(ඇමසන් ගැහැනිය සහ හර්කියුලස්) ප්රොපර්සියා ඩි රෝසි :ක්‍රිව 1490-1530 |
“මුතු කරාඹුව පැළඳි යුවතිය
|
සොෆොනිස්බා -ඇන්ගියුසෝලා ( ක්‍රිව 1532-1625) විසින් සිතුවම් කරනු ලබන “ඇයව සහ ඇගේ මාස්ටර්ගේ පෙනී සිටීම” |
චිත්‍රපටය වර්මියර්ගේ “මුතු කරාඹුව පැලඳි යුවතිය”කෘතිය කියවීමට උත්සාහ දරා ඇත- ( 2006 දි ලන්දේසි ජාතිකයන් “මුතු කාරඹුව පැලඳි යුවතිය” චිත්‍රය ඔවුන්ගේ ලස්සණම සිතුවම ලෙස තෝර ගෙන ඇත- (මෙම සිතුවම විසි එක්වන සියවස වන විට විවිධ අර්ථකථන රාශියකට හිමිකම් කියන ලදි) ) චිත්‍රපටය චිත්‍රයේ නිරූපිත ස්ත්‍රියගේ හිස් පළඳනාව, ඇගේ වස්ත්‍රය, ඇයගේ මුතු කරාඹුව, ඇගේ මඳක් විවර වු මුව, ඇගේ බැල්ම යන මුලු සිතුවම වෘත්තන්තමය ආකාරයකින් අරුත් ගැන්විමට උත්සාහ දරා ඇත- මුලු චිත්‍රපටයම වෙහෙසෙන්නෙ චිත්‍රයට පෙනී සිටින නිරුපිකාවගේ ජිවිතයත් චිත්‍රශිල්පියාගේ ජිවිතයත් අතර ඇති පරතරය අත් කර ගැනීමටයි- චිත්‍රයෙහි ආධිපත්‍ය දරන මුතු කාරඹුව සමස්ත ස්ත්‍රිත්වයේ පොදු උරුමය ගැන දැවැන්ත සංඥාවක් නිරූපණය කරයි- එසේම පුරුෂ ආශාව කුමක්ද යන්නත් ඉතාම මැනවින් පැහැදිලි කරනු ලබන්නෙ චිත්‍රයට පෙනි සිටින ග්‍රිත් නැමති ස්ත්‍රියත් වර්මියර්ගේ බිරිඳ නැමති ස්ත්‍රියත් යන දෙදෙනාම එකම රේඛාවකට ගෙන එනු ලැබීමෙනි -
https://www.youtube.com/watch?v=8awflTA4QYE
https://www.youtube.com/watch?v=8awflTA4QYE
මහේෂ්ට අනුව ඇය ඇයට අහිමි මුතු කරාඹුව පැළඳ ගෙන සිටින නමුත් එම මුතු කරාඹුව ඇයට හිමි ඉතිහාසයේ පොදු කරාඹුවයි- එනම් ඇයට ද වර්මියර් ගේ බිරිඳට ද පොදු මුතු කරාඹුවයි- චිත්‍රපටය ආරම්භයේදී එම මුතු කරාඹුව වර්මියර්ගේ බිරිඳගේ මධ්‍යම පාන්තික උරුමය පිළිඹුල් කරනු ලබන වස්තුවක් වුවද චිත්‍රපටය අවසානයේදී එම මුතු කරාඹුව ග්‍රිත්ගේ ද වර්මියර්ගේ බිරිඳගේද පොදු දෛවය නිරූපණය කරනු ලබන ප්‍රබලතම රුපකය බවට පත් වෙයි- එනම් චිත්‍රටපය ආරම්භයේ සිටම එහි සිටින ගැහැනුන් කරමින් සිටින්නෙ එළවලු කපමින් ,වළ පිඟන් සෝදමින් ,අස්පස් කරමින්, රෙදි සෝදමින් සහ දරුවන් වදමින්ය- ග්‍රිත් රෙදි සෝදන විට ,චිත්‍ර ශිල්පියාගේ කාමරය අස්පස් කරන විට ,දුවිලි පිසදාන විට, එළිවලු කපන විට , තීන්ත මිශ්‍ර කරන විට වර්මියර්ගේ බිරිඳ ඔහුට දරුවන් ප්‍රසුත කරයි- එසේම වර්මියර්ගේ නිවසේ පැරණි මෙහෙකාරිය සමග මස් ගෙන ඒමට යන ග්‍රිත් අලුත් මස් පරික්ෂා කරන ජවනිකාව අතිශය සංකේතාත්මකය- එනම් ග්‍රිත් වර්මියගේ නිවසට යන අලුත් මාංශයයි- මහේෂ්ට අනුව ග්‍රිත් වර්මියගේ ආශාවේ වස්තුව බවට පත් වෙයි-ග්‍රිත් ඔහුට