රාත්‍රිය උදා වීම යනු හිරු අවරට යාමක් පමණක් නොවේ. රාත්‍රිය යනු පිරිමින්ගේ ලෝකයේ අලුයම් කාලයයි. එයට ස්වයං වින්දනයේ යෙදිය හැකි ස්ත්‍රින්ටද සමරිසි තරණයන් ට ද ලිංගික සංකාන්ත්‍රිකයන්ටද තහනම් කලාපයකි. අප රාත්‍රිය අමු පිරිමින්ගෙන් බේරා ගතයුතුය. අමු පිරිමි යනු යෝනියට ලිංගය ඇතුලු කිරිම මෙලොව ඇති එකම පූජනීය ක්‍රියාව සේ තීරණය කරගෙන ඒය ක්‍රියාත්මක කරන අයයි. ඔවුන්ට අනෙක් අය පෙනෙන්නේ මෙලොව නොසිටිය යුතු තුරන් කර දැමිය යුතු අය ලෙසයි. ඔවුන්ට ස්ත්‍රීන්ගේ යෝනිය අවශ්‍යයි. එහෙයින් ඔවුන් ගැහැනුන් සවස හය වන විට නිවෙස්වලට ගාල් කරන සංස්කෘතික අණපනත් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ කුමකට දැයි මා ඔබට පැහැදිලි කළ යුතු නැත.
ගෙදරට වී කකුල් පළල් කරන ගැහැනුන් ශුද්ධය. එළියට මිතුරන් හමුවීමට පිරිමින් නොවන හෝ පිරිමින් වගේ නොවන අය ආවොතින් ඔවුන්ට පොලුවලින් ගසා මරා දමනු ඇත. දූෂණය කරනු ඇත. රාත්‍රියට එළි බසින ගැහැනිය ස්ත්‍රියක් නම් අමු පිරිමින්ට ඈ වේසියක් වන අතර, සංක්‍රන්තික ලිංගිකයෙකු නම් පිරිමින්ට අපහාස කරන අමනයෝ පිරිසකි. ඒ නිසා ඔවුන් අවස්ථාව ලද විට ඔවුන්ට මරණීය දණ්ඩනය පිරිනමනු ඇත. ලංකාවේ නීති හදන්නන් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් මෙම සංස්කෘතික අණපනත් ගැන දරන අදහස කුමක් දැයි මට නම් තවම පැහැදිලි නැත.
ගැහැනුනි අප රාත්‍රිය බේරා ගත යුතුය ඔවුන්ගෙන්. අප ශුද්ධත්වයේ අමන කැත වස්ත්‍රය හැර දමන්ට සූදානම් නැත්තේ ඇයි? කවුරු හෝ පිරිමියෙකුගේ අතේ එල්ලී අප ප්‍රර්ථනා කරන්නේ මොනවාද? දෙවියනේ ජීවිතය අහිමි වීම ඔවුන්ට නොපෙනෙන්නේ මන්ද?
රාත්‍රියට එළියට බසින්නට එපා. තොපිව අපි මරණවා. තොපි එක්කො අමු පිරිමි වෙයන්. නැත්නම් අමු ගැහැනු වෙයන්. මේ ඒ තර්ජනය නොවේද?
මෙයට පිළිතුරු දිය යුතු භාෂාව කුමක්ද? අපව බැඳ දමා ඇති සංස්කෘතික යදම් අප ආභරණයක් කොට තවත් සලකමුද? ටවුමක නිදහසේ රාත්‍රියේ සැරිසරන්නට නොහැකි මගේ ස්ත්‍රීත්වය කුමකටද?
නදිකා බණ්ඩාර
No comments:
Post a Comment