වැටහෙන්නේ නැත. මෙවැනි නාට්‍ය හෝ නිර්මාන ලංකාවේ නාට්‍ය කර්මාන්තයට,? (කලාවට) අත්‍යවශ්‍ය පැහැදීම් ඇති කරයි. වසර ගණනක නාට්‍ය ක්ෂේත්‍රය පිලිබඳව වන අඛණ්ඩ උත්සාහයේ අපේක්ෂා භංගත්වය මඟින් සම්ප්‍රදායික නාට්‍ය සියල්ල වෙත දමාගසන නදීකා ඒ සියළු නාට්‍යකරුවන්ගෙන් හා නාට්‍ය අවස්ථා වලින් පලිය ගනී. නමුත් නාට්‍යකරුවන් අඛණ්ඩ ස්වයං වින්දිත පිරිමියා වන නිසා ඇය දෙසට හැරෙන්නේ නැත. දුක්ඛදායක ස්වයං වින්දිත ලංකාවේ නාට්‍ය කලාව දරුවෙක් හෝ ගබ්සා විය හැකි කලලයක් හෝ බිහි කරන්නේ නැත. දෛනිකව ඔවුන් විසින් ස්වයං වින්දනය මඟින් බීජ අවස්ථාවන් කොල කෑලි වලින් පිස දමමින් දිගින් දිගටම ලිංගය ස්පර්ශ කරමින් සිටිති. නදීකා ගබ්සා කිරීමට හෝ සංසර්ගයක යෙදී ඇත.
සංජීව සේනාරත්න
http://citizen360.news/tet-bhuumi
No comments:
Post a Comment