ඇලුම් කරන නමුත් ඇය සෑම අවස්ථාවකදිම වටහා ගනු ලබන්නෙ එහි නිරරථකභාවයයි- ඇය එහි ඇතුළට ගමන් කර එහි වැළලි යනවා වෙනුවට කරන්නේ එයින් පැන දිවීමයි- වර්මිය තුළ තමා නැති බව දකින සෑම විටම ඇය ඇයට ආලය ප්‍රකාශ කල පෙම්වතා හමුවිමට යයි- ඈ වර්මිය වෙතටත් ඈට පෙම් කරන බව වචනයෙන් ප්‍රකාශ කරන පෙම්වතා වෙතටත් වරින් වර දිව යන්නෙ තමා අයිත් කොතනටදැයි තෝරා ගත නොහැකිවය- වර්මියර්ගේ ආශාව චිත්‍ර කලාව මිසක අන් යමක් නොවෙයි- ඔහු තමාගේ සිතුවමට පාත්‍රවන ගැහැනිය , තමාට දරුවන් වදන ගැහැනිය ඔහුගේ ඒකි ආශාව කරා ගමන් කරන හිනිමගේ අධාරකයන් පමනය. චිත්‍රපටය එහි චිත්‍රයේ සිටින ස්ත්‍රියටත් චිත්‍රපටයේ සිටින අනෙකුත් ස්ත්‍රියටත් චිත්‍රපටය නරඹන ස්ත්‍රියටත් යෝජනා කරනු ලබන්නෙ පිරිමියා කිසිසේත්ම ඇයට ආශා නොකරන බවයි- ඔහුගේ ආශාව නිශ්චිත එකක් වන විට වස්තුකරණයකට තමාව ලක් කර ගන්නා ස්ත්‍රියකට තමාගේ ආශාව ප්‍රේහේලිකාවක් වන්නෙ එම නිසාය- වර්මියර්ගේ මව එම ගැහැනුන් පිරිමියාගේ ආශාවට අනුව මෙහෙය වීමට කරනු ලබය-ි එම චිත්‍රපටයේ ප්‍රබලම රූපකය වන්නෙ ග්‍රිත් හෝ වර්මියගේ බිරිඳ නොව මවගේ චරිතයයි - ඇය පුරුෂ මුලිකත්වයේ පවත්වාගෙන යන ඒජන්තවරියයි - වයස්ගත වීමත් සමග ග්‍රිත්ට ද වර්මියගේ බිරිඳටද එම ඒජන්තභාවය හිමිවනු ඇත- ලංකා බණ්ඩාරනායක වර්ජිනියා ගැන ලිවීමෙන් කරනු ලබන්නෙ මෙම ඒජන්තභාවයට අභියෝග කිරීමයි- ග්‍රිත්ව යකඩ ගැහැනියක් ලෙසට ඔසවා තබන මහේෂ් සිදු කරනු ලබන්නෙ එම එජන්තභාවය පවත්වාගෙන යෑමයි-
මෙම ස්ත්‍රීන් දෙදෙනාම චිත්‍රපටය අවසානයේ අනන්‍යතා අර්බුදයට ගමන් කරන විට වර්මිය අද දක්වාම කතා බවට ලක් කරනු ලබන චිත්‍රයක නිර්මාණකරුවා බවට පත් වීමෙන් තමා කවුද යන්න සමාජයට ඉතිරි කරයි- මෙම චිත්‍රපටය නරඹන සෑම ස්ත්‍රියක්ම තමා කවුද යන්න ,තමාගේ තත්වය කුමක්ද යන ගැටුම්කාරි වන විට මෙය නරඹමන සෑම පිරිමියෙක්ම තමා කවුද යන සමාජීය සංඥාව පැහැදිලි කර ගනියි- චිත්‍රයට පෙනි සිටි ගැහැනිය මෙන්ම වර්මියට දරුවන් වදන ගැහැනියද යන දෙනොම තමාගේ ක්‍රියාව ගැන දෙගෙඩියාවකට පත් වෙනු ලබයි -චිත්‍රපටය නරඹන්නිය ඉදිරියේ තබන්නෙ මෙම දෙගෙඩියාවයි- චිත්‍රපටයේ දී චිත්‍ර ශිලිපියාගේ බිරිඳට අයත් මුතු කරාඹුව පැලඳගෙන වර්මියර් ඉදිරියේ සිටගෙන සිටින ග්‍රිත් වර්මියර්ගේ නිවසට පැමිනිමට පෙර ඇය කොයි මගට හැරෙම්දැයි වැනි සංඥාවක් ගෙන එන රූප රාමුව චිත්‍රපටය අවසානයට ද ගෙන එනු ලබයි- නමුත් චිත්‍රපටය අවසාන වන විට සෑම පිරිමියෙක්ම වර්මිය බවට රූපාන්තරණය වනු ලබයි- ඉතින් එතකොට මහේෂ් වෙන මොනවා කරන්නද?
වර්මිය ඉදිරියේ කෙලින් වන මහේෂ් හපුගොඩ මෙසේ ලියයි -ග්‍රිත් උඹ යකඩ ගැහැනියක් ! එපමණක් නොව එය ලිවිමේ අරමුණ වන්නෙද ලංකීය චිත්‍ර ශිල්පින් දෙදෙනක් අතර ඇති වු මත ගැටුමට පිලිතුරත් නිර්මාණය කිරිමටයි- එහෙත් මහේෂ් තබා ඇත්තෙ ඉලක්කයක් නැති වෙඩිල්ලකි-
වර්මියගේ සිතුවම ඉදිරියේ පෙනි සිටින ස්ත්‍රියගේ ශ්‍රමය මෙන්ම වර්මියගේ කලා ශ්‍රමය ගැන මට ගෞරවයක් ඇත- එහෙත් ඔබේ උත්කර්ශය පලකට නැති යමකි- නිහතමානි කමක් ඇත් නම් ඇන්ගියුසෝලා සොපොනිස්බා, පර්පර්සියාද රෝසි ,එලිසබෙතා සිරානි ,ආර්ටිමිසියා ජෙන්ට්ල්ලෙච්චි ගැන සොයා බලන්න- ග්‍රිත් ලා ලා ඹ්නෑ තරම් සිටි යුගයක "වස්තුව" "විෂය" දක්වා මාරු කරනු ලැබුවේ ඔවුන්ය -(පුනරුදයේ ගැහැනු - නදිකා බණ්ඩාර) මෝනාලිසා ගැන උදම් අනන කලා ඉතිහාසය ඇන්ගියුසොලා ,රෝසි හෝ නෙල්ලි මග හරින පුරුෂ අශිෂ්ටත්වය නිසා ඔබේ උත්කර්ශය ගැන මම පුදුම නොවෙමි-
"මිට වඩා සජීව උදාහරණයක් වෙත ගියොත් අපිට හම්බ වෙන්නේ යොහෑනස් වමියර් ගේ මුතු කරාඹුව පැළඳි යුවතිය නම් කලා කෘතියේ අවකාශය ඇතුලේ ඉන්න වස්තුව වුන ග්‍රීත් :ප්‍රංශ උච්චාරණය*ග ග්‍රීත් ගේ ඒ බැල්මෙන් නම් ගැලවෙන්න කාටවත් ම බැරි වුණාග අන්තිමට ඒ බැල්මෙන් ගැලවෙන්න කෘතියේ අද්විතීය නිර්මාණකරු වෙච්ච වමියර්ටත් බැරි වුණාග ග්‍රීත්ටත් වමියර් ගේ අඳුරු පිරිමි ලෝකයේ බැල්මෙන් නිදහස් වෙන්න බැරි උණාග වමියර් ජීවත් උනෙත් කට්ට අදුරු කාමරයකග මේ දවස්වල චිත්‍ර අඳින දෙන්නෙක් පොඩි රණ්ඩුවක ඉන්න නිසා මට ඔවුන්ගෙන් මෙහෙම අහන්න හිතුණාග ඔයාල වමියර් ගේ තැන හිටියා නම් ඔයාල ග්‍රීත් ගේ තනි කණක් විදින වේදනාව - අඳුරු කාමරය - ඇයට හිමි නැති කරාඹුව - ඇයගේ ශරීරය උත්කෘෂ්ට කෘතියක් වෙත පූජා කිරීම නම් ස්ත්‍රියක් විදියට කරන කැපකිරීම - සහ ඇය ඔහුගේ ආශා වස්තුව වීම - යන දේවල් ඇතුලේ ඇයව විනිවිදිනවද නැත්නම් විනිවිදීම කැපකරලා ඇයව එතැනින් යවනවාද "
"ග්‍රිත් උඹ නං යකඩ කෙල්ලක් බං" - මහේෂ් හපුගොඩ
ලංකා බණ්ඩාරනායක වර්ජිනියා වුල්ෆ්ගේ තමන්ගේම කාමරයක් පිලිබඳව ලිපියක් ලියන විට මහේෂ් අඳුරු කාමරයක් සහ කන විඳිමේ වේදනාව ගැන කතා කරනවා- කණ විදීමේ වේදනාවට වඩා වේදනාවක් වර්මියගේ බිරිඳ ඔහුට දරුවා ප්‍රසුත කරන විට විඳිනවා - ග්‍රිත් මෙන්ම වර්මියගේ බිරිඳ කියන්නෙ කවුද? මායාකාරියන් ලෙස සලකමින් මිලියන් නමයකට අධික ප්‍රමාණයක් ගැහැනුන් වධ වේදනාවට ලක් කරමින් මරණයට පත් කළ ඉතිහාසය විසින් නිහඩ කරවන ලද ඇමසන් ගැහැනියයි- ඒ ඇමසන් ගැහැනිය ලොව පලමු මුර්ති ශිල්පිනයි ලෙස සලකන රෝසි විසින් නෙලා තිබෙනවා - හර්කියුලස්ගේ ලිංග දෙසට සිය අසිපත මෙහෙයවා සිටින ඇමසන් ගැහැනියත් ඇගේ හිසට පොල්ලකින් දමා ගසන්නට සැරසෙන හර්කියුලස් නිමවන රෝසිට (ක්‍රි-ව 1490- 1530) අප කියන්නෙ කුමක්ද? ග්‍රිත් පිටුපස හරවා සිටින්නෙ ඒකි වේදනාත්මක ඉතිහාසයටයි- එම ඉතිහාසය ඇගේ කණ විඳිමේ වේදනාවට වඩා අතිශය බිහිසුනු බව ඈ දන්නවා- මායාකාරියන් ලෙස මිලියන නමයක් ඝාතනය කර "හික්මවා නිමවන ලද ගැහැනියගේ" අඳුරු පරමාදර්ශ වික්ටෝරියන් ගැහැනිය ලෙස යටත් විජිත සමයේ අපට අනායන කරනු ලබනවා- මුලු සමාජයේම ආශාව ස්ත්‍රියව ආරක්ෂා කිරිමයි! ඊයේ පෙරේදා කංචුකා ධර්මසිරිගේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් ද සහභාගි කොටගෙන නිර්මාණය කළ “නොදුටු ඇස්” නාට්‍යයේ පුහුනු විම් වලට සහභාගි වන විට කාන්තා නේවාසිකාගරයන් වල වික්ටෝරියන් ගැහනුන් ගේ පර්මාදර්ශ රැගත් ශිෂ්‍යාවන් සමගද ඔවුන් පාලනය කරන නේවාසිකාගාර වල පාලිකාවන්ගේද අඳුර මුලු විශ්වවිද්‍යාලය පුරාවට වැටි තිබෙනු දුටු මට සිහිපත් වුයේ වසර ගණනාවකට පෙර මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක සිටි සමයේදි නේවාසිගාර පාලිකාව මගෙන් ඇසු පැනනයි- ඔයා ආරක්ෂාව තෝරා ගන්නවද නැත්නම් නාට්‍ය තේාරා ගන්නවා ? (මම නම් තෝරා ගත්තෙ නාට්‍ය, ඒ නිසා මට නේවාසිකාගාරය නැති වුනා) කංචුකාට සිදු වුයේ නාට්‍යයේ පුහුනුවිම් වලට වඩා මෙම වික්ටෝරියන් පරමාදර්ශ සමග ඔට්ටු විමටයි- ලංකා බණ්ඩාරනායක් වර්ජිනියාගේ “තමාගේ කාමරයක් ”ඇසුරින් නැවත ලිපියක් ලිවේමේ ආශාව කුමක්ද ? වර්මියර්ට තමාගේ කාමරයක් හිමියි- කාමරය යනු හුදෙක් හෞතික අවකාශයක් අර්ථ නොදැක්වෙන අතර එයින් අදහස් වන්නෙ ඉතිහාසයයි-
“ඇය කාව්‍ය තුළ පිටුවෙන් පිටුව සැරිසරුවද, ඉතිහාසය තුළ අපට හුමු වුයේ නැත- ප්‍රබන්ධය තුළ ඇය රජවරුන්ගේ සහ ජයග්‍රහකයන්ගේ ජීවිත වල ආධිපත්‍ය දරය-ි නමුත් ඇත්ත වශයෙන්ම දෙමවුපියන්ගේ බල කිරිමට ඇගේ අඟිල්ලලට මුද්දක් දැමු ඕනෑම කොල්ලෙකුගේ වහලෙකි- වඩාත් ආනුභාවසම්පන්න වචන ,වඩාත් ගැඹුරු සාහිත්‍යම සිතුවිලි ඇගේ තොල් වලින් වැටේ- නමුත් සැබෑ ජිවිතයේදී අකුරක්වත් කියවිමට අපහසු වු යාන්තමින් කතා කරගත හැකි වූ අතර මුලුමනින්ම ඇගේ සැමියාගේ දේපළ විය- එලෙස එකල ස්ත්‍රීන් යනු කවුරුන්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි ගැළපෙනම පිලිතුර ඇය නුගත් සහ දුප්පත් මනුෂ්‍යයෙක් කියාය- නුගත්කම සහ දුප්පත්කම එකල සිටි වඩාත්ම ධනවත් සහ වශවත් පෙළපත්වල ගැහැනුන්ගේ සිට පහළම සමාජ මට්ටමේ ගැහැනිය දක්වා පොදු සාධයක්ව පැවති බව අපි දනිමු"
(වර්ජිනියා වුල්ෆ්- පරිවර්තනය ලංකා බණ්ඩාරනායක- තමන්ගේම කාමරයක්)
ඉතින් ග්‍රිත් මෙන් වර්මියගේ බිරිඳ ගැනද වර්ජිනියා ලියා ඇත්තෙ එසේය- ඉතින් දුප්පත් සහ නුගත් ග්‍රිත් සහ වර්මියර්ගේ බිරිඳ---
මැරලින් මොන්රෝ මෙන්ම මාතාහාරිගේ ආත්මයන්ද දැන්වත් සාමදානේ සැතපේවා---
" මේ දවස්වල චිත්‍ර අඳින දෙන්නෙක් පොඩි රණ්ඩුවක ඉන්න නිසා මට ඔවුන්ගෙන් මෙහෙම අහන්න හිතුණා. ඔයාල වමියර් ගේ තැන හිටියා නම් ඔයාල ග්‍රීත් ගේ තනි කණක් විදින වේදනාව - අඳුරු කාමරය - ඇයට හිමි නැති කරාඹුව - ඇයගේ ශරීරය උත්කෘෂ්ට කෘතියක් වෙත පූජා කිරීම නම් ස්ත්‍රියක් විදියට කරන කැපකිරීම - සහ ඇය ඔහුගේ ආශා වස්තුව වීම - යන දේවල් ඇතුලේ ඇයව විනිවිදිනවද නැත්නම් විනිවිදීම කැපකරලා ඇයව එතැනින් යවනවා එතැනින් යවනවාද "
"ග්‍රිත් උඹ නං යකඩ කෙල්ලක් බං" - මහේෂ් හපුගොඩ
"මම හිතන්නෙ මේ පැනය අහන්නෙ සුජිත් ගෙන් සහ ප්‍රගීත්නේ? මට නම් මේක ඉලක්කයක් නැති වෙඩිල්ලක් විතරයි- මම දන්නෙ නෑ මේකට සුජිත්ට හෝ ප්‍රගීත්ට දෙන්ඩ උත්තරයක් තියෙනවාද කියලා? මම හිතන්නෙ ගරිල්ලා කෙල්ලො මේකට උත්තර දිලා තියෙනවා- පිරිමි ඇඳපු චිත්‍ර ඇතුළේ ඉන්න ගැහැනු තරම් චිත්‍ර ඇඳපු ගැහැනු කලාගාර ඇතුලේ නැත්තෙ ඇයි? මේකම වර්ජනියා සාහිත්‍ය නිර්මාණ පිලිබඳව මතු කරනවා
අවුරුද්දකට ලොකේ ගැහැනිය ගැන පොත් කීයක් ලියවෙනවා ඇද්ද? ගැහැනිය ගැන ලියවෙන පොත් වලින් කියක් පිරිමින් විසින් ලියනවා ඇද්ද ? "
අන්තිම භෝජන සංග්‍රහය -ප්ලුට්ලා නෙල්ලි ක්‍රි’ව 1524-1588 ප්ලුටිලා නෙල්ලි සොයා ගැනීම ඉතිහාසය නැවත ශිෂ්ට කිරීමක් –රොසෙල්ලා ලැරි පුනරුදයේ (ගැහැනු – පිටු අංක 28) |
අදටත් අප පෙළපොත් වල උගන්වන්නෙ ඩාවින්චි ගැනය’ -මෝනා ලීසා ගැනය’- තවමත් ගැහැනුන්ට මෝනාලීසා වන්නටත්, පිරිමිින්ට ඩාවින්චි වීමටත් උගන්වමින් සිටීම ගැන ලැජ්ජාවක් කාටවත් නැත-
නදීකා බණ්ඩාර
